සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අහිංසක ජීවිත දෙකක් අහිමි කළ යුද හමුදා කර්නල් ගේ මදාවි රියදුරුකම!

by editor
දෙසැම්බර් 10, 2022
in පුවත්
මිය ගිය මව සහ පුතා..

මිය ගිය මව සහ පුතා..

Share on FacebookShare on Twitter

යුද හමුදා  21 වැනි බලසේනාවේ සම්බන්ධීකරණ නිලධාරියෙක් වූ කර්නල් වරයාගේ මදාවි රියදුරුකම මේ වනවිට 43 හැවිරිදි  මවකට සහ 15 හැවිරිදි පාසල් දරුවෙකුට ජීවිතය අහිමිකර එක් පවුලක් සුනු විසුනු කර තිබේ.

අම්මා පසුගිය 07 වැනිදා අවසන් ගමන් ගියාය. 15 හැවිරිදි පුතා අද අවසන් ගමන් ගියේය.  හදවත් රෝගියෙක් වූ 45 හැවිරිදි තාත්තා වෙනුවෙන් මේ මහා ඛේදවාචකය මහ මෙරක් සේ දරාගෙන මේ කතාව අපට කියන්නේ මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ඒ සාමාර්ථ 7ක් හා බී සාමාර්ථ 02ක් සමගින් මහා ජයග්‍රහණයක් අත් කරගත් කිංස්වුඩ් විද්‍යාලයේ ඉගනුම ලබන  ඔමේෂන ප්‍රවීන් බණ්ඩාරය.

ඛේදවාචකයක් බඳු මේ අනතුර සිදුවන්නේ පසුගිය 05 වැනිදා ය. වෙලාව සවස 3.30ට පමණ ඇත. මාතලේ දඹුල්ල ඒ 09 මාර්ගයේ    මාතලේ දෙස සිට දඹුල්ල පැත්තට පැමිණි ඩබල් කැබ් රථයක් මන්දණ්ඩාවලදී පැමිණි මංතීරුවෙන් ඉවත්ව ගොස් තමන් ඉදිරියට පැමිණි යතුරුපැදියක්, ත්‍රී රෝදරථයක්, ඩිමෝ බට්ටෙක් හප්පාගෙන ගොස් පාරේ අනෙක් මං තීරුවේ නතර වන්නේය.

රථය පදවාගෙන පැමිණියේ කර්නල් වරයෙකි. රථය ඇත්තේ ඔහුගේ බිරියගේ නමටය. කර්නල්ගේ රියදුරු වාහනයේ අනෙක් පස අසුනේ ඉඳගෙන සිටියේය.

යතුරුපැදියේ ගමන් කරමින් සිටි ටී.එම්. චමිලා දර්ශනී අම්මා එතැනම මියගොස් තිබිණි. පුතාවූ 15 හැවිරිදි විශ්ව ප්‍රමෝද් බණ්ඩාර බරතල තුවාල සහිතව සිහි විසඥව සිටිය දී මහනුවර ජාතික රෝහලට ඇතුළු කරන්නේය. තරුණ පාසල් සිසුවා පෙරේදා රෝහලේ දී මිය ගියේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

දරාගත නොහැකි මේ ව්‍යසනය සම්බන්ධව ඔමේෂන ප්‍රවීන් බණ්ඩාර පුතා අපට කීවේ මෙසේය.

“ මගෙ තාත්තා රැකියාව කළේ ජෝර්දානයෙ. තාත්තාට එහිදි හෘදයාබාධයක් වැළඳුනා. ඔහුව ලංකාවට ගෙන්වාගෙන ප්‍රතිකාර කළා. තාත්තා අසනීප නිසා ගෙවල් ලඟ පුංචි වැඩපලක රැකියාවට යැව්වෙ ගෙදර ඉන්න එකත් හොඳ මදි හින්දා.“

අපේ පවුල ජීවත් කළේ අම්මා. අම්මා පොඩි කේටරින් සර්විස් එක්ක කළා. එකෙන් උපයන දෙයින් තමයි අපිට ඉගැන්නුවේ. අම්මගෙ ලොකු බලාපොරොත්තුවක් තිබුණා මගෙ අධ්‍යාපනය ගැන. මේ සැරේ සාමාන්‍ය පෙළ අම්මා බලාපොරොත්තු වෙච්චි ප්‍රතිඵල මට අරන් දෙන්න පුලුවන් වුනා. ඒක තමයි මට තියන ලොකුම සැනසීම.

මේ තියන තත්ත්වයත් එක්ක තාත්තා ආයෙ රට යන්න කල්පනා කරන් හිටියෙ. එයා 06 වැනිදා යන්න හිටියෙ. අම්මා මල්ලිත් එක්ක බයික් එකේ ගියෙ තාත්තගෙ පීසීආර් රිපෝට් එක අරන් එන්න.

ඒ යනකොට තමයි මේ විනාසෙ වෙලා මට අම්මයි මල්ලියි දෙන්නම නැති වුනේ. මේක දරාගන්න ඕන කොහොම ද කියලා මට තේරෙන්නෙ නෑ. ඒත් මේ මහා වේදනාව තාත්තා වෙනුවෙන් මට දරාගන්න වෙනවා. එයා මට ඕන. තාත්තා හෘදයාබාධයක් තියන කෙනෙක්. ඔහුව ආරක්ෂා කරගන්න මම ශක්තිමත් වෙන්න ඕන. අම්මයි මල්ලියි ගියා. මගෙ එකම බලාපොරොත්තුව තාත්තව ජීවත් කරගන්න එක.“

ඒ තාත්තා වසන්ත බණ්ඩාරය. දැන් මාතලේ මඩවල උල්පත මැදිරො 95/4 නිවසේ ඒ තාත්තා සහ ලොකු පුතා විතරය.

මේ මහා ව්‍යසනය සිදුකළ කර්නල් තැන මාතලේ පොලිසිය  මගින් අත්අඩංගුවට ගෙන මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේය. ඔහු මරණ දෙකක් සිදුකර තිබේ. රිය පැදවූයේ බීමතින් ද යන්න පිළිබඳව පරීක්ෂණ පවත්වා ඇත. බීමතින් රිය පැදවූ බවක් තහවුරු වී නැත. වෙන මත්ද්‍රව්‍යයක් භාවිතා කර තිබුණා  ද යන්න සොයා බැලීම සඳහා මේ වනවිට ඔහු රුධිර පරීක්ෂාවකට යොමු කර තිබේ.

සියල්ල සිදුවී අවසානය.  වැනසුන ජීවිත දෙකට වන්දි ගෙවිය නොහැකිය. නමුත් හුදකලා වූ මේ රෝගී තාත්තාට සහ අධ්‍යාපනය ලබන දරුවාට ජීවිතට යමක් ඉතිරිවී තිබිය යුතුය.

එකම පිළිසරණ නීතියේ සාධාරණය පමණය.  මහනුවර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න සිදුවීම සම්බන්ධ තමන්ම මැදිහත් වී පුලුල් පරීක්ෂණයක් සිදුකර මේ අසරණයින්ට සාධාරණයක් කිරීමට මැදිහත් වී ඇත. එය අස්වැසිල්ලකි.

නිල ඇඳුමේ විනය පාරේදී පෙන්විය නොහැකි නම් ඒ නිල ඇඳුම් නිකම්ම නිකම්  ගෝනි පඩංගුවලට දෙවැනි නැත.  අවිනීති මිනිස්සු තරාතිරමකින් තොරව දඬුවම් ලැබිය යුතු බවට විශ්වාස කරමු.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමග පෘතුගාලය විසිවෙයි… මොරොක්කෝව අවසන් පූර්ව වටයට!

Next Post

මේ  රටේ මිනිස්සු වසරේ මුල් මාස 10 තුළ රුපියල් කෝටි විසි දාහක රන් බඩු උකස් කරති!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.