විමර්ශනයකට අදාළව ප්‍රකාශ ලබා ගැනීම සඳහා විවිධ මාධ්‍ය ආයතන කිහිපයක කතෘවරුන් ඇතුළු මාධ්‍යවේදීන් කිහිපදෙනෙකුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණීමට දැන්වීම මගින්, එම දෙපාර්තමේන්තුවේ වෘත්තීමයභාවයට කැළලක් වන අන්දමින් වගකීම් විරහිතව නොසැළකිලිමත් ලෙස කටයුතු කර ඇති එහි නිලධාරීන් සම්බන්ධයෙන් පොලිස්පති නියමයෙන් මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.
මෙම තත්ත්වය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය කාර්ය පටිපාටිය නොවන බවත් එම නිවේදනයේ දැක්වේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන සඳහා යම් මාධ්‍යයක සභාය ඉල්ලා සිටි අවස්ථා වල දී එම මාධ්‍ය ආයතන විසින් සහාය ලබා දෙන බැවින් පුචත්පත් කතෘවරුන් එම දෙපාර්තමේන්තුව වෙන කැඳවීම සාමානායෙන් සිදුනොවන බව පොලිස් මූලස්ථානය පෙන්වා දෙයි.
වාර්තා වී ඇති එම සිදුවීමේ දී අපහසුතාවයට පත් චූ පුවත්පත් කතෘවරුන් ඇතුළු මාධ්‍යවේදීන් වෙත කණගාටුව පළ කරන බව ද පොලිස් මූලස්ථානය කියාසිටී.
මාධ්‍යවේදීන් ද ඇතුළුව මහජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිනියට ශ්‍රී ලංකා පොලිසිය සෑම විටම ගරු කරන බව එමගින් අවධාරණය කර ඇත.