බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමති තුමනි… රට ඉදිරියේ ඔබතුමා හෑල්ලුවන විට පොලිසියේ අපට දුකය….

පොලිස් පොඩ්ඩෙකුගෙන් පොලිසිය භාර ඇමතිට විවෘත ලිපියක්...

by editor
මැයි 30, 2021
in පුවත්
Sarath-Weerasekara
Share on FacebookShare on Twitter

ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය පොලිස්පති පුරප්පාඩු පහකට ලබන සතියේදී සුදුස්සන් පත් කරන බව  මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික  රියර් අද්මිරාල් සරත් වීරසේකර අපගේ ඇමති තුමා  කිවේය.   එතුමා කීවේ එම පත්වීම සඳහා ජානධිපතිවරයාගේ ද අනුමැතිය ලැබී ඇති බවය.  ඊට අමතරව  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි  සහ සහකාර පොලිස් අධිකාරී පුරප්පාඩු 230කටද  සුදුස්සන්  නුදුරේම පත් කරන බවද එතුමා දැනුම් දුන්නේය.

මේ කතාව ඇහෙන විට පොලිස් පොඩ්ඩෙක් වූ මා තිගැස්සුනේය. එබැවින්ම ගරු ඇමති තුමනි. ඔබතුමාට මේ බව ලියා තබන්නට සිතුනේය. ඒ පොලිසියේ පත්වීම් සිදුවන ආකාරය ගැන  ඔබතුමාගේ අවධානය මදකට යොමු කිරීමේ අපේක්ෂාවෙනි.

ගරු ඇමති තුමනි.

පොලීසියේ පුරප්පාඩු සාමාන්‍යයෙන් පිරවිය යුතු වන්නේ පුරප්පාඩු ඇතිවන විට සුදුසුකම් ලබා සිටින නිලධාරීන් හඳුනාගෙන පොලිස්පතිවරයා විසින් ඒ බව  අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දී ලේකම්වරයා හරහා රාජ්‍ය සේවා කොමිසමට එම පත්කිරීම්වලට අදාල නිලධාරීන්ගේ නාම ලේඛනය යවා අනුමැතිය ගැනීමෙනි.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

රාජ්‍ය සේවා කොමිසම සැලකෙන්නේ ස්වාධීන කොමිසමක් ලෙසිනි. 19 ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනය බලාත්මකව පවතින කාලයේ පොලීසියේ පත්කිරීම්, ස්ථාන මාරුකිරීම් ආදී කටයුතු බොහොමයක් සිදුවුනේ ජාතික පොලිස් කොමිසමෙනි. 20 සංශෝධනයෙන් ඒ සියළු බලතල පොලිස්   කොමිසමෙන් ඉවත් කර   රාජ්‍ය සේවා කොමිසමට ලබා දුන්නේය.

මුලින් කී ලෙස රාජ්‍ය සේවා කොමිසමත් දේශපාලනයට යටත් නොවන  ස්වාධීන කොමිසමක් සේ සැලකෙන බැවින් මේ පත්වීම්වලට දේශපාලනය සම්බන්ධ වන්නේ නැත. එබැවින් පොලිසියත්, රටත්, ආණඩුවත්, අපේ ජනාධිපතිවරයාත් අපහසුතාවයට පත් කරන මේ වැනි නොදැනුවත් ප්‍රකාශ නොකර සිටීම ඔබතුමාගේ දේශපාලන සෞඛ්‍යයට මෙන්ම පොලිසියටත් කරන සැලකිල්ලකි.

අනික ගරු ඇමති තුමනි… ඔබතුමා දන්නවා නම් ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමේ අරමුණ වූයේ දේශපාලනයෙන් රාජ්‍ය ආයතන මුදා ගැනීමය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කාලයේ මේ ආකාරයට අමාත්‍යාංශවලට පොලීසියේ ලිස්ට් එක ගියෙත් නැත.    පොලිස්පති   කොමිසම හා එක්ව  සුදුසු පත්වීම් කළේය.   අමාත්‍යාංශවලට ලිස්ට් ගියේ නැති නිසා ඇමතිවරයාට කරදර වෙන්නට දෙයක් සිදුවූයේත් නැත.  ඒ නිසා ඇමතිතුමාට   ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිධූර පිරවීමට ජනාධිපතිවරයාගේ අනුමැතිය ලබා ගන්නට තරම්   අවශ්‍යතාවයක් තිබුණේත් නැත. ඒ නිසා ජනාධිපතිවරයාගේ වැදගත් කාලය නිශ්ඡිත ක්‍රමවේදයක් තුළ ක්‍රියාත්මක වෙමින් තිබූ කටයුත්තක් වෙනුවෙන් වැය කරන්නට සිදුවූයේත් නැත.

අනික ඇමති තුමනි. ඔබ තුමා හැර අන් කිසිම ඇමතිවරයෙක් මින් පෙර  පොලිස් සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ පුරප්පාඩු පුරවන්නට  ජනනාධිපතිගෙන්  අවසර ගන්නට ගියේ නැත.  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිධූරයක් පුරප්පාඩු වූ විට සිදුවූයේ  ඉන් පසු  ජ්‍යෙෂ්ඨතම නියෝජ්‍ය පොලිස්පතිවරයාට ඒ තැන ලබාදීමය. දැන් සේවය කරන සියළුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු ඒ තැනට පත්වූයේ ඒ ලෙසය. ජනාධිපතිවරයාට ඔවුන් සම්බන්ධව කිසිම ප්‍රශ්නයක් ඇතැයි අපට නම් සිතෙන්නේ නැත.

