බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආනවිලුන්දාව අභයභූමිය වැනසුවේ ඔක්සිජන් විරෝධී ඇමතිගේ සහෝදරයෙක් ?

by editor
අගෝස්තු 28, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

කවදත් කුරුල්ලන් ඇතුළු විසිතුරු වන ජීවීන්ගේ පාරාදීසයක් වන ආනවිලුන්දාව අභය භූමියට අයත් අක්කරයකට ආසන්න බිමක් අනවසර ඉස්සන් වගා ව්‍යාපෘතියක් සඳහා විනාශ කර ඇත්තේ වර්තමාන රජයේ එක්තරා රාජ්‍ය අමාත්‍යවරයකුගේ සහෝදරයකු බව වාර්තා වේ.

වරක් කඩොලාන පරිසර පද්ධතියක් කපා උද්‍යානයක් ඉදි කිරීමට ගිය අවස්ථාවේ දී ඔක්සිජන් අවශ්‍ය නැති බවට ද ප්‍රකාශයක්කොට ප්‍රසිද්ධ වූ මෙම දේශපාලකයාගේ සොහොයුරා මෙසේ මෙම කටයුත්තට සම්බන්ධ බවට සඳහන් වන අතර මේ වනවිට වනජීවී දෙපාර්තමේන්තුව ද වාර්තාවක් සකස් කර ඇති බව ලංකාසරට වාර්තා වෙයි.

ආරච්චිකට්ටුව ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලඥයකු ද වන මෙම පුද්ගලයා ගේ මෙහෙයවීම මත පසුගිය දිනෙක රාත්‍රියේදී බැකෝ යන්ත්‍ර යොදාගෙන මෙම බිම හෙළි පෙහෙළි කළ බව එම ප්‍රදේශයේ මේ වනවිට ප්‍රසිද්ධ රහසක් වී ඇත.

ආනවිලුන්දාව

Anavilundaawa
ආනවිලුන්දාව අභය භූමියේ කොටසක්…


ආනවිලුන්දාව යනු ජාත්‍යන්තර තෙත් බිම් ආරක්ෂා කිරීමේ සම්මුතිය යටතේ (රැම්සා ප්‍රඥප්තිය ) යටතේ ජාත්‍යන්තර පිළිගැනීමකට ලක්ව ඇති මෙරට තෙත් බිම් හයෙන් එකකි. 1997 ජූනි මාසයේදී අභය භූමියක් ලෙස වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ප්‍රකාශයට පත් කරන ලද අතර එය හෙක්ටයාර 1400ක පමණ වපසරියකින් යුතු දර්ශනීය වැව් පද්ධතියකින් යුතු ප්‍රදේශයකි. ආනවිලුන්දාව වැව, මරදන්සෝල වැව, පන්කට්ටිය වැව ඇතුළු වැව් ගණනාවකින් යුතු මෙම ප්‍රදේශය කුරුල්ලන්ට තම අභිජනනය සඳහා පාරාදීසයකි. ඒ නිසාම මේ වනවිට කුරුල්ලන් නිරීක්ෂණය ඇතුළු පරිසර සංචරණය සඳහා පැමිණෙන විදේශීය සංචාරකයන්ගේ ආකර්ශනයට ලක්වන ප්‍රසිද්ධ ගමනාන්තයක් බවටත් පසුගිය කාලය තුළ පත්ව තිබුණි.

RelatedPosts

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

මෙම අභය භූමිය තුළ මේ වනවිට ඉතා රමණීය කුරුලු විශේෂ ගණනාවක් වසරේ සෑම කලෙකම පාහේ දැක බලා ගත හැකිය. ඒ අතර ක්ෂීරපායීන් උභය ජීවීන් සහ සමනළ විශේෂ සහ කෘමි විශේෂද රැසක් දැක ගත හැකිය. සුවිශේෂී ජෛව විවිධත්වයකින් යුතු මෙම තෙත්බිම් අභය භූමියඑට පෙර පටන් පැවති තර්ජනය වූයේ ඉස්සන් වගාවය. විශේෂයෙන්ම නිසි පාරිසරික ආරක්ෂක ක්‍රමවේදයකින් තොරව සිදු කළ අනවසර ඉස්සන් වගා නිසා මෙම පරිසර පද්ධතියට දැඩි තර්ජනයක් එල්ල විය. කෙසේ වුවද මෙම ප්‍රදේශයේ සිදු කළ ඉස්සන් ව්‍යාප්ත කිරීමේ වැඩසටහන් වියවුල් වන්නට හේතු වූයේ ඉස්සන්ට සුදු පුල්ලි රෝගය නම් රෝගයක් වැලඳී බොහෝ ඉස්සන් කොටු පාඩු  ලැබිම නිසා වගාකරුවන් එම කර්මාන්තය අත්හැරීමය.

එසේ වුවද ආනවිලුන්දාව ජාතික ආර්ථිකයට වෙනත් ආකාරයට ශක්තියක් වූයේ පාරිසරික සමතුලිතතාවද රැකගෙන පාරිසර සංචාරක කර්මාන්තයට අගයක් ලබා දීමෙනි. එක් අතකින් ආනවිලුන්දාවේ සංචාරක ආකර්ෂණය සමගින් ඒ අවට පවතින කුඹුරු ඉඩම්වල රැකවරණයද සැලසීය. මේ නිසා අද එම ප්‍රෙද්ශයේ ගොවීන්ට සරුසාර ලෙස තම වගා කටයුතු සිදු කර ගැනීමේ අවස්ථාව පෑදී ඇත.

ආනවිලුන්දාව අභයභූමියක් බවට පත් වන්නේ අතේ ඇඟිලි ගණනටත් අඩු පරිසර වේදීන් කණ්ඩායමක පෞද්ගලික කැපකිරීම්වල ප්‍රතිඵලයක් ලෙසිනි. මේ කැපකිරීම්වලට කර ගැසුවේ ප්‍රකට කුරුලු නිරීක්ෂකයකු   මෙන්ම පරිසරවේදියකු වන දීපාල් වරකාගොඩ, තිලෝ හොෆ්මාන් සහ උපාලී ඒකනායක නම් කුරුලු ලෝලී පරිසරවේදීන් බව ප්‍රකට පාරිසරික නීතිවේදියකු වන ජගත් ගුණවර්ධන   සඳහන් කරයි. 

අසීමාන්තික ඉස්සන් වගාව
එදා පටන්ම ආනවිලුන්දාවට පමණක් නොව පුත්තලමට පැවති පොදු පාරිසරික ගැටලුවක් වූයේ සීමාවකින් තොරව ඉස්සන් වගා කිරීමය. මෙය නිසි ලෙස සිදු කළහොත් ඉහළ ආර්ථික වාසි සැලසීම නිසා  එය ආරම්භ වුවද පසු කාලීනව පුත්තලම වනසන විනයක් වට පත්ව වූයේ ඉස්සන් බෝ කරන ගොවිපළ පුත්තලමට දරාගත නොහැකි තරමට ඉහළ ගිය නිසාය.

වසර 2003 දී ධිවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය සෙසු ආයතනවලට සහය ඇතිව සිදු කරන ලද අධ්‍යයනයකදී පෙනී ගොස් ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කය තුළ තිරසාර මට්ටමින් ඉස්සන් කර්මාන්තය සිදු කළ හැක්තේ හෙක්ටයාර 2000ක පමණ වපසරියක පමණක් බවය. එසේ වුවද ඒ වනවිටත් එම ප්‍රදේශයේ ඉස්සන් කොටු වපසරිය හෙකටයාර 5000 ඉක්මවා තිබිණ. එය පරිසරයට දරා ගත හැකි ප්‍රමාණයට වඩා දෙගුණයක් වැඩි විය.

2003 වසරේදී ඉස්සන් වගාවේ අනාගතය සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට ධීවර අමාත්‍යංශය විසින් පත් කරන ලද අමාත්‍ය මණ්ඩල කමිටුවේ වාර්තාවේ එක් නිර්දේශකයක් වන්නේ පුත්තලම දිස්ත්‍රික්කයේ කිසිදු අලුත් ඉස්සන් වගා ව්‍යාපෘතියකට අවසර ලබා නොදීමය. මේ පිළිබඳ නිර්දේශ ඇතුළත් කැබිනට් අනු කමිටු වාර්තාව 2003 වසරේ මැයි මස 29 වැනිදා නිකුත් කර ඇත.

Anavilundaawa
ආනවිලුන්දාව රක්ෂිතය විනාශ කර ඇති ප්‍රදේශය ගූගල් සිතියමේ දැක්වෙන අයුරු….



තත්ත්වය එසේ වුවද දේශපාලනයේ බල මහිමය තුළ කලින් කලට මෙම අභය භූමියට විවිධ භූතයන් රිංගීම ආනවිලුන්දාවට හුරු සංසිද්ධියකි. පසුගියදා මහ රෑ අභය භූමියට අයත් අක්කරයට ආසන්න ප්‍රදේශයක් ඩෝසර් කොට විනාශ කර ඇත්තේ මෙසේ අනවසර ඉස්සන් වගාවක් සිදු කිරීමටය.

මේ පිළිබඳව කිසිදු ලිඛිත අවසරයක් වගකිව යුතු ආයතනයකින් ලබාගෙන නොමැත. මේ ප්‍රදේශය ඩෝසර් කිරීමට යොදා ගත් යන්ත්‍රය සහ එහි ක්‍රියාකරු අත්අඩංගුවට ගැනීමට මේ වනවිට කටයුතු කරමින් සිටින බව වාර්තා වන අතර වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ද මේ වනවිට මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කොට ඇත.

ඊයේ පාර්ලිමේන්තුවේදී කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ   ආනවිලුන්දාවේ විනාශය තරයේ හෙළා දුටුවේය. මෙය කරන්නේ කවුදැයි තමන් නොදන්නා බවත් ආණ්ඩුවට තුනෙන් දෙකේ බලය දුන්නේ මේවා කරන්න නොවන බවත් දැඩිව කීවේය. ආණ්ඩුවේ අමාත්‍යවරුන්ට මේ ආකාරයේ සාමූහික වගකීමක් සහ අවබෝධයක් පවතින්නේ නම් ඔවුන්ට අද පුත්තලමට ගියහොත් මේ පසු පස ඉන්නේ කවුරුන්දැයි සොයා ගන්නට ඒතරම් වෙලාවක් ගතවන්නේ නැත.

Tags: විශේෂ
Share69Tweet43
Previous Post

යුරෝපීය ලැම්බෝගිනි ‘සුපර් ට්‍රොෆියෝ’ තරගයට මාලගමුව ජර්මන් යයි

Next Post

පස්නිවුන් දරු උපතේ දරුපැටව් හා මව සුවයෙන්…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.