දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඉදිරි තෙදින තුළ තද වැසි සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල තද සුළං බව ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
දිවයින ආශ්‍රිතව පවතින සුළං අභිසාරී කලාපයේ බලපෑම හේතුවෙන් මේ තත්වය ඇති වන බව ද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
එම නිවේදනයට අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද (7) දිනයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මිලි මීටර 100 ට වැඩි තද වැසි ඇතිවේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මිලි මීටර 75 ට වැඩි තරමක තද වැසි හටගනී.
ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි එම දෙපාර්තමේන්තුව පවසයි.







