ලලිත් චාමින්ද –
ඇල්පිටිය ප්‍රාදේශිය සභාව සදහා තැපැල් ඡන්ද භාවිතා කිරිමට සුදුසුකම් ලැබු රාජ්‍ය සේවකයින්ගෙන් සියයට 95කට වඩා වැඩි නිලධාරින් පිරිසක් තැපැල් ඡන්දය භාවිතාකොට ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ. ධර්මසිරි මහතා පවසයි.
ඇල්පිටිය ප්‍රාදේශිය සභාව සදහා රාජ්‍ය සේවකයින් 1576 දෙනෙකු තැපැල් ඡන්ද ඉල්ලුම්කොට තිබු බවද දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේය.
ඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්දය පැවැත්විම සදහා සියලු කටයුතු මේ වනවිට සුදානම්කොට ඇති බව සඳහන් කළ දිස්ත්‍රික් ලේකම්වරයා හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් ඒ සඳහා මුහුණදිමට අවශ්‍ය කටයුතු සැලසුම්කොට ඇති බවද පවසයි.
ඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්ද විමසිම සදහා රාජ්‍ය නිලධාරින් 600 දෙනෙකු සහ ආරක්ෂක කටයුතු සදහා පොලිස් නිලධාරින් 500 දෙනෙකු යෙදවිමට සැලසුම්කොට ඇති බව සදහන් කළ දිස්ත්‍රික් ලේකම්වරයා ඡන්ද පෙට්ටි නිකුත් කිරිම 25 වැනිදින පෙරවරුවේ දි සිදුකරණ බවද පවසයි.
ඡන්ද ගණන් කිරිම ඡන්ද මධ්‍යස්ථානය තුළදිම සිදුකරණ බවත් ඡන්ද ප්‍රථිපලය රාත්‍රි 10.00 පමණ වනවිට නිකුත් කිරිමට හැකි බවද හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය. ඇල්පිටිය ප්‍රා දේශිය සභාව සදහා ඡන්දවිමසිම මෙම මස 26 වැනිදින පැවැත්විමට නියමිතව ඇත.







