අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“ආණ්ඩුවෙන් ජනතාවට සහන වෙනුවට අසහන” – සජිත්

by Lanka Sara Editor
අගෝස්තු 26, 2021
in පුවත්
sajith premadasa
Share on FacebookShare on Twitter

නිරෝධායනය වන ජනතාවට ලබා දෙන සහන මල්ල උදුරාගත් ආණ්ඩුව එතෙක් ලබාදුන් රු.5000/=දීමනාව වෙනුවට රු.1998ක “ඊනියා සහන මල්ලක්”ලබා දෙන්නට තීන්දු කිරීම මගින් අසරණ ජනතාව ඉලක්ක කොටගෙන එල්ල කළ තවත් මරු පහරක් බව විපක්ෂ නායක සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එයද ඇනවුම් කළවිට අයකිරීමකින් තොරව නිවසට එවීම සම්බන්ධයෙන් ආණ්ඩුව කරන ප්‍රකාශ සාවද්‍ය බව ඔහු සඳහන් කරයි.

ඒ පිළිබඳ විපක්ෂ නායකවරයා නිකුත් කළ නිවේදනයේ පහත කරුණු ද දැක්වේ.

“සහන මල්ල ද සහමුලින්ම ප්‍රෝඩාවක් වන අතර මේ ව්‍යසනකාරී මොහොතේ  සහන වෙනුවට අසහනය ජනතා කර මත පැටවීමට ආණ්ඩුව කටයුතු යොදා ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

රටට සෞභාග්‍යය රැගෙන එන බවට පුරසාරම් දෙඩූ අභිනව මුදල් අමාත්‍යවරයා පත්වූවාට පසුව, ඊට පෙර පැවැතියාටත් වඩා උග්‍ර ලෙස බඩු මිල ඉහළ ගොස් ඇති අතර, ඊට සාපේක්ෂව ආර්ථිකය ද කඩා වැටී ඇත.

◼️පසුගිය සතියේ සීනි කිලෝවක මිල රුපියල් 160 පැවැති අතර සතියක් තුළ සීනි කිලෝවක් රුපියල් 50 කින් පමණ ඉහළ ගොස් තිබේ. මිල පාලනය ආණ්ඩුවෙන් ගිලිහී ඇති ආකාරය එයින්ම පැහැදිළි වෙයි.
වෙළෙඳපොළ තුළ අසාමාන්‍ය ලෙස කිරිපිටි හිඟයක් දක්නට ඇති අතර,ඉන්ධන,ගෑස්,හාල්, ඖෂධ,පාන් ඇතුලු බොහෝ පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇත.

◼️ඕනෑතරම් ඖෂධ රට තුළ ඇති බවට මුසාවාදා පවසන ආණ්ඩුවේ වගකිවයුතු ඇමතිවරු ඒ අතරේ තානාපතිවරුන් හරහා ඖෂධ ඉල්ලමින් සිටියි.
එනයින් ගම්‍ය වන්නේ රට ගොඩනැගීම කෙසේ වෙතත් රටේ ජනතාවට අත්‍යවශ්‍ය අවම පහසුකම් ටික හෝ සැලසීමට ආණ්ඩුවට නොහැකි බවය .

◼️ශ්‍රී ලංකාව තුළ කොරෝනා ආසාදිතයින් පිළිබඳව පරීක්ෂණයට ලක් වන පුද්ගලයන්ගෙන් ආසාදිතයන් හමුවීමේ අනුපාතය 15.8% අනුපාතය ඉක්මවා ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන අතර අතිශය භයානක තත්ත්වයක් බව ඔවුන්ගේ පුරෝකතනය යි.

◼️මේ අතර බෙහෙත් වට්ටෝරු, ඇණවුම්, ලියාපදිංචිය ආදී තොරතුරු ඇතුළත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ක්ලවුඩ් හෙවත් දත්ත අවකාශයේ ගබඩා කළ තොරතුරු මැකී යාම බරපතළ ලෙස සැලකිල්ලට ගතයුතු ආන්දෝලනාත්මක සිදුවීමකි.මේ දත්ත මැකීම පිපිටුපස  ජාවාරම්කරුවන් පිරිසක් සිටිනවාද යන්න පිළිබඳව නිරවද්‍ය අපක්ෂපාතී පරීක්ෂණයක් කළ යුතුය.

◼️එදිනෙදා ජීවිත සම්බන්ධයෙන් මෙන්ම අනාගත අපේක්ෂාවන් සම්බන්ධයෙන් ද ජනතාව තුළ බලාපොරොත්තු බරපතල ලෙස කඩා වැටෙන තත්ත්වයට පත්ව ඇති අතර නිසි සැලසුමක් සහ ඉලක්ක සහගත වැඩපිළිවෙළක් නැති වීම හේතුකොටගෙන ආණ්ඩුවද මංමුලා වී සිටී.

” ශ්‍රී ලංකාව සුරක්ෂිත කිරීම ” සඳහා වන ඒකාබද්ධ සැලසුම් කෙරෙහි අවධානය යොමු කරනවා වෙනුවට දවසින් දවස ආණ්ඩුව සිදු කරමින් සිටින්නේ එදාවේල ගත කිරීම වෙනුවෙන් මාතෘකා ඇති කිරීම ය.

මේ තත්ත්වය පිළිබඳව සමගි ජන බලවේගයේ දැඩි අවධානය යොමුව ඇති අතර කඩාවැටී ඇති සහ කඩාවැටෙමින් ඇති ශ්‍රී ලංකාව ගොඩනැගීම වෙනුවෙන් ආණ්ඩුව ගනු ලබන ප්‍රායෝගික ක්‍රියාමාර්ග කවරේද යන්න පිළිබඳව අපි දැඩි උවමනාවෙන් යුතුව සිටින බවද දන්වා සිටින” බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කරන ලද නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හලාවත “ෆයිසර් මගඩිය“ පත්තු වේ… වෛද්‍යවරයෙක් සහ පවුල් සෞඛ්‍ය සේවිකාවක් මාරු කර පරීක්ෂණ අරඹයි…

Next Post

“තවත් සතියක් දෙකක්වත් රට අගුලුදමන්න” – රනිල්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.