බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අහන්න බලාපොරොත්තු වුන කතාවක්… ඔබ නීතිය හා සාමය රකින්න… කිිසිම ආකාරයකට දේශපාලකයින් ලෙස අප ඔබේ රාජකාරියට අත පොවන්නේ නෑ… ඇමති විජිත කියයි!

by editor
සැප්තැම්බර් 26, 2024
in පුවත්
dc
Share on FacebookShare on Twitter
  • අපි දේශපාලකයින් හැටියට අපේ සීමාව දන්නවා. අපි ඒ සීමාවෙ ඉන්නම්… රාජ්‍ය සේවකයො හැටියට නිවහල්ව ඔබේ රාජකාරිය කරන්න – අගමැති හරිනි

  • අපි කිසිම ආකාරයක දූෂණයකට වංචාවකට අපේ පැත්තෙන් ඉඩ තියන්නේ නෑ… අපි නොකරන කිසිම දෙයක් ඔබත් මින් පසු කරන්න බෑ. – වරාය හා සිවිල් ගුවන්සේවා ඇමති විජිත

කාර්යක්ෂම සහ ජනතාවාදී රාජ්‍ය පාලනයක් ගොඩනැගීම තමන්ගේ ඉලක්කය බව ආචාර්ය හරිනී අමරසූරිය කීවාය. ඊයේ ඇය මේ බව පැවසුවේ අග්‍රාමාත්‍යවරිය ලෙස වැඩ භාරගැනීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරිය ලෙස සිය කාර්යාලයේ නිලධාරීන් මුල් වරට අමතමිනි.

ශක්තිමත් ජනතාදී රාජ්‍ය සේවයක් ගොඩනගන එක තමයි අපේ අරමුණ. රාජ්‍ය සේවය කියන එක තුළ නැවත වතාවක් ඒ සේවා ගරුත්වය ඇති කළ යුතුයි. ජනතාව සහ රාජ්‍ය සේවය අතර විශ්වාසය ගොඩනැගිය යුතුයි. රජයේ සේවකයින්ට සාධාරණව වැඩ කරන්නත් පුලුවන් වෙන්න ඕන.

අප දකින විදිහට දේශපාලනයට තියනවා කාර්යභාර්යයක්. රාජ්‍ය සේවයට තියනවා කාර්යභාර්යයක්. හැබැයි දේශපාලඥයාගේ සීමාව දේශපාඥයා දැනගන්නත් ඕනි. රාජ්‍ය සේවකයා තමන්ගේ සීමාව තේරුම් අරන් කටයුතු කරන්නත් ඕන. අපි එකතු වෙලා වැඩ කරමු.

අගමැතිවරිය ඉල්ලා සිටියාය.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණ වැඩ භාරගත් විජිත හේරත් පොලිසිය ඇමතුවේය. මෑත කාලයේ දී පොලිස් දෙපාර්තමේන්තුවට ඒ ආකාරයෙන් කිසිම දේශපාලඥයෙක් කතා කළ බව මතක නැත.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

“පොලිසියේ උසස් නිලධාරී මහත්තුරුන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ මෙතෙක් පැවතුනා නම් විවිධ වැරදි ක්‍රම ඒ වැරදි ක්‍රම වෙනස් කරමු. ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ නිදහස අපි දෙනවා. ඔබතුමාලගේ පැත්තෙන් තියෙන්නේ දේශපාලඥයින්ගේ මැදිහත්වීම්වලට අනුව කටයුතු කරන්නේ නැතිව නීතිය සහ සාමය රැකීම. එය ස්වාධීනව කරන්න. කිසිදු දේශපාලන මැදිහත්වීමකට යට වෙන්න එපා. අපේ ආණ්ඩුවේ ඇමතිවරු, මන්ත්‍රීවරු ඕඅයිසී මහත්තුරුන්ට කතා කරලා අරදේ කරන්න මේ දේ කරන්න කියලා වැරදි පරණ සංස්කෘතිය කරන්නේ නෑ. ඒ ගැන අපි සහතික වෙනවා. මේ රටේ ජනතාවටත් අපි ඒක කියනවා. ”

“මෙතැන් සිට අලුතින් වැඩ කරමු. රට අලුත් තැනකට ගෙනෙමු. එ් වෙනුවෙන් අපි සෑම දෙනාම කැපකිරීමක් කරලා මැදිහත් වෙමුය කියන ඉල්ලීමත් නිලධාරීන් සියලු දෙනාගෙන්ම ඉල්ලීමක් කරනවා.”

