අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආනවිලුන්දාවේ විනාශයට සහෝදරයාගේ සම්බන්ධය සනත් නිශාන්ත හෙළිකරයි

by Lanka Sara Editor
සැප්තැම්බර් 10, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ආනවිලුන්දාව තෙත්බිම් අභය භූමිය ඩෝසර් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයකු තම සහෝදරයා ඉස්සන් වගාවට අදාළ බලපත්‍රය සාදාදෙන බවට ප්‍රකාශ කර ඇති බවත්, ඔහු ඊළඟ නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් වනු ඇති බවත් රාජ්‍ය අමාත්‍ය සහ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත ඊයේ ප්‍රකාශ කළේය.

පෞද්ගලික රූපවාහිනී නාළිකාවක සම්මුඛ සාකච්ඡාවකදී හෙතෙම මේ බව පැවැසීය.

ආනවිලුන්දාවේ සිද්ධියට ඔහුගේ සහෝදරයාගේ සම්බන්ධය මුලින්ම වාර්තා කළේ ලංකාසර විසිනි. එම සබැඳි පුවත පහතින් දක්වා ඇත.

සම්මුඛ සාකච්ඡාවේදී සනත් නිශාන්ත මන්ත්‍රීවරයා සමග පැවැති සංවාදය පහත දැක්වේ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

නිවේදක – ආනවිලූන්දාව සිද්ධියට ඔබේ සම්බන්ධයක් තියෙනවද?

සනත් නිශාන්ත – මගේ කිසිම සම්බන්ධයක් නෑ

නිවේදක – ඇයි එහෙම නම් ඔබේ සහෝදරයා පොලිසියෙන් හොයන්නේ?

සනත් නිශාන්ත – මට ආරංචි වෙච්ච විදියට ඔය අත්අඩංගුවට ගත්ත එක පුද්ගලයෙක් කියලා තියෙනවා මගේ සහෝදරයා කිව්වා කියල මල්ලි ඔයා පොකුණු වලට පැටව් දාන්න ලෑස්ති වෙන්න මම බලපත්‍රය හදන එක කරලා දෙන්නං කියල.

නිවේදක – ඇයි එහෙම නම් ඔහු හැංගිලා ඉන්නවා කියන්නේ?

සනත් නිශාන්ත – පොලිසියෙන් කියලා තිබුණා ඊලඟ දිනයට ඉදිරිපත් වෙන්න කියලා. මං හිතන්නේ ඊලඟ දිනයට ඉදිරිපත් වෙයි.

මේක 1986 ජේ ආර් ජයවර්ධන මහත්තයා කාසන් කියන සමාගමට බදු දීලා තියෙන අක්කර දෙසීයක විතර විශාල භූමි ප්‍රමාණයක්. කාසන් කියන සමාගම 1996 මේක පාඩු වෙලා දාලා යනවා නේ. ඒ ගිය වෙලාව ඉඳලා මේ ප්‍රදේශයේ ගොවියෝ මේක බදු අරගෙන බලපත්‍රයකින් මේවා කරගෙන ගියා.

නිවේදක – ජේ ආර් ජයවර්ධන මහත්තයා මේක දෙනකොට අභය භූමියක් නෙවෙයි. එතකොට රැම්සා තෙත්බිම කියලා මේක නම් කිරීමක් කරලා තිබුණේ නෑ. හැබැයි ඊට පස්සේ තමයි මේක නම් කරන්නේ.

සනත් නිශාන්ත – මෙතන නීතිය සහ මනුස්සකම අතර තියෙන ගැටලුවක් තියෙන්නෙ මං දකින හැටියට.

නිවේදක – ඔබ ඔතනදි තෝරගන්නේ මොකක්ද?

සනත් නිශාන්ත – මට ජනතාවගේ පැත්ත තෝරා ගන්න වෙනවා නේ.

නිවේදක – අපිට මතකයි මීගමුව කඩොලාන සිද්ධියේදීත් එතනදී වන නිලධාරිනියක් ඇවිල්ලා ඔක්සිජන්වල වටිනාකම ඔබතුමන්ලාට කියලා දුන්නා. තාමත් ඒ පාඩම ඔබතුමන්ලාට තේරිලා නැද්ද කියන කාරණය කාටහරි හිතන්න පුළුවන් නේද?

සනත් නිශාන්ත – 1996 ඉඳලා කරගෙන ගිය ඉස්සෝ පොකුණක් ඇතුලේ ඒකෙ තියෙන රොන්මඩ ඉවත් වුණාම ඒකෙන් ඔක්සිජන් නැති වෙන්නේ කොහොමද කියලා මට නම් තේරෙන්නේ නෑ.

නිවේදක – මේ සිද්ධියට සම්බන්ධ පිරිසක් අර ආඩිගම ආඬිගම සිද්ධියේ පොල් වගාවක් සිද්ධ සිද්ධ කරනවාය කියා මාධ්‍ය වාර්තාවල තියෙනවා. ඒ චෝදනාවත් එල්ල වෙන්නේ ඔබතුමාට.

සනත් නිශාන්ත – ඒක කරපු කෙනා පට්ට යූඑන්පී කාරයෙක්. හරිද මං ඕන නම් පෙන්නන්නම්.

නිවේදක – හැබැයි ගින්නක් නැතුව දුම් නගින්නේ නෑ නේද මන්ත්‍රීතුමා?

සනත් නිශාන්ත – මෙහි වෙලා තියෙන්නෙ අර ඇල්සේෂන් බල්ලොයි වල් බල්ලොයි වගේනෙ. සමහර කට්ටිය එනවා පරම්පරාවෙන් එන කට්ටිය. තාත්තා මන්ත්‍රී.. එයාලා හොඳයි. එයාලා බොරළු කැපුවත් මැටි කැපුවත් කිසි ප්‍රශ්නයක් නෑ එයාලා ඇල්සේෂන් බල්ලො නේ. අපි වල් බල්ලෝනෙ. ඒකයි තියන ප්‍රශ්නේ. මෙතන තියන ප්‍රශ්නේ තමයි පහුගිය පාර්ලිමේන්තු මැතිවරණය වෙලාවේ මෙයාලා සමාජ ජාල හරහා ගහලා කුඩු කරලා විනාස කරලා අපිව පරද්දන්න සැලසුම් කළා.

නිවේදක – එහෙම කරන පිරිස කවුද ? මිනිස්සු එහෙම එකක් දැනගන්න කැමතිනෙ.

සනත් නිශාන්ත – මට ගහන්න සල්ලි දෙන්නේ වෙන කවුරුවත් නෙමෙයි පක්ෂ විපක්ෂ මට තරගයක් දෙන අපේම කට්ටිය. මම නිකං ඉඟියක් කරන්නම්. රා ජාවාරම කරලා දේශපාලනය කරන අය ඉන්නවා. එතනෝල් ජාවාරම කරලා දේශපාලනය කරන අය ඉන්නවා මේ දෙගොල්ලො තමයි ප්‍රධාන වශයෙන් ගහන්නේ. මම හෙල්මට් එක නැතුව ගිහාම මිනී මැරුමක් කළා වගේ ඒක ලොකුවට ගියා.

නිවේදක – හැබැයි හෙල්මට් නැතුව පාරේ යන්න බැහැනේ .

සනත් නිශාන්ත – හෙල්මට් නැතුව බයිසිකලේ ගිය පළවෙනි පුද්ගලයා මම ද? හෙල්මට් නැතුව බයිසිකලේ කීදෙනෙක් මම පෙන්නන්න ද? ඕන තරම් හිටියා.

නිවේදක – ඉතිං හෙල්මට් එකක් දාගෙන ගියා මොකක්ද තියෙන වරද?

සනත් නිශාන්ත – මෙතන ඔයා තේරුම් ගන්න. ඔයාගෙ ජීවිතේ කවදාවත් ඔයා හෙල්මට් නැතුව ගිහින් අහුවෙලාම නැද්ද? එහෙම නැත්තං ඔයා කොල්ලෙක් නෙවෙයි.

නිවේදක – මං මෝටර් බයිසිකල් පැදලා නැහැ.

සනත් නිශාන්ත – ආ.. ඔයා මෝටර් සයිකල් පදින්න කැමති නැද්ද? මම මෝටර් සයිකල් පදින්න කැමති කෙනෙක්.

නිවේදක – මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් කරාද?

සනත් නිශාන්ත – පොලිසිය මගින් විමසීමක් කළා. මගෙන් ඇහුවා කොයි හරියෙදි ද මේක වුනේ මොකක්ද විස්තරේ කියලා.

නිවේදක – සාමාන්‍ය පුද්ගලයෙක් පාරේ හෙල්මට් නැතුව ගියොත් පොලිසිය අල්ලනවා. එතකොට ඔබව ඇල්ලුවේ නැත්තේ ඇයි කියලා මිනිස්සු අහනවා. පොලීසිය ඔබට බයද?

සනත් නිශාන්ත – මෝටර් සයිකලයක් පදිනකොට හෙල්මට් එකක් දැම්මේ නැත්තම් තියෙන ලොකුම චෝදනාව දඩය රුපියල් පන්සීයයි නේ. රුපියල් 500 හෙට මට දඩකොලයක් දුන්නොත් මම එක ගෙවනවා කිසි ගැටලුවක් නෑ.

 

සබැඳි පුවත් :

ආනවිලුන්දාව වැනසුවේ ඔක්සිජන් විරෝධී ඇමති සොයුරෙක්

Tags: නවතම
Share69Tweet43
Previous Post

පුරාණ තාක්ෂණයත් එක්ක වැව් 5000ක් ප්‍රතිසංස්කරණයේ අභියෝගය සිවිල් ආරක්ෂක බලකායට

Next Post

ටී.එන්.ඒ මාධ්‍ය ප්‍රකාශක 22 දා නම් කෙරේ

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.