බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අසාධාරණය වෙනුවෙන් පෙනී සිටීම ආඩම්බරයක්… කිරුළ අත්හරිමින් කැරොලයින් කියයි…

by editor
අප්‍රේල් 21, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

අසාධාරණයට එරෙහිව පෙනී සිටීම සම්බන්ධව තමන් සැබෑ ලෙසම ආඩම්බර වන බවත්, ලෝක විවාහක රූ රැජන සංවිධායකවරුන්ද  අනුමත නොකරන දුස්ප්‍රයෝගයන්ට අසාධාරණයන්ට  එරෙහිව තමන් නැගී සිටි බවත්, අයුතු, අසාධාරණ සහ අයුක්තිසහගත වටපිටාවක ලෝක විවාහක රූ රැජන කිරුළ හිස පැළඳීම, එම කිරුළේ අරමුණු  සහ සියලු කාන්තාවන්ගේ අයිතිය පාවා දීමක් බැවින් තමන් කිරුළ අත්හරින බවත්  ලෝක විවාහක රූ රැජන ලෙස කිරුළු දරා සිට කැරොලයින් ජූරි ඇමරිකාවේ ලෝක විවාහක රූ රැජන සංවිධායන්ට ලිඛිතව දන්වා  ඊයේ  (20) සිය කිරුළ අත්හැරියාය.

ඒ අනුව ලෝක විවාහක රූ රැජන සංවිධායකවරුන් සමග 2019 නොවැම්බර් 04 දා එළැඹි අවබෝධතා ගිවිසුම අවසන් කරන බවත් ඇය දන්වා යවා තිබිණි.

වර්ෂ 2019 ලෝක විවාහක රූ රැජන තරගයෙන් කිරුළ දිනා ගනු ලැබුවත් නිරූපණ සහ විලාසිතා ක්ෂේත්‍රයට අමුත්තෙක් වූ තමාට එම ක්ෂේත්‍රයේ උපාය, ප්‍රයෝග සහ විජ්ජාවන් තවමත් නෙවැටහෙන බවත් තමන් පෙනී සිටින්නේ සාධාරණ අවස්ථා වෙනුවෙන් පමණක් බවත් ඇය සිය ලිපියේ සඳහන් කර තිබුණාය.

වර්ෂ 2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජන තේරීමේ තරගයේ දී සිදුවූ බලපෑම්, බලපුලුවන්කාරකම්, සහ වෘත්තීය ගෞරවය කෙළෙසීම් දුටු විට නොදැක්කා සේ සිටීමට තමන්ට නොහැකි වූ බව පෙන්වා දෙන කැරොලයින් ජූරි අසාධාරණකම් සම්බන්ධව ඉව වැටුණු මොහොතේ සිට ඒවා ප්‍රශ්න කළ බවත්, අවසානයේ වගකීම් සහගතව ක්‍රියා කරන ලෙස දන්වා අනතුරුව ඒ සම්බන්ධව ලෝක විවාහක රූ රැජන සංවිධායකවරුන්ද දැනුවත් කර  විනිශ්ඡය මණ්ඩලයෙන් ඉල්ලා අස් වූ බවත්, තමන් පෙනී සිටියේ  කිසිදු අසාධාරණයකින් හෝ අයුතු බලපෑමකින් තොරව තමන්ට සමාන සහ සාධාරණ ලෙස සලකනු ඇතැයි බලාපොරොත්තුවෙන් ඒ තරගයට පැමිණි සියලු තරගකාරියන් වෙනුවෙන් බවත් කීවාය.

RelatedPosts

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ලෝක විවාහක රූ රැජන කිරුළ නියෝජනය කරන්නේ විවාහ ජීවිතයක් ගෙවමින්, ඒ වෙනුවෙන් මහා කැපකිරීම් සහ වගකීම් දරමින්ම තම සිහින ජයගන්නා විවාපත් කාන්තාවන් මිස තරග නීති රීතිවලින් රිංගා යෑම්, අයුතු බලපෑම් කිරීම් සහිත අසාධාරණය ජයග්‍රහණය සඳහා යොදවන අයවලුන් නොවන බවත් ඇය පෙන්වා දුන්නාය.

කැරොලයින් ජූරි විසින් ලෝක විවාහක රූ රැජන සංවිධායකයන් වෙත යොමු කළ ලිපියේ සිංහල පරිවර්තනය   පහත දැක්වේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලබා ගත් රෝගීන් හයකගේ රුධිරය කැටිගැසීම් වාර්තා වෙලා

Next Post

සචිත්‍ර සේනානායකට විදේශ මුදල් ලැබීම සම්බන්ධව මූල්‍ය බුද්ධි වාර්තාවක්  ඉල්ලයි..

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.