ඉතින් ගරු ඇමති තුමනි…

ඔබතුමාට කියන්නට තවත්  ඉතා වැදගත් කාරණාවක් තිබේ. එනම් තවමත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිධූර 05 ක්  පුරපප්පාඩු වී නැති බවය. පුරප්පාඩු 05 ඇතිවන්නේ ලබන මාසේ 30 වෙනිදායින් පසුව බවය. දැනට ඇත්තේ පුරප්පාඩු   03කි. ඔබතුමා නොදන්නවාට  ඒ තුනෙන්  එකක්   සිදු වී දැනට මාස තුනකටත් වැඩිය. ඔබතුමා ලබන සතියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූර පහක් පුරප්පාඩුවන බව රටට කියන්නේ එහෙම තියෙද්දීය.

අනෙක් කාරණය ගරු ඇමතිතුමනි…

පොලිස් මූලස්ථානයේ  පුරප්පාඩු    ගණන සහ ඒ වෙනුවට පත්කිරීමට සුදුසුකම් සපුරා ඇති නිලධාරීන් සම්බන්ධව පොලිස් මූලස්ථානය අමාත්‍යාංශයේ ලේකම්වරයාට තවම නිල දැනුම්දීම පවා තවම සිදුකර නැත.  රාජ්‍යසේවා කොමිෂන් සභාව විසින්   පත් කිරීම් අනුමැතිය ලබා දෙන්නේ පුරප්පාඩු සඳහා නිලධාරීන් නම් කළ පසුවය. මෙය අඩුම තරමින් මාසයක්වත් ගතවන ක්‍රියාවලියකි. හේතුව පොලිස් කොමිසම තුළ ක්‍රියාත්මක වූ ආකාරයට වඩා සංකීර්ණ ක්‍රියාවලියක් ඔස්සේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් පත්කිරීම් සිදුකරන බැවිනි.  පොලිසියේ බොහෝ පුරප්පාඩු රාජ්‍ය සේවා කොමිසමේ සිරවී ඇත්තේ මේ ප්‍රායෝගික තත්වය නිසාය.

ඉතින් ඇමති තුමනි.

යළිත් කියන්නට ඇත්තේ ඔබ අපේ ඇමතිවරයා නිසා ඔබ සමාජය ඉදිරියේ කොමිටල් වනවිට, කොල්ලන් කෙල්ලන් පවා පුස් වෙඩිල්ලේ කතාව කියමින් හින්ට් පාස් කරනකොට අපටත්  දරාගන්නට බැරි බවය. ඒ නිසා ඇමතිවරයා ලෙස ප්‍රකාශ නිකුත් කරන විට තමන්ට ලැබෙන තොරතු පිළිබඳව, ඒ ඇසුරින් කරන ප්‍රකාශ පිළිබඳව හා තමන්ගේ ප්‍රකාශවල ප්‍රායෝගික වලංගුභාවය පිළිබඳව තව ටිකක්  අධ්‍යයනය කළ යුතු බව අපගේ යෝජනාවය.  පොලිස් සේවයේ ගෞරවය, පෞරුෂය හා සම්ප්‍රදාය ආරක්ෂා කිරීමේ වගකීම හෑල්ලුකර දේශපාලනිකව ඔබතුමාට ලබා ගන්නට හැකි දෙයක් නැති බව අපට හිතෙන්නේය.  ඔබේ දේශපාලන පැවැත්ම තහවුරු වන්නේ රට වෙනුවෙන් පොලිසිය නිවැරදි දිශානතියකට යොමු කිරීමෙන් මිස දේශපාලන පැවැත්ම වෙනුවෙන් කටට එන හෑලි කියා එහි පෞරුෂය විනාශ කර නොවේ.

ඔබතුමා නොදන්නවාට පොලීසියේ ඉහළ නිලධාරීන් බොහොමයක් නිසි කලට තමන්ට හිමි උසස්වීම් නොලැබීම ගැන  පසුවන්නේ පීඩනයෙනි.  පරිපාලන ක්‍රමවේද හා සම්ප්‍රදායන් නොසලකා දේශපාලන භූත නොකියා පොලිසිය තුළ ඇති සැබෑ ප්‍රශ්නය තේරුම් ගෙන ඊට විසඳුම් සෙවීමේ වගකීම මේ මොහොත වනවිට ඔබතුමා ඉදිරිපිට තිබේ.

ඔබ පොලිස් සේවයට සේවයක් කළ ඇමතිවරයෙක් ලෙස දේශපාලනයෙන් විශ්‍රාම යන්නට ඇති අවස්ථාව තවම කල් ඉකුත් වී නැති බව පමණක් ගෞරවයෙන් ලියා තබමි.

ඔබතුමාට නිදුක් නීරෝගී සුවය

මම ඔබතුමාටත් පොලිසියටත් හිතවත් පොලිස් පොඩ්ඩෙක්…

Tags: නවතම
Share69Tweet43
Previous Post

වික්ටෝරියා ආශ්‍රිත භූකම්පන පරීක්ෂණ දින නියමක් නැතිව කල් යයි…

Next Post

ඉතාලියේ රෝම නුවර මහ මග දී ලාංකික සැමියෙක් බිරියට පිහියෙන් ඇණ මරයි…

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.