ප්‍රවීණ ලේඛක ජයකොඩි සෙනෙවිරත්නයන් අභාවප්‍රාප්ත විය. ඔහු මියයන විට 86 වැනි වියෙහි පසුවිය.
පාඨක සහෘදයින් විසින් සෙනෙහසින් වැළඳගත් ලේඛකයෙක් වූ ජයකොඩි සෙනවිරත්නයන් සිය හැත්තෑ වසර ලෙඛන දිවිය තුළ නවකතා 68 සහ තවත් කෘතීන් ගණනාවක් මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයට දායාද කළේය.
ඔහුගේ පළමු කෘතිය වූ “ආදර ගඟ ගලන දෑස” නවකතාව 1968 වසරේදී පළ වූයේය. ‘සිත්තරෙකුට පෙම් බැඳ’, ‘දෙමස්සිනෝ’, ‘මිහිඳුම් සළු’, ‘රන තිසරු’, ‘නොමැරෙන මිනිස්සු’, ‘සොල්දර ගෙදර’, ‘අග මෙහෙසිය’, ‘කුමාරිහාමි’, ‘වක්කලම’, ‘පටලැවිල්ල’, ‘වජිරපාණි’, ‘රූමතිය’, ‘බකිනි මල’, ‘රන් තරුව’, ‘පංචකල්‍යාණි’, ‘සුන්දර සහ දේවින්ද’, ‘පිනි පලස’, ‘ස්වරණ වර්ණ’, ‘උරචක්‍රමාලය’, ඔහු විසින් රචිත අතිශය පාඨක සම්භාවනාවට ලක් වූ කෘතීන්ය.
මේ අතරින් “මිහිඳුම් සළු” නවකතාව සුනිල් ආරියරත්නයන් විසින් සිනමා පටයකට තෝරා ගත් අතර එහි තිර පිටපත ලිවුවේද සෙනෙවිරත්නයන් ය .
වර්ෂ 1984 දී “කුමාරිහාමි”නව කතාව රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි විය. කුමාරිහාමි ටෙලි නාට්‍යයට පාදක වූයේද මෙම නවකතාවය.
නොමැරෙන මිනිස්සු, කස්තිරස, නිකිණි වැස්ස , දහස්ගව්දුර(සහෝදරයෙක්) ටෙලි නාට්‍යයට නැගූ ඔහුගේ නවකතාවන්ය.
ජයකොඩි සෙනවිරත්නයන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ…