පවතින ආර්ථික අර්බුදය සහ ඊට අදාල පියර පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් දැනුවත් කිරීම සඳහා මහ බැංකු අධිපතිවරයා පාර්ලිමේන්තුවට කැඳවා මන්ත්‍රිවරුන් දැනුවත් කිරීමේ කටයුත්ත කළ දිනයේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් මහ බැංකු අධිපතිවරයා මත සියලු වැරදි පටවමින් රස්තියාදුකාරයින් සේ පහත් මට්ටමින් ඔහුට චෝදනා කළ බවත් එයින් පාර්ලිමෙන්තුවේ සියලු මන්ත්‍රිවරුන්ගේ ගරුත්වය සිඳී ගිය බවටත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (02) පාර්ලිමෙන්තුවේදී චෝදනා කළේය.
අද පෙරවරුවේ පාර්ලිමේන්තු විවාදයේදී මේ පිළිබඳව අදහස් මතුකරමින් ප්‍රකාශයක් කළ විපක්ෂ නායකවරයා රටම එක්ව පොදු අරමුණකින් යුතුව රට ගොඩනැගිය යුතු අවස්ථාවක සියලු චෝදනා මහ බැංකු අධිපතිවරයා මත පටවමින් ඔහු ගෙදර යවා සිය ගජ මිතුරකු මහ බැංකු අධිපති බවට පත් කර ගැනීමේ නාටකයක් රඟදක්වන බවටද විපක්ෂ නායකවරයා චෝදනා කළේය.
“ මහ බැංකු අධිපකිවරයා පාර්ලිමේන්තුවට ගෙන්වලා ආර්ථික තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්රිවවරුන් දැනුවත් කිරීමට කටයුතු කිරීම වැදගත් පියවරක්. නමුත් මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ හැසිරීම ඔවුන් මහ බැංකු අධිපතිවරයාට චෝදනා මුඛයෙන් කතා කිරීම පිළිබඳව කණගාටු වෙනවා.“
“මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් විරසිංහ මේ තනතුරට සුදුසු පුද්ගලයෙක්. ඔහු හොඳයි කියල ගෙන්වුයෙත් ඒ ගොල්ලන්මයි. කවුරුත් එන්නේ නැති අවස්ථාවක එතුමා ඔස්ට්‍රේලියාවේ ඉඳන් ඇවිත් තනතුර බාර ගත්තා. දැන් ඉතා පහත් ආකාරයට ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් ඔහුට චෝදනා කරනවා. හරියට රස්තියාදු කාරයින් වගේ. එතනට ඇවිත් හිටිය මහ බැංකු නිලධාරීන් පුදුම වණා. මේ රටේ ව්‍යවස්ථාදායකය නියෝජනය කරන අයද මෙහෙම කතා කරන්නේ කියල“.
“අපේ ආචාර්ය හර්ෂ ද සිල්වා, ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරුන් ඉතා වැදගත් විදිහට ප්‍රශ්න ඇහුවා. ඒ වෙලාවේ ඉතා ඉතා පහත් අන්දමින් මන්ත්‍රිවරුන් හැසිරුණා. එය සිදු නොවිය යුතු දෙයක්. මම හිතන්නේ මාසකයට වරක් වත් එතුමා ඇතුළු කණ්ඩායම ගෙන්වලා ආර්ථික තත්ත්වය ගැන දැනුවත් භාවයක් ඇති කිරීම වැදගත්. නමුත් එවැනි අවස්ථාවල පාර්ලිමේන්තු මන්ත්රිවරුන්රට ගැන හැඟීමෙන් වගකීමෙන් වැඩ කළ යුතුයි. “යයිද විපක්ෂ නායකවරයා පැවසීය.







