බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ පරිසරය

අවුරුදු 35 කලින් පකිස්තාන් පැටවූ “කාවන්“ අලියා ලංකාවට යළි එන ලකුණු

අධිකරණ තීන්දුව අනුව කැළෑවට යවන්න බෑ. රැකවරණය ඇති තැනක් තියෙන්නෙත් ලංකාවෙ විතරයි..

by editor
මැයි 29, 2020
in පරිසරය, පුවත්
කාවන් සත්වෝද්‍යානයේ මඩුවෙහි  බිත්තියට සිය හිස තද කරගෙන සිටින දුක්ඛිත ඉරියව්ව

කාවන් සත්වෝද්‍යානයේ මඩුවෙහි බිත්තියට සිය හිස තද කරගෙන සිටින දුක්ඛිත ඉරියව්ව

Share on FacebookShare on Twitter

පකිස්තානයේ ස්ලාමාබාද්හි මුර්ග්සාර් සත්වෝද්‍යානයේ ජීවත් වෙමින් සිටින ලෝ ප්‍රකට කාවන් නැමැති ශ්‍රී ලාංකික අලියා සුදුසු වනෝද්‍යානයකට නිදහස් කරන ලෙසත්, එසේ නිදහස් කිරීම සම්බන්ධ  විශේෂඥ උපදෙස් දින 30 ක් ඇතුළත ශ්‍රී ලංකාවේ රජය හරහා ශ්‍රී ලංකා වනජීවී දෙපාර්තමේන්තුව සම්බන්ධ කරගෙන ලබාගන්නා ලෙසත් පකිස්තානයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය 23 දා නියෝග කිරීමත් සමග බරපතල ප්‍රායෝගික ගැටලු ගණනාවක් නිර්මාණය වෙමින් පවතින බව වනජීවී දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පවසයි.

එම අධිකරණ නියෝගය අනුව ප්‍රකාශයට පත්වන්නේ කාවන් අලියා සුදුසු වනෝද්‍යානයකට නිදහස් කරන ලෙසය. ආසියානු කලාපයේ වෙසෙන අලි විශේෂ තුනින් නිශ්චිත උප විශේෂයක් වූ ශ්‍රී ලාංකික අලියාට ගැලපෙන වනෝද්‍යානයක් ආසියානු කලාපයෙන් සොයගත හැක්කේ ලංකාවේ දී  පමණි. දැනට 39වැනි වියේ පසුවන කාවන් ලංකාවේ උපදින්නේ වර්ෂ 1981 දී ය.  ඌ පකිස්තාන් යන්නේ වර්ෂ 1985 දී     ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව  පකිස්තානයේ සියා උල් හක් ආණ්ඩුවට කළ ප්‍රදානයක් ලෙස ලෙසය. ඒ වනවිට  වසය අවුරුදු 4 ක් පමණ වූ කාවන්ව ස්ලාමාබාද් මුර්ග්සාර් සත්වෝද්‍යානයට භාර දෙන්නට රාජ්‍ය ප්‍රධානියා කටයුතු කළේය.

දැනට පුරා වසර 39 ක් මිනිසුන් ඇසුරෙහි හැදී වැඩුණු මේ දැවැන්තයා කිසිසේත්ම වනෝද්‍යානයකට නිදහස් කිරීම විද්‍යානුකූල ක්‍රමවේදය නොවන බව මේ සම්බන්ධව අප කළ විමසීමක දී වනජීවී දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙක් පැවසීය.

“ ගැටලු ගණනාවක් අපට පෙනෙනවා. එයාට වඩාත් සුදුසු වනෝද්‍යාන තියනවා නම් ඒ ලංකාවෙයි… ප්‍රධානම කාරණාව තමයි මේ සත්වයා කවදාවත් ස්වභාවික පරිසරයේ ජීවත් වෙලා නොතිබීම… ඔහු හිටියෙ මිනිසුන් අතර ගෘහස්ථව. ඒ නිසා ඔහුට ස්වභාවික පරිසරයට මුදා හැරීම ප්‍රායෝගික නෑ.  අනික ගෘහස්තව හැදුනු සතෙක් ස්වාභාවික පරිසරයට මුදාහැරීමේ  අවදානම කිසිවිටෙකත් අපට ගන්න  බෑ. ඔහුට මොන විදිහේ රෝග තියනව ද කියලා අප දන්නෙ නෑ. සමහර විට මුලු සත්තව ප්‍රජාවකටම අහිතකර ප්‍රතිපල අත්විය හැකියි එවැනි තින්දුවකින්.“

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එසේ නම් මේ සඳහා ඉදිරිපත් විය හැකි අනෙක් විකල්පය සුදුසු වටපිටාවක මේ සතා ගෘහස්ථව රැක බලා ගැනීමය. එවැනි ලෝක ