බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අහසින් වැටෙන හඳුනා නොගත් සුදු කෙඳි පොලොන්නරුව අවට ගම්වැසියන් නොසන්සුන් කරයි!

by editor
ඔක්තෝබර් 11, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

පොළොන්නරුව දිඹුලාගල, වැලිකන්ද, ඇතුළු මහවැලි බී කලාපයේ ප්‍රදේශ රැසකට දින දෙකක කාලයක් පුරා උදෑසන කාලයේ අහසින් කඩා හැලෙනා හඳුනා නොගත් මකුළුදැල් වලට සමාන සුදු පැහැති කෙඳී වර්ගයක් පතිත වීම නිසා ප්‍රදේශවාසීහු විමතියට පත් වී සිටිති.

ඊයේ (10) පොලොන්නරුව, ජයන්තිපුර ප්‍රදේශයට මෙම හඳුනා නොගත් සුදු පැහැති කෙඳි වර්ග හෙවත් මකුළුදැල්වලට සමාන ද්‍රව්‍ය වැටීමත් සමගම ප්‍රදේශයේ පෙර පාසලක්ද වසා දැමීමට තීරණය කෙරිනි.   එම සුදු පැහැති   කැබලි මධ්‍යම පරිසර අධිකාරියේ මගින් පරීක්ෂණයක් සඳහා කොළඹට යවා ඇති බවද සඳහන් වේ.

අද (11) උදෑසන කාලයේදී දිඹුලාගල, නුවරගල, පිහිටිවැව, යක්කුරේ, මනම්පිටිය, සිරිපුර, ඇතුළු අවට ප්‍රදේශ වලටත් වැලිකන්ද නෙළුම්වැව, මධුරංගල, ඇතුළු අවට ගම්මාන වලටත් මෙම සුදු පැහැති ද්‍රව්‍ය වැටෙමින් පවතින බවට අහස හොඳින් නිරීක්ෂණය කරන අයවලුන් දැක තිබේ.

අහසෙන් වැටෙන එම මකුළු දැල්වලට සහ පුළුන් කැබලි වලට සමාන ද්‍රව්‍ය හිරු රස්නයට මෙන්ම අධික උෂ්ණත්වයට දියවී යන බවත්, උදෑසන කාලයේ මේවා විශාල වශයෙන් පොලොන්නරුව ප්‍රදේශයට වැටෙන අතර ඒවා ප්‍රදේශයේ විදුලි රැහැන් හා ශාකවල දැවැටී තිබෙන අයුරු ප්‍රදේශවාසීන් විසින් දැක නිරීක්ෂණයට ලක්කර ඇත.

අහසින් පොළොවට පතිත වන හඳුනා නොගත් එම සුදු පැහැති ද්‍රව්‍ය අතට ගෙන තත්පර කිහිපයක් ඇතුලත   දිය වීමට ලක්වන බවද   පොළොන්නරුව ඇතුළු අවට ගම්මානවල ගොවීහු සඳහන් කරති.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

පොළොන්නරුව ඇතුළු අවට ප්‍රදේශවලට මේ දිනවල රාත්‍රී කාලයේ ගිගුරුම් වැසි පතිතවන අතර එම වර්ෂාවෙන් අනතුරුව පසුවදා පවතින හිරු රස්නයක් සමග මෙම හඳුනානොගත් ද්‍රව්‍ය පොලොවට අහසින් පාත් වන අතර මීට වසර තුනකට පමණ ඉහතදී ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට මෙන්ම ඒ අවට දලුකාන, නාමල්පොකුණ, මලියදේවපුර, සොරිවිල, මනම්පිටිය, ඇතුළු අවට ගම්මාන වලටත් මෙවා වැටී තිබිණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අනියම් බිරියව ඔසවා පොලොවේ ගසා ඝාතනය කළ රම්බෝ ට මරණ දඩුවම

Next Post

පින්නදූව ඉමදූව අතර දී අධිවේගී මාර්ගයට දැවැන්ත පස් කන්දක් කඩා වැටේ… අනතුරින් විශේෂ කාර්ය බලකායේ සෙබලුන් 05ක් රෝහලේ…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.