ප්‍රවීන සිනමා නිලි මාලනී ෆොන්සේකා මේ වනවිට ඉතාම සුවයෙන් පසුවන බව ඇයගේ ඥාති දියණියකවන සමනලී ෆොන්සේකා ඇය සමග ලබා ගත් ඡායා රූපයක් ද සමග සිය ෆේස් බුක් ගිනුමේ පළ කර තිබේ.
“මම ඇහුවා නැන්දගෙන් මේ පිංතූරෙට දාන්න caption එකක් කියන්න කියලා. “mission completed කියලා දාන්න ශා…” කියලා කිව්වා. ඉතින් ලොකු නැන්දා සනීපෙන්. නැන්දට සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරපු, උදව් කරපු හැම ආදරණීය කෙනෙක්ටම ස්තූතියි!” ඇය සටහන් කර ඇත.
මාලනියට නිවන් සුව පතමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පසුගිය දිනය පුරා ව්‍යාජ පලකිරීම් ගණනාවක් සිදු වී තිබිණි.







