අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අහුන්ගල්ල කටුවිල මුළු කොවිඩ් ආසාදිතයන් ගණන 30ක් දක්වා වැඩි වේ…

by editor
නොවැම්බර් 1, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ජයකාන්ත ලියනගේ – බළපිටිය-

අහුන්ගල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාසය තුළ කටුවිල කොරෝනා පොකුරෙන් මේ වන විට කොරෝනා වෛරසය අසාදිත රෝගීන් තිස් දෙනෙකු (30) හඳුනාගෙන තිබෙන බව අහුන්ගල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක චින්තක සේනාධිරත්න අද ලංකාසරට (01) ප්‍රකාශ කළේය.

අහුන්ගල්ල කටුවිල ප්‍රදේශයේ මළ ගෙදරකට නැව් තටාකාංගයේ සේවය කරන කොරෝනා ආසාදිතයකු බව කියන අයකු සහභාගිවීමෙන් මෙම රෝගය අහුන්ගල්ල ප්‍රදේශයට ව්‍යාප්ත වී තිබේ. එම කොරෝනා රෝගියාගේ බිරියටත්, මවටත්, පියාටත් පළමුවෙන් රෝගය ආසාදනය වී තිබූ අතර පසුගිය 24 දින වන විට ඔවුන් ඇසුරු කළ පුද්ගලයින් 24 දෙනෙකුට කොරෝනා රෝගය අසාදනය වී තිබූ බව බළපිටිය සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

පසුගිය විසි තුන් වෙනි දින අහුන්ගල්ල, කටුවිල ප්‍රදේශය කේන්ද්‍රකර ගනිමින් පීසීආර් පරීක්ෂණ හත්සියයකට (700) අධික ප්‍රමාණයක් බළපිටිය සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් කර තිබෙන අතර ඒවායේ ප්‍රතිඵල අනුව මෙම කොරෝනා රෝගීන් හඳුනා ගෙන තිබේ.

අහුන්ගල්ල, කටුවිල මල ගෙදරට පැමිණි කොරෝනා අසාදිත පුද්ගලයා අහුන්ගල්ල නගරයේ පිහිටි ආයුර්වේද බෙහෙත් ශාලාවකින් ප්‍රතිකාර ලබා ගෙන තිබෙන අතර ඔහුට ප්‍රතිකාර කරන ලද වෛද්‍යවරියට සහ ඇයගේ පුරුෂයාටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව තහවුරු විය. කොරෝනා අසාධිතයා ප්‍රතිකාර සදහා පැමිණි පසුගිය 13 වෙනි දිනෙන් පසු මෙම ආයුර්වේද මධ්‍යස්ථානයෙන් එකසිය හැට දෙනෙකු ප්‍රතිකාර ලබා ගෙන තිබේ. මේ දිනවල ඊට අදාල ආශ්‍රිතයින් සොයමින් පවතින අතර එම නිවාස බොහොමයක් ස්වයං නිරෝධානයට ලක් කර තිබේ. ඉදිරියේදී ඒ අයගේද පීසීආර් පරීක්ෂණ සිදුකරන බවද බළපිටිය සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කොස්ගොඩ පොලීසියේ නිලධාරයකුද මෙම ආයුර්වේද මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර ලබා ගැනීම හේතුවෙන් පසුගිය 25 දින එම පොලිස් ස්ථානය තාවකාලිකව වසාදමා එහි නිලධාරින් හතළිස් නව දෙනෙකු නිරෝධායනය කිරීමටද ඇල්පිටිය ජේෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය පියවර ගෙන තිබුණි. පොලීසිය සම්පූර්ණයෙන්ම විෂබීර හරණයට ලක් කිරීමෙන් පසු ඇල්පිටිය කොට්ඨාශයේ වෙනත් පොලිස් ස්ථාන වලින් නිලධාරීන් අනුයුක්ත කර කොස්ගොඩ පොලීසියේ සේවාවන් ඊට පසුදින (26) නැවත පවත්වා ගෙන යෑමට කටයුතු කළේය.

මේ හේතුවෙන් කොස්ගොඩ පොලිස් ස්ථානයේ සේවය කල පොලිස් නිලධාරින් අට (08) දෙනෙකු හබරාදුව පොලිස් නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර අනෙකුත් පොලිස් නිලධාරීන් ඔවුන්ගේ නිවෙස්වලම ස්වයං නිරෝධායනය සඳහා යොමු කල බව ඇල්පිටිය ජේෂ්ඨ පොලිස් නිලධාරී කාර්යාලය කියයි.




Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් මැද රට වනසමින් උතුරේ දී සිදුවන ඉන්දියා – ලංකා මත්ද්‍රව්‍ය ජාවාරම

Next Post

ඇඳිරි නීතියට පෙර බස්නාහිරින් පැන්න අයව ගෙදර එනකොට කොටු කරන මෙහෙයුම හෙට

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.