අවුරුදු 60ට වැඩි පුද්ගලයින් මිලියන 2.7 සිටියද වර්ධක එන්නත් මාත්‍රාව ලබාගෙන ඇත්තේ 1,90,000ක් දෙනා පමණක් යැයි වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ සඳහන් කරයි.
කොවිඩ් මරණවලින් සියයට 80 – 85 අතර දෙනා මිය යනුයේද වයස අවුරුදු 60 වැඩි පුද්ගලයින් යැයි ද හෙතෙම පෙන්වාදේ.
කොවිඩ් වර්ධක මාත්‍රාව ලබා ගන්නේ නම් කොවිඩ් මරණ ඇතිවිය හැකි සංකූලතාවන්ගෙන් මිදිය හැකි බවද හෙතෙම කියයි.
කෙසේ නමුත් අවුරුදු 20ට වැඩි ජනගහනය මිලියන 14 ක් සිටියද වර්ධක මාත්‍රාව ලබා නොගත් පිරිස මිලියන 6ක් පමණ වන බව වෛද්‍ය ගිනිගේ මහතා පෙන්වාදේ.