අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියානු ශ්‍රී ලංකා ජාවාරම් මඩින්න දෙරට නාවික ප්‍රධානීන් සාකච්ඡා

by editor
සැප්තැම්බර් 30, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

ඉන්දීය ධීවරයින් උතුරු මුහුද බලහත්කාරයෙන් ආක්‍රමණය කිරීම හා දෙරට අතර සිදුවන මත්ද්‍රව්‍ය ඇතුලු තහනම් භාණ්ඩ ජාවාරම හා ප්‍රවාහනය නතර කිරීම සඳහා සෑම ක්‍රියාමාර්ගයක්ම ගැනීමට ඉන්දීය හා ශ්‍රී ලංකා නාවික හමුදා ප්‍රධානීන් අතර පැවති සාකච්ඡාවේදී ඊයේ (29) දා තීරණය කොට තිබේ. 

ඉන්දීය නාවික හමුදාව හා ශ්‍රී ලංකා නාවික හමුදාව මේ සාකච්ඡාව නිරන්තරයෙන්ම පවත්වන අතර මෙවර 31 වෙනි වරට එම සාකච්ඡාව පවත්වන ලද්දේ මාර්ගගත තාක්ෂණික ක්‍රමයන් ඔස්සේය.

ශ්‍රී ලංකා නාවික හමුදා නියෝජිත පිරිස උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ ප්‍රධානත්වයෙන් සහභාගී වූ අතර, ඉන්දීය නාවික හමුදා නියෝජිත පිරිස තමිල්නාඩු සහ පුඩුචෙරි නාවික ප්‍රදේශයේ ධජ නිලධාරී රියර් අද්මිරාල් පුනීත් චාදාගේ  ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

මෙම රැස්වීමේ දී ඉන්දීය පාර්ශවය මඟින් ඉන්දීය මුහුදු කළාපය ඔස්සේ සිදුවන ජාවාරම් මැඩපැවැත්වීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග, ඉන්දීය මුහුදු කළාපයට මෙරට ධීවරයින් ඇතුළු වීම වැළැක්වීම සම්බන්ධ ක්‍රියාමාර්ග සහ මෙරට මුහුදු සීමාව වෙත ඉන්දීය ධීවර යාත්‍රා ඇතුළුවීම වැළැක්වීම සඳහා එරට ධීවර ප්‍රජාව දැනුවත් කිරීම සඳහා ගන්නා ක්‍රියාමර්ග ආදිය පිළිබඳ අදහස් හුවමාරු කර ගන්නා ලදී.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙහිදී ශ්‍රී ලංකා පාර්ශවය විසින් මෙරට මුහුදු සීමාව වෙත ඉන්දීය ධීවර යාත්‍රා ඇතුළුවීම වැළැක්වීම සඳහා දෙපාර්ශවය විසින් ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙන්ම ඉන්දීය ධීවරයින් විසින් ශ්‍රී ලාංකික ධීවරයින් වෙත පහරදීම සහ ධීවර ආම්පන්න විනාශ කිරීම සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග ආදී කරුණු පිළිබඳව මෙම රැස්වීමේදී වැඩි අවධානයක් යොමු කරන ලදී. 

එමෙන්ම, මෙරට මුහුදු කළාපය වෙත මත්ද්‍රව්‍ය සහ තහනම් භාණ්ඩ ප්‍රවාහනය සඳහා ජාවාරම් කරුවන් විසින් ඉන්දීය සහ මෙරට ධීවර යාත්‍රා භාවිතා කිරීම වැළැක්වීම සම්න්ධයෙන්ද මෙහිදී ශ්‍රී ලංකා පාර්ශවය විසින් ඉන්දියානු පාර්ශවය සමඟ අදහස් හුවමාරු කරගැනීමට කටයුතු කෙරිණි.

තවද, දෙරටේ මුහුදු සීමාව උල්ලංඝණය කරමින් සිදුවන නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම උදෙසා දෙපාර්ශවය විසින් දේශ සීමා මුර සංචාර වැඩි කිරීම ‍සහ නීති විරෝධී කටයුතු සම්බන්ධයෙන් ලැබෙන තොරතුරු කඩිනමින් දෙපාර්ශවය අතර හුවමාරු කරගැනීමේ ක්‍රමවේද ශක්තිමත් කිරීම සම්බන්ධයෙන්ද මෙම රැස්වීමේදී අදහස් හුවමාරු කර ගන්නා ලදී.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව මාර්ගගත ක්‍රමයට පවත්වන ලද මෙම රැස්වීම සඳහා අධ්‍යක්‍ෂ නාවික මෙහෙයුම් කොමදෝරු නිශාන්ත පීරිස්, ශ්‍රීලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්මේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල්, කොමදෝරු ජානක නිශ්ශංක ඇතුළු ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කළත් පළාත් සංචරණ සීමා ඉවත් වෙන්නෙ නෑ…

Next Post

පුවත්පත් කතුවරු සීඅයිඩීයට ගෙන්වීම වෙනදා නොවූ දෙයක් – කළේ කවුදැයි පොලිස්පති නියමයෙන් විමර්ශනයක්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.