මේ රටේ වෙනසට ඒ වෙනස් වචන ටික හරහා පොලිස් දෙපාර්තමේන්තුවට ලැබෙන පෞරුෂය ප්‍රමාණවත්ය. මෙවැනිම කතාවක් විජිත වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශයට පැමිණ රාජකාරි අරඹමින් නිලධාරීන්ට පැවසුවේය.

“රටේ ජනතාව නව ජානාධිපතිවරයාට ඡන්දය දුන්නේ මේ රටේ මෙතෙක් පැවතිච්ච දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න. දේශපාලන සංස්කෘතිය වෙනස් කරනවා කියන්නේ දේශපාලනඥයන්ගේ විතරක් නෙමෙයි. නිලධාරීන්ගේ පැත්තෙන් රජයේ ආයතනවලත් එය වෙනස් විය යුතුව තියනවා. සරල භාෂාවෙන් ගත්තොත් දේශපාලන සංස්කෘතිය කිව්වට හොරකම,  වංචාව, දූෂණය, නාස්තිය, අපේ රටෙන් තුරන් කරන්න තමයි අපට ජන වරම ලබා දීලා තියෙන්නේ.

දේශපාලඥයින් හැටියට විවේචන තියනවා වගේම   අපේ රටේ මහ ජනතාවට රාජ්‍ය ආයතන පිලිබඳවත් දිගුකාලීන විවේචන තියනවා. සමහර විවේචන එල්ල වෙන්නේ දේශපාලන අධිකාරියෙ වැරදි නිසා නිලධාරීන්ට මුහුණ දෙන්න වෙන තත්ත්වයන්. තවත් සමහර දේවල් තියනවා නිලධාරීන්ගේ පැත්තෙන්ම වෙච්ච අඩුපාඩුකම්.

දැන් ඒ අතීතය අපි ඉවර කරන්න ඕන. අපි අනාගතයේ දි හදන්න ඕන වංචාවෙන් දූෂණයෙන් තොර අමාත්‍යාංශයක් වගේම රටක් හදන්න ඕන.   එතනදි මටත් විශාල වගකීමක් පැවරෙනවා. ලේකම් තුමා ඇතුළු ඔබ සියලු දෙනාටත් ඒ වගකීම පැවරෙනවා.

අතීතයේ යම් යම් අඩුපාඩු සිද්ධ වෙන්න ඇති. හැබැයි මම අවධාරණය කරලා කියනවා මෙතනින් එහාට මේ අමාත්‍යාංශවල කිසිම ආයතනයක මෙවැනි සිදුවිමක් වාර්තා වෙන්න බෑ. ඒක අපි දැඩි ලෙස අවධාරණය කරනවා. මොකද අපට ජන වරම තියෙන්නේ ඒකට. ඒ ජනවරම ක්‍රියාත්මක කරන්න අපි කවුරුත් බැඳිලා ඉන්නවා.

අර ඇමතිතුමා මේ ඇමතිතුමා අරක කරන්න මේක කරන්න, අහවලාට මේ ටෙන්ඩරය දෙන්න, උඩින් දාන්න වගේ දේවල් අපි කියන්න එන්නෙ නෑ. අපි ඒවා කියන්නේ නැතිනම් ඔයාලත් ඒවා කරන්න බෑ. අපි කරන්නේ නැතිනම් ඔයලාගෙ පැත්තෙනුත් හිතවත්කම්වලට යාලුකම්වලට වෙන්න බෑ. මෙතනින් එහාට නිවැරදි ප්‍රසම්පාදන ක්‍රියාවලියයි ටෙන්ඩර් පටිපාටියයි අනුගමනය කරලා සියලු ව්‍යාපෘති සිදුකළ යුතුව තිබෙනවා.

ඇමති දූෂණ නවත්වමු කියනකොට නිලධාරින් ටික…

කලින් කොහොම වැඩ කළා උනත් කමක් නෑ. විවිධ ඇමතිවරුන් එක්ක වැඩකරලා ඇති. ඒ විදිහටම වැඩ කරන්න ලෑස්ති වෙන්න එපා. අපි අලුත් විදිහට වැඩ කරමු.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

මම දේශපාලන හේතුමත සලකලා වැඩ කරන්නේ නැතිනම් ඔයාලගේ පැත්තෙනුත් වගකීමක් බැඳීමක් යුතුකමක් තියනවා එහෙම නැතිව වැඩ කරන්න.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහ මැතිවරණයට නාමයෝජනා කළ යුතු අපේක්ෂකයින් ගණන මැතිවරණ කොමිසම නිවේදනය කරයි!

Next Post

මැච් එකට ගාල්ල ලෑස්තියි… කාසියේ වාසිය අපට…

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.