කීර්ති ප්‍රනාන්දු –
ඇල්ල නගරයේ සංචාරක හෝටලයක ඉහළ මාලයෙන් ඇද වැටී අද (20) අලුයම චෙක් ජාතිකයෙක් මරණයට පත් වී තිබේ.
ඇල්ල “වන් ලව්“ නැමැති සංචාරක හෝටලයෙන් ඇද වැටී අද අලුයම 1ට පමණ මෙසේ මියගොස් ඇත්තේ චෙක් ජාතික 28 හැවිරිදි තරුණයෙකි.
ඇදවැටීමෙන් බරපතල තුවාල ලද තරුණයා දෙමෝදර රෝහල වෙත ඇතුළත් කරනවිටත් මියගොස් සිටි බව ඇල්ල පොලිසිය පවසයි.
මූලික පරීක්ෂණවල දී මෙම තරුණයා ලිස්සා වැටී ඇති බවට තොරතුරු අනාවරණය වන බව වාර්තා වේ. පශ්චාත් මරණ පරීක්ෂණය අද සවස පැවැත්වීමට නියමිතය.







