බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමතිකමෙන් අස්වුණු ලොහාන් රත්වත්ත ගැන බී.බී.සී. ය කියූ කතාව

by editor
සැප්තැම්බර් 15, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

බී.බී.සී. –

“රජය අපහසුතාවයට පත් වෙන නිසා ඉල්ලා අස් වුණා. නැතිව කවුරුවත් මාව අස් කලේ නෑ,” බන්ධනාගාර කළමණාකරන හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු පිළිබඳ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ බීබීසී සිංහල සේවය කළ විමසීමේදී දැක්වූ ප්‍රතිචාරයයි ඒ.

වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර පරිශ්‍රයන් හිදී හටගත් සිද්ධීන්ට අදාළව වගකීම භාර ගනිමින් ලොහාන් රත්වත්තේ එම රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි ජනාධිපති කාර්යාලය නිවේදනය කළේය.

එම නිවේදනය නිකුත් කෙරුණේ, අදාළ රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා නිර්දේශ ඉල්ලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත අද (සැප්. 15) ලිපියක් යැවූ බව දක්වමින් ලොහාන් රත්වත්තේ සිය ෆේස්බුක් ගිණුමෙහි එම ලිපිය පළකිරීමෙන් අනතුරුවය

වගකීම භාර අරන් ඉවත් වුනා…

ඔහු එම ලිපියෙන්, “මේ වන විට අමාත්‍යංශය පිළිබඳව මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වන කරුණු කරණා හමුවේ රජය අපහසුතාවයට පත් නොවීමේ අරමුණින් මගේ ස්වකැමැත්තෙන් 2021.09.15 වන දින එනම් අද දින සිට බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා ඔබ තුමාගේ නිර්දේශය ඉතාමත් ගෞරවයෙන් අපේක්ෂා කරමි.” යැයි ඉල්ලා තිබිණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර පරිශ්‍රයන්හි තමා වෙතින් සිදුවූ සිද්ධීන්වලට අදාළ වගකීම් භාරගනිමින් ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවය.

“ඒ මහතා අද (15) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත ඒ බව දැනුම් දුන් අතර ජනාධිපතිතුමා විසින් එම ඉල්ලා අස්වීම පිළිගනු ලැබීය,” යනුවෙන් ජනතිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

අගමැති තුමා ඉතාලියෙ ඉඳන් කතා කරලා අයින් වෙන්න කිවුවා…

මේ අතර අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරියකු බීබීසී සිංහල වෙත පැවසුවේ අග්‍රාමාත්‍යවරයා ඉතාලියේ සිට දුරකතයෙන් අමතා අමාත්‍ය ලොහාන් රත්වත්තේ ට ඉල්ලා අස්වන ලෙසට දැනුම් දුන් බවය.

සිරකරු දිනය යෙදුණු සැප්තැම්බර් 12 වැනිදා පස්වරුවේ අනුරාධපුර බන්ධනාගාරයට පැමිණි රාජ්‍ය ඇමැතිවරයෙක් පිස්තෝලය පෙන්වා සිරකරුවන් දණගස්වා ඇති සිද්ධියක් පිළිබඳව ද්‍රවිඩ ජාතික මජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජන් පොන්නම්බලම් තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අනාවරණය කර තිබුණි.

රාජ්‍ය ඇමැතිවරයා විශේෂ ගණයේ සිරකරුවන් රඳවා සිටින විශේෂ සිර මැදිරිය වෙත ගොස් ඉන් සිරකරුවන් අටදෙනකු පිටතට ගෙන ඔවුන් දණ ගස්වා ඇතැයි මාධ්‍ය ඔස්සේ වාර්තා කෙරිණි.

එමෙන්ම සුදර්ශන් නමැති සිරකරුගේ හිසට තුන්වතාවක් පිස්තෝලය තබා “උඹලා එළියට යවන එක තීරණය කරන්නේ අපි” කියා තර්ජනය කළ බවත් එය වැළැක්වීමට ගිය අනුරාධපුර බන්ධනාගාරයේ ඉහළ නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැණ වැදුණු බවත් බන්ධනාගාර නිලධාරීහු පෙන්වා දුන් බව අරුණ පුවත්පත වාර්තා කළේය.

බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා බන්ධනාගාරය තුළදී සිරකරුවන් දණ ගැස්වී යැයි කියන සිදුවීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලය විසින් ද හෙලා දකිනු ලැබීය.

එහි නේවාසික සම්බන්ධීකාරකවරිය සිය ට්විටර් සටහනක් තබමින් පැවසුවේ සිරකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම රජයක යුතුකමක් බවය.

අරුණ පුවත්පත පසුගිය දා තවදුරටත් වාර්තා කර තිබුණේ වැලිකඩ බන්ධනාගාරයටද ඉකුත් 05 වැනිදා රාත්‍රියේ බීමතින් මිතුරන් සමග පැමිණි රාජ්‍ය ඇමැතිවරයා පිස්තෝලයක්ද ඇතැතිව එල්ලුම්ගස නැරඹීමට ගිය බවය.

එහි දී අලුතින් බඳවාගත් නියාමකවරුන් පේළියට තබා දේශනයක් පැවැත් වූ බවද හෙළි වී තිබේ යනුවෙන් අරුණ පුවත් පත පැවසීය.

”අපි දැක්කා පසුගිය දවසක බීමත්කමින් ගිහිල්ලා රුවන්වැලිසෑයට ඇතුළු වෙන්න හදපු රාජ්‍ය ඇමැතිවරයා. ඊයේ (14 වැනිදා) පෙරේදා (13 වැනිදා) බන්ධනාගාරයට ගිහිල්ලා, බන්ධනාගාරයේ එල්ලුම් ගස අසලට ගොස් පිස්තෝලයක් ප්‍රදර්ශනය කරමින් මරණ දඬුවම් නියම වූ සිරකරුවන් ඉන්න කුටියට ගිහිල්ලා සමහර නිලධාරීන්ට තර්ජනය කරලා තිබෙනවා,”යනුවෙන් හිටපු අධිකරණ ඇමැතිවරියක හා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන තලතා අතුකෝරල උපුටා දක්වමින් අරුණ පුවත්පත තවදුරටත් වාර්තා කළේය.

කෙසේ වෙතත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය ඊයේ (සැප්. 14) මාධ්‍ය වෙත පැවසුවේ එවැනි කලහකාරී සිදුවීමක් ඇති නොවූ බවය.

“තර්ජනය කරන්න වෙන අය ඉන්නවා නේ”

මෙම සිදුවීම සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය රාජ්‍ය අමාත්‍යවරයාගෙන් කළ විමසීමේදී ඔහු සඳහන් කළේ මේ පිළිබඳ පළවී ඇති මාධ්‍ය වාර්තා තමන් ප්‍රතික්ෂේප කරන බවය.

ඇමතිවරයා වශයෙන් ඕනෑම බන්ධනාගාරයකට යාමේ අයිතිය තමන්ට ඇති බව පැවසූ ඔහු, “මම ගියේ සිරකරුවන්ගේ සුභසාධනය බලන්න තමයි. නැතිව ඔය කියන විදිහේ දෙයක් උනේ නෑ.” යි සඳහන් කළේය.

අනුරාධපුර බන්ධනාගාරයේදී ද්‍රවිඩ සිරකරුවන් දණගස්වා තර්ජනය කළ බවට නැගෙන චෝදනා සම්බන්ධයෙන් කළ විමසීමේදී ඔහුගේ ප්‍රතිචාරය වූයේ, “මම මොකටද තර්ජනය කරන්න යන්නේ එකට ඕනනම් වෙන අය ඉන්නවා නේ.” යන්න ය.අගමැතිවරයා ඉතාලියේ සිට ඇමතී ද යන්නට ලොහාන් රත්වත්තේගේ පිළිතුර වූයේ, එසේ අගමැතිවරයා තමාට කතා නොකළ බවය.

කෙසේවෙතත්, ඔහු වැඩිදුරටත් පැවසුවේ තමා මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යධුරයේ දිගටම කටයුතු කරන බවකි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කටුගස්තොට රෝහලේ වෛද්‍යවරයෙක් කොවිඩ් ආසාදිතව මිය යයි!

Next Post

කෘතිම බුද්ධි තහනම් කළයුතු බවට ජගත් මානව හිමිකම් මහකොමසාරිස් කියයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.