උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු වෙනුවෙන් හැකි ඉක්මනින් මැදිහත්වන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයෙන් යළිත් ඉල්ලා සිටී.
විශ්වවිද්‍යාල දේශන යළි ආරම්භ කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළ කරන අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය සමඟ පසුගිය මාස එක හමාර තුළ සාකච්ඡා වට කීපයක් පවත්වා එම සංගමය විසින් ඉදිරිපත් කරන ලද ගැටලු කීපයකට විසඳුම් ලබා දුන් බවය.
විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයට තවදුරටත් යම් ගැටලු සාකච්ඡා කිරීමට අවශ්‍ය නම් ඉදිරි ඕනෑ ම දිනක ඊට සූදානම් බව ද අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දැනුම් දී ඇත.







