කීර්ති ප්රනාන්දු –
ආනයනික තිරිගු පිටි මිල වැඩි කළාට පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ නොදමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ .ජයවර්ධන පවසයි .
තිරිඟු පිටි නිෂ්පාදනය කරන මෙරට සමාගම් දෙක පිටි මිල වැඩිකළොත් පමණක් බේකරි නිෂ්පාදන වල මිල වැඩි කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය .
ආනයනික තිරිඟු පිටි සම්බන්ධව සමස්ත බේකරි වලට කිසිදු ප්රශ්නයක් නැතැයි පවසන ජයවර්ධන මහතා මෙරට බේකරි වලින් සියයට 75 කට වඩා පිටි මිල දී ගනු ලබන්නේ මෙරට සමාගම් දෙකේ පිටි බවත් පැවසීය .
සමාගම් දෙකෙන් තිරිගු පිටි කිලෝවක් රුපියල් 210, 215 මිල ගණන් වලට බේකරි වලට ලැබෙන බවද ඔහු කියා සිටියේය