බීබීසී –
මේ වන විට ලෝකයේ බොහෝ රටවල් මුහුණදෙන විශාල ප්‍රශ්නයක් නම් රාජ්‍ය ආදායම විශාල ලෙස පහත වැටීමත් රාජ්‍ය වියදම ඉතාමත් අධික ලෙස ඉහළ යාමයි. මේ ලෝකයේ බොහෝ රටවල් මුහුණ දෙන ගැටලුවකි. ඒ අනුව බොහෝ රටවල් තම ආදායම වැඩිකරගැනීමට විවිධ උපක්‍රම භාවිතා කරයි. එහත් ජපානය මේ සඳහා වෙනස්ම ක්‍රමයක් උපයෝගී කර ගැනීමට සැරසෙයි. ඒ නව උපක්‍රමයක් හරහා එරට බොහෝසේ මතින් තොරවූ තරුණ වැඩිහිටියන්ගේ ක්‍රියාකලාපය වෙනස් කිරීම හරහා රජයේ ආදායම වැඩිකරගැනීමයි.
ජපානයේ තරුණ වැඩිහිටියන් බොහෝ විට මතින් තොර ජන කොට්කොට්ටාසයකි. එහෙත් බලධාරීන් නව ක්‍රමවේදයක් හරහා ඔවුන්ගේ ගති පැවතුම් වෙනස් කිරීමට බලාපොරොත්තු වේ.
තරුණ පරම්පරාව ඔවුන්ගේ දෙමව්පියන්ට වඩා අඩුවෙන් මත්පැන් පානය කරයි. එය සකේ වැනි මත්පැන් වර්ග වලින් රජයට ලැබෙන බදු ආදායම අහිමිවීමට හේතුවකි.

එබැවින් මෙම ප්‍රවණතාවය ආපසු හැරවීමට අදහස් ඉදිරිපත් කිරීමට ජාතික බදු නියෝජිතායතනය ජාතික තරගයක් සමඟින් පියවර ගෙන ඇත.
මත්පැන් පානය වඩාත් ආකර්ශනීය කිරීමට “Sake Viva!” නමින් නව ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කිරීමට සැලසුම් කර ඇත. ඒ මගින් කර්මාන්තය නැංවීමටද ඔවුන් බලාපොරොත්තු වේ.
මෙම තරගය හරහා වයස අවුරුදු 20 සිට 39 දක්වා වයස්වල පසුවන අයගෙන් ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ සම වයසේ මිතුරන් අතර ජපන් සකේ, ෂෝචු, විස්කි, බියර් හෝ වයින් සඳහා වූ ඉල්ලුමක් ඇති කිරීම සඳහා ඔවුන්ගේ ව්‍යාපාරික අදහස් බෙදා ගන්නා ලෙසයි.
බදු අධිකාරියේ මෙම තරගය මෙහෙයවන කණ්ඩායම පවසන්නේ වැඩිවන වයස්ගත ජනගහනය සහ අර්ධ වශයෙන් කෝවිඩ් වසංගතය තුළ ඇති වූ තත්ත්වය මත මත්පැන් අලෙවිය පහත වැටීමට හේතු වී ඇති බවයි.
තරගකරුවන්ට ප්‍රවර්ධන, සන්නාමකරණය සහ කෘතිම බුද්ධිය (artificial intelligence) සම්බන්ධ අති නවීන සැලසුම් පවා ඉදිරිපත් කිරීම එයට ඇතුළත්වී ඇත.
ජපාන මාධ්‍ය පවසන්නේ සෞඛ්‍යයට අහිතකර පුරුද්දක් ප්‍රවර්ධනය කිරීමේ තැත පිළිබඳව යම් විවේචනයක් සමඟ මිශ්‍ර ප්‍රතිචාර ලැබී ඇති බවයි. නමුත් අනෙකුන් අන්තර්ජාලයේ විචිත්‍රවත් අදහස් පළ කර ඇත. ඒ අතර ප්‍රසිද්ධ නිළියන් ඩිජිටල් සමාජ ශාලාවල අතථ්‍ය-යථාර්ථ (virtual-reality) සත්කාරක සේවිකාවන් ලෙස “රඟපෑම” වැනි ඒවාද ඇතුළත්ය.
තරගකරුවන්ට ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කිරීමට සැප්තැම්බර් මස අවසානය දක්වා කාලය ලබාදී තිබේ. නොවැම්බර් මාසයේදී අවසන් යෝජනා ඉදිරිපත් කිරීමට පෙර විශේෂඥයින්ගේ සහාය ඇතිව හොඳම සැලසුම් සකස් කරනු ලැබේ.
මෙම වැඩසටහනේ වෙබ් අඩවිය පවසන්නේ ජපානයේ මධ්‍යසාර වෙළඳපොල හැකිලෙමින් පවතින බවයි. රටේ වැඩිහිටි ජනවිකාසය වෙනස්වීම පිටුපස අඩුවන උපත් අනුපාත සැලකිය යුතු සාධකයක් වී තිබේ.
බදු නියෝජිතායතනයේ මෑත කාලීන සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ 2020 දී මිනිසුන් 1995 ට වඩා අඩුවෙන් මත්පැන් පානය කර ඇති බවයි. ඒ වැඩිහිටියෙකු වාර්ෂික මත්පැන් පරිබෝජනය සාමාන්‍යය ලීටර් 100 (ගැලුම් 22) සිට ලීටර් 75 (ගැලුම් 16) දක්වා පහත වැටී ඇති බවයි.
මත්පැන් මත බදුවලින් ලැබෙන බදු ආදායම ද වසර ගණනාවක් පුරා හැකිලී ඇත.
ජපන් ටයිම්ස් පුවත්පතට අනුව, එය 1980 දී මුළු ආදායමෙන් 5% ක් වූ නමුත් 2020 දී එය 1.7% ක් පමණි.
ලෝක බැංකුව ඇස්තමේන්තු කරන්නේ ජපානයේ ජනගහනයෙන් තුනෙන් එකක් (29%) පමණ වයස අවුරුදු 65 සහ ඊට වැඩි අය බවයි. එය ලෝකයේ ඉහළම වැඩිහිටි ජනතාවක් සිටින අනුපාතයයි.
ජපානයේ ආර්ථිකයට ඇති එකම ගැටලුව සකේ කර්මාන්තයේ අනාගතය ගැන සැලකිලිමත් වීම පමණක්ම නොවේ. ඇතැම් වර්ගවල රැකියා සඳහා තරුණ කාර්ය මණ්ඩලය සපයාගැනීම සහ අනාගතයේදී වැඩිහිටියන් රැකබලා ගැනීම ට සිදුවීම පිළිබඳ ප්‍රශ්නයක් ද පැනනැගීමයි.







