ලලිත් චාමින්ද –
තමන්ගේ නිවසේ වහළය මතත් සූරිය බලශක්ති කට්ටලයක් මාස හයක් තිස්සේ වේලෙමින් ඇති බවත් මින් නිපදවන විදුලිය ජාතික විදුලි බල පද්ධතියට සම්බන්ධ කර දෙන්නැයි තමන් හය මසකට පෙර කළ ඉල්ලීම තවමත් විදුලිබල මණ්ඩලය විසින් ඉටු කර දී නැති බවත් රාජ්ය ඇමති දයාසිරි ජයසේකර පැවසුවේය.
ගාල්ල ගම්මැද්දගොඩ බතික් නිෂ්පාදන ආයතනය ආරම්භ කිරිමේ අවස්ථාවට එක්වෙමින් රාජ්ය ඇමතිවරයා ඊයේ (24) මේ බව ප්රකාශ කළේය.
වංචාකාරයන් මාෆියා කාරයන් සොරුන් මේ රටින් තුරන් කරන තුරු රට ගොඩනැගිය නොහැකි බව කී රාජ්ය ඇමතිවරයා මෙසේ ද පැවසීය.
මේ වනවිට රට තුළ මෙගවොට් 104ක සුර්ය බලශක්තිය තියෙනවා නමුත් විදුලිබලමණ්ඩලයෙන් එම බලශක්තිය ජාතික පද්ධතියට එක් කරගැනීම සඳහා සම්බන්දතාවය දෙන්නේ නැහැ. මේ ඉංජිනේරුවරු ඉස්සරවෙලාම දඩුකදේ ගැසිය යුතුයි.
“වහළමත ඇති සූර්ය විදුලි ජනකවලින් උපදවන මෙගවොට් 104 දුන්නානම් තව පැය දෙකක් විදුලිය කැපිම අඩුකරගන්න කිබුණා මේ අය ඩිසල් යොදා බලාගාර දුවන අයගේ ඉත්තන් බවට පත්වෙලා ඉන්නවා.“
රාජ්ය ඇමතිවරයා කීවේය.