ඇස්ට්‍රාසෙනිකා එන්නත් මත්‍රා ලක්ෂ 10ක් ඉදිරි දින කීපය තුළ එක්සත් රාජධානියෙන් ලංකාවට ලැබීමට නියමිත බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.
මෙම එන්නත් මාත්‍රා ප්‍රමාණය ලබා ගත හැකි වූයේ රජය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් විවිධ රාජ්‍යයන් සමග පැවැත්වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙසින් බව ද එම ප්‍රකාශකයා කීවේය.
එහෙන්ම ඉදිරි සති කීපය තුළ චීන සයිනොෆාම්, රුසියානු ස්පුට්නික් හා බ්‍රිතාන්‍යයේ ෆයිසර් එන්නත් මාත්‍රා විශාල ප්‍රමාණයක් ලැබෙන්නට නියමිත බවත් ඔහු පෙන්වා දුන්නේය.