සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආණ්ඩුවට පහසු නෑ… අයි.එම්.එෆ් අභියෝගයේ මහපොළොවේ යථාර්ථය ගැන හර්ෂ පැහැදිලි කරයි!

by editor
නොවැම්බර් 17, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රි ලංකා රජය ලෙස දියත් කර ඇති වැඩපිළිවෙළේ දී ඉදිරි තීරණාත්මක එකඟතාවයට එළඹීම සඳහා සැපිරිය යුතු පරාමිතීන් සහ රජය ජනතාවට පොරොන්දු වී ඇති සහන අතර විඝටනය ඉදිරියේදී අභියෝගාත්මක තත්ත්වයක් උද්ගත කරනු ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා අද ( 17 ) පැවසුවේය.

ඔහු පෙන්වා දෙන්නේ පවතින ප්‍රායෝගික තත්ත්වය සහ රජය විසින් ලබා දීමට පොරොන්දු වූ බදු සහන,  පුද්ගලීකරණය නොකරන බව කී ශ්‍රී ලංකන් සහ හිල්ටන් වැනි ආයතන පවත්වාගෙන ප්‍රාථමික ගිනුමේ ශේෂය සියයට 15 ක් පවත්වා ගැනීම අභියෝගයක් බවය.

රට ගැන කල්පනා කරමින් රජයට ඉදිරියේ දී විශාල දේශපාලන තීන්දු කීපයක් ගැනීමට සිදුවනු ඇති බව ද ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසුවේය.

ඔහු මේ ම්බන්ධව මෙවැනි අදහසක් ප්‍රකාශ කළේය.

RelatedPosts

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

අපි ඡන්දයට කලිනුත් අයි.එම්.එෆ් නියෝජිතයයන් සමග අප සාකච්ඡා කරපු වෙලාවේ ඔවුන්ගේ මතය වුනේ 2025 අයවැයෙන් පස්සේ තමයි ඔවුන් ඔවුන්ගේ කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමට එකඟ වෙනවා නම් එකඟ වෙන්නේ කියන එක.

ඒකට හේතුව තමයි 2025 දි පරාමිති වගයක් තියනවා ආණ්ඩුවට ඉෂ්ඨ කරන්න. උදාහරණයක් වශයෙන් රජයේ ආදායම සියයට 15ක් වෙන්න ඕන. ප්‍රාථමික ගිනුමේ අතිරික්තයක් තියෙන්න ඕන. ණය ප්‍රතිව්‍යුගත කිරිම ගිවිසුම් ගහලා ඉවර වෙලා තියෙන්න ඕන.

එතකොට ඔන්න ඔය කාරණා තුන පිළිබඳව රජයේ අවධානය සම්පූර්ණයෙන්ම යොමු වෙන්න ඕන මේ කාල පරාසයේ දි.
මම හිතන්නේ ජනාධිපතිවරයා බලපොරොත්තු වෙන්නේ පෙබරවාරි මාසේ මුල අය – වැයක් ගෙනන්ලා පෙබරවාරි අන්තිම වනවිට ඒක සම්මත කරගන්න.

රාජ්‍ය අංශයේ සියයට 24ක පඩි වැඩිකිරීමක් සම්බන්ධයෙන් සාකච්ඡා වුනා. මුදල් වෙන් කරලා තිබුණෙ නෑ කිව්වා. නමුත් ඊලඟ පාර මුදල් වෙන් කරගන්න පුලුවන් වෙයි.

ඊලඟට උපයනවිට ගෙවීමේ බද්ද ලක්ෂයෙ ඉඳන් ලක්ෂ දෙකට යනකම් කිසිම කෙනෙක් කිසිම බද්දක් ගෙවන්න ඕන නෑ කියලා ජනාධිපතිවරයා පොරොන්දු වුනා. ඒක කරන්න වෙයි.

ඊලඟට වැට් සමහර ඒවා අයින් කරනවා කිව්වා. ඒක කරන්න වෙයි.

මෙතන තියන ගැටලුව කොහොමද ඒවා ඔක්කොම කරන්නේ සහ අර ආදායම එකතු කරගන්නෙ කියන එක. එතන තමයි අභියෝගය තියෙන්නෙ. මොකද එක තැනකින් බදු අඩු කළා නම් තව තැනකින් ආදායම වැඩි කරගන්න හැකියාවක් තියෙන්න ඕන.

අනෙක් එක තමයි ශ්‍රි ලංකන් එයාර් ලයින්ස් ආයතනය, හිල්ටන් හෝටලය වගේ දේවල් කිසිම දෙයක් පුද්ගලකරණය කරන්නෙ නෑ කිව්වා. ඒ නිසා රජයෙන් එව්වටත් මුදල් වෙන් කරන්න වෙනවා. එතකොට වෙන්නේ වියදම යම් කිසි ප්‍රමණයකට ඉහළ යනවා ආදායම අඩුවෙන අතරේ. ඒ නිසා ප්‍රාථමික ගිනුමේ අතිරික්තය සම්බන්ධයෙන් සලකන්න වෙනවා.

මෙතන තියෙන්නේ මේකයි. දේශපාලන වශයෙන් ආණ්ඩුවට යම් යම් තීරණ ගන්න වෙයි. මොකද රනිල් වික්‍රමසිංහ මැතිතුමා පටන් ගත්ත වැඩපිළිවෙළ ඉස්සරහට අරගන යෑමේ වගකීම දැන් තියෙන්නේ අනුර කුමාර ජනාධිපතිවරයාට.

තව එක දෙයක් මතක් කරන්න ඕන. ඒ තමයි දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරිමේ දී අර්ථ සාධක අරමුදලට දැවැන්ත පහරක් වැදුනා. අපි අපේ ඡන්ද ව්‍යාපාරයෙදි කිව්වේ ඒ සම්බන්ධයෙන් අපි ක්‍රියාත්මක වෙනවා අසාධාරණය සාධාරණයක් කරන්න කියලා.

නමුත් මොවුන් කිසිම විදිහකට දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟතාවය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ එකඟතාවයට වඩා කිසිසේත්ම වෙනස් කරලා නෑ. ඉතින් නොයෙකුත් අභියෝග තියනවා ජය ගත යුතු. ” හර්ෂ ද සිල්වා පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකාවේ ඉතිහාසය වෙනස් කර රටට දෑස් දෙන්න පාර්ලිමේන්තු යන දෑස් නොපෙනෙන සහෝදරයා… සුගත් වසන්ත ද සිල්වාගේ කතාව….

Next Post

නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම හෙට… අගමැති හරිනිම තමයි!

Related Posts

පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R
පුවත්

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026
පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!
  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.