අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“ඇවන්ට්ගාඩ්ලා අන්තවාදීන්ට අවිපුහුණුව දුන්නාදැයි සොයන්න”  

චම්පික කොමිසමට කියයි

by Lanka Sara Editor
ජූලි 6, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

• ආණ්ඩුව නිරෝධායන නීති පදනම් කරගෙන මර්ධනය කරන්නෙ විපක්ෂය විතරයි
• මහින්ද රාජපක්ෂම පිළිගත්ත අන්තවාදී පිරිස්වලට තමන්ගේ රජය පඩි ගෙව්ව බව
• අන්තවාදී ත්‍රස්තවාදීන් සමඟ ඇතැම් දේශපාලන බලවේග සහ ව්‍යාපාරික බලවේග කටයුතු කරල තියෙනවා
• මැතිවරණ උණුසුම නිසා කෝවිඩ් වසංගතය යටපත්වෙලා

පසුගිය රාජපක්ෂ යුගයේදී ඇවන්ට්ලාඩ් ආයතනය විදේශීය නාවුක ආරක්ෂකයින්ට අවි පුහුණුව ලබා දී ඇති බව වාර්තා වන අතර ඒ පුහුණුව ලබා ගත් අය අතර ඉස්ලාමික අන්තවාදීන්ද සිටියේද නැත්ද යන්න පිළිබඳව විමර්ශණය කරන ලෙස තමන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ෂණය කෙරෙන ජනාධිපති කොමිසමෙන් ඉල්ලා සිටි බව හිටපු අමාත්‍ය සහ ජාතික සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මහමැතිවරණ අපේක්ෂක පාඨලී චම්පික රණවක මහතා අද ප්‍රකාශ කළේය.

මෙම කොමිසම ඉදිරියේ ප්‍රකාශයක් ලබා දෙන ලෙස හිටපු අමාක්‍යවරයාට දන්වා තිබූ අතර අද පෙරවරුවේ ඔහු එහි පැමිණ සාක්ෂිය ලබා දී නික්ම යන මොහොතේ මාධ්‍ය අමතමින් මේ බව සඳහන් කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ පාඨලී දම්පික රණවක මහතා “  මම විශේෂයෙන්ම අවධාරණය කළා, මෙවැනි ත්‍රස්ත ප්‍රහාරයක් මුස්ලිම් අන්තවාදීන් අතර ක්‍රියාත්මක වෙන බවට තොරතුරු බොහොම පැහැදිළිව කාලාන්තරයක් තිස්සේ ආරක්ෂක අංශවලට ලැබී තිබුණ බව. ඒ වගේම මහින්ද රාජපක්ෂ මහතා 2019 පස්වෙනි මාසෙ පේරාදෙණියේ රාජෝපවනාරාමයට ගිය වෙලාවේ එහි ප්‍රධාන ස්වාමීන් වහන්සේ වන කැප්පෙටියාගොඩ සිරිවිමල නායක ස්වාමිපාදයන් වහන්සේට කරන ප්‍රකාශයක් පිළිබඳවත්. එතෙන්දි එතුමා පිළිඅරගෙන තිබුණා මේ අන්තවාදී පිරිස්වලට රජයේ බුද්ධි අංශ විසින් පඩි ගෙව්ව, තොරතුරු ලබාගත්තා, ඒවට ඇතුල්වෙලා කටයුතු කළා කියල. එහෙම තත්ත්වයක් තිබුණ නම් ඒ කවර පුද්ගලයින්ට ද? මේ අන්තවාදී, මූලධර්මවාදී ඉස්ලාමීය පිරිස්වල කවර පුද්ගලයින්ට ද ඒ මුදල් ගෙව්වෙ ? කවර පුද්ගලයින්ගෙන් ද තොරතුරු ගත්තේ ? ඒ අයගෙන් මේ තොරතුරු ලැබුණෙ නැද්ද , එහෙමත් නැත්නම් ඒ අය මේ ත්‍රස්තවාදී ප්‍රහාරවලට සම්බන්ධ ද නැද්ද ? කියන එක පිළිබඳවත් විශේෂ විමර්ශනයක් අරඹන හැටියට මම එහිදී ඉල්ලා සිටියා.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

 

ඒ වගේම අපිට වාර්තා වෙලා තිබුණා විශේෂයෙන්ම රාජපක්ෂ යුගයේ වකවානු ගණනාවක ඇවන්ගාර්ඩ් ආයතනය විදේශීය නාවුක ආරක්ෂකයින්ට සන්නද්ධ පුහුණුව ලංකාවෙදි ලබාදෙන ක්‍රියාවලියක්. මෙවැනි ඉස්ලාමීය අන්තවාදීන් ඇවන්ගාර්ඩ් ආයතනයේ පුහුණුව ලබාගත්ත ද ඒ අය මේවට සම්බන්ධද කියන එක පිළිබඳවත් විශේෂ විමර්ශනයක් කරන ලෙස මම කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටියා.

මම මේ රටේ ජනතාවට කියන්නේ ප්‍රධාන වශයෙන්ම මේ අන්තවාදී ත්‍රස්තවාදීන් සමඟ යම් යම් දේශපාලන බලවේග, යම් යම් ව්‍යාපාරික බලවේග ක්‍රියාකරල තියෙනවා, පටු දේශපාලනික ක්‍රියාවලියෙන් ඔබ්බට ගිහිල්ල ඒ සියලු දෙනා සම්බන්ධයෙන් මේ කොමිෂන් සභාව සොයල බලල ඒ සියලු දෙනාම හෙළිදරව් කරන්න කටයුතු කරන්න ඕන.

මගේ අල් ජිහාඩ් අල් කයිදා කියන කෘතිය නිකුත් වුණේ 2003 වසරේ. එහි සඳහන් වෙලා තිබුණෙ විශේෂයෙන්ම අර ඔලුවිල් වල ඒ වකවානුවේ පැවතිච්ඡ සාම සාකච්ඡා කාලේ අග්නිදිග කලාපයේ වෙනම රාජ්‍ය්‍යක් පිහිටුවීමට ඇතැම් මුස්ලිම්වරු ක්‍රියාකිරීම පිළිබඳවත් එහි ඓතිහාසික  තත්ත්වය මොකක් ද, අනාගත තත්ත්වය මොකක්ද කියන කාරණායි. මම ආරක්ෂක මණ්ඩල සාමාජිකයෙක් නෙවෙයි. නමුත් මේ ක්‍රියාවලිය පිළිබඳව රාජපක්ෂ යුගයේ සිටන් ම එනවා. යහපාලන කාලෙ ඉඳන් එක එකක් නෙවෙයි.

මහින්ද රාජපක්ෂ මහත්තයම පිළිඅරගෙන තියෙනව ඒ වකවානුවේ මේ අන්තවාදී පිරිස් වලට ඇතුල් වුණා ආරක්ෂක අංශවල බුද්ධි අංශ. ඔවුන්ට පඩි ගෙව්වය කියල. ඒව ඒ අය විසින් විමර්ශනය කරන්න ඕන.

යහපාලන යුගයේ වුවත්, රාජපක්ෂ යුගයේ වුවත්, මේ වර්තමාන කාලෙ වුණත් සිදුවුණු දේවල් පිළිබඳව. බුද්ධි අංශ, බුද්ධි අංශ කියල එගොල්ලන්ව කිසිම ආකාරයක නියාමනයන්ට ලක්විය යුතු නෑ. මොකද ඒගොල්ලො කරන දේවල්වලින් සමහරවිට රටේ ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් දේශපාලන බලපෑම නිසා. ඒ නිසා ඒ පිළිබඳව විමර්ශනයක් කරන්න ඕන කියල මම ඉල්ලීමක් කළා.

තව සතියක් දෙකක් යනකොට කෝවිඩ් වසංගත තත්ත්වයක් එක්ක පවතින සෞඛ්‍ය නියාමනයන් එක්ක කටයුතු කරයි කියල මම හිතනවා. ඒක සෞඛ්‍ය බලධාරීන්ගෙත් වගකීම. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට හා මැතිවරණ කොමිසමට, මැතිවරණය පැවැත්වීම සඳහා නීතිමය කටයුතු හරියට සිද්ධවෙලා නැහැ කියල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු චෝදනා කරනවා. ඒවාට වහාම පිළියම් යොදල නීතිමය තත්ත්වය, නිරෝධායන තත්ත්වය යටතේ මැතිවරණය පැවැත්වීමට ලබාදෙන්න ඕන කියල.

ඒ වගේම අපි බොහොම පැහැදිළිව කියනවා අද මේ ආණ්ඩුව නිරෝධායන නීති පදනම් කරගෙන මර්ධනය කරන්නෙ විපක්ෂය විතරයි. කවුරුහරි පෝස්ටරයක් ගැහුවොත් ඒක ඉරනව. නමුත් අද පේනවා ඔබලාට කොළඹ නගරයේ මහින්ද රාජපක්ෂ මහත්තයගේ පෝස්ටර් දිදුලනව. ඒවා පොලීසියට පේන්නෙ නෑ. පොලීසියට මැතිවරණ කොමිසම නියෝගයක් දුන්නත් ඒව කරන්නෙ නෑ, ඒ අයගෙ කාර්යාල, ඒ වගේම පෝස්ටර් කටවුට් ප්‍රදර්ශනය කිරීම සඳහා අවස්ථාවක් මේ නිරෝධායනයට මුවා වෙලා ලබාදීල තියෙනවා. ඒ ගැන අපේ බලවත් විරෝධය පළ කරනවා.

නිරෝධායනයක් රටේ අවශ්‍යයි.  රටේ වසංගත තත්ත්වයක් තියෙනවා, මැතිවරණ උණුසුම නිසා ඒක යටපත්වෙලා තිබුණත් තාමත් රෝගීන් හමුවෙනවා. ඒ නිසා නිරෝධායන නීති රීති වලට අනුකූලව පවත්වන්න ඕන. ඒ සඳහා අවශ්‍ය නීති රීති සම්පාදනයට සෞඛ්‍ය බලධාරීන් මැතිවරණ කොමිසමට උදව් කරන්න ඕන. නැත්නම් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මේක මගහැරියොත් මේ තත්ත්වය තවත් උග්‍ර විය හැකි බවද හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කර සිටියේය

Tags: නවතම
Share93Tweet43
Previous Post

කොවිඩ් වෛරසයෙන් බේරෙන්න රන් මාස්ක් එකක් පැළඳි මිනිසෙක්

Next Post

කොරෝනාවෙන් බැට කෑ හෝටල් ඇතුළු සංචාරක අංශයේ සේවකයන්ට වැටුප් ගෙවන වැඩපිළිවෙළක් 

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.