සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉදිරි දෙසතිය තුළ සෑම සහල් කිලෝවක්ම රුපියල් 25 -50 මිලකින් වැඩි වෙනවා…  සහල්  නිශ්පාදකයෝ අනතුරු අඟවති!

by editor
ඔක්තෝබර් 17, 2021
in පුවත්, ව්‍යාපාර
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

  • පාරිභෝගික ආරක්ෂණ පනත සංශෝධනය කළා නම් නීතිය ක්‍රියාත්මක කළ යුතුයි… අන්තිමට පාලන මිලත් අයින් කරගත්තා…
  • වෙළෙන්දො හිතූ ගණන්වලට හාල් විකුණනවා. චන්දෙට සල්ලි වියදම් කළ මෝල් හිමියන්ට හම්බ කරගන්න ආණ්ඩුව ඉඩ දීලා තියනවා.. කට්ටිය බලාගෙන ඉන්නවා….
  • පාරිභෝගික අධිකාරියේ සභාපති තුමනි… හමුදාවෙ ගෞරවය ආරක්ෂා කරගෙන ගෙදර යන්න…

ඉදිරි දෙසතිය තුළ අනිවාර්යෙන්ම සෑම සහල් කිලෝවක් සඳහාම   රුපියල් 25 ත් 50 ත් අතර මිලකින් ඉහළ යෑමට නියමිත  බවත්, රජය වහාම සහල් සඳහා උපරිම සිල්ලර මිල ගැසට් කළ යුතු බවත් ලංකා සහල්  නිෂ්පාදකයින්ගේ සංගමය අද සවස 3:00  ට පොළොන්නරුව සේවාගම ප්‍රදේශයේ දී කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවක දී අනාවරණය කළේය.

ලංකා සහල්   නිෂ්පාදකයින්ගේ සංගමයේ  සභාපති සුරාජ් ජයවික්‍රම එහි ලේකම් මුදිත් පෙරේරා   විසින් සාකච්ඡාව කැඳවා තිබිණි.

මෙහිදී එම  සංගමය වැඩිදුරටත් සඳහන් කළේ වර්තමානයේ  පවතින පොහොර  අර්බුදය හමුවේ ඉදිරි මහ කන්නයේ වී තොග වෙළඳපොළට පැමිණීම් 50% කින් පහල බසින බවය.

,මෙම තත්ත්වය මත රට තුළ සහල්  හිඟයක් පැන නගින බවත් මේ තත්වය මත   ඉදිරියේ දී    සෑම සහල් කිලෝවකම පාරිභෝගිකයාට දරාගගත නොහැකි අන්දමින් ඉහළ යනු ඇති බවද ලංකා සහල්  නිෂ්පාදකයින්ගේ සංගමය පෙන්වා දුන්නේය.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලංකා   සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සුරාජ් ජයවික්‍රම මෙසේ කීවේය.

Suraj-Jayawicrama

“මේ වන විට  මහා පරිමාණ සහල් මෝල් හිමියන් වැඩි වැඩි මිලට ගනිමින් සිටිනවා. ඒත් සමගම සහල් මිල ද දිනෙන් දින ඉහළ  යමින් පවතිනවා. අද වෙන් විට ආණ්ඩුව සහල් පාලන මිලෙන්   ඉවත්වෙලා සති දෙකක් වෙනවා. මේ අතර කාලය තුළ පමණක් සෑම සහල් කිලෝවක් රුම රුපියල් දහයක් පහළොවක් අතර ඉහළ ගිහිල්ලා තිබෙනවා.

දැන් දිනෙන් දින සහල්   පාරිභෝගිකයෝ දැඩි අසීරුතාවට මුහුණ පාමින් සිටිනවා. පොළොන්නරුවේ   මහා පරිමාණ සහල් නිෂ්පාදකයින් ප්‍රකාශ කළා සහල් පැකට්ටුවල තිබෙන මිලට වඩා වැඩිය දීලා සහල් ගන්න එපා කියලා. නමුත් දැන් වෙළඳපොලේ හාල්   හිතු හිතූ මිලට අලෙවි  වෙන්වා. මේකේ වගකීම් ගන්නේ  කවුද?. රජය ද?.

මෙහිදී මාධ්‍යයට අදහස් දැක්වූ  ලංකා සහල්  නිෂ්පාදකයායන්ගේ සංගමයේ ලේකම් මුදිත්  පෙරේරා මෙසේ කීවේය.

“මේ රජය  බලයට පත් පත් කිරීම සඳහා, මහා පරිමාණ මෝල් හිමියන් දැවැන්ත ධනයක් වියදම් කළා. එම වියදමට   කළගුණ සලකනු වස් අද මෙම ආණ්ඩුව එම මහා පරිමාණ මෝල් හිමියන්ට තමන්ට ඕන මිලකට හාල්  විකුණගන්න කියා පැත්තකට වී බලා ඉන්නවා.

අපි ආණ්ඩුවට කියන්නේ රටේ බත් කන මිලියන විසි දෙකක්වන ජනතාව ගැන මීට වඩා හිතන්න  කියලා. ගජ මිතුරන්ට   සැලකීමෙන් අයින් වෙන්න. දැන් ඔය ඇති.

අපි දැක්කා ආණ්ඩුව බොහොම හදිස්සියේ පාරිභෝගික ආරක්ෂණ පනත සංශෝධනය කළා. දඩය රුපියල් ලක්ෂයක් කළා.  දැන් බලන් ඉන්නවා  ක්‍රියාත්මක කරන්න බැරි නීතියක් මොකටද සම්මත කර ගත්තේ. පාරිභෝගික  අධිකාරියේ සභාපතිතුමාට කියන්නේ යුද හමුදාවේ ගෞරවය ආරක්ෂා කරමින් සභාපතිකම දාලා  ගෙදර යන්න කියලා.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මේ ජනාධිපතිවරයා සහ ඔහුගේ ආණ්ඩුව පුදුම සහගතයි!.. අගරදගුරු හිමිපානෝ විදෙස්ගත ලාංකිකයන්ට කියති!

Next Post

කෘෂිකර්ම ඇමති මහින්දානන්දට එරෙහිව විශ්වාස භංගයක්!

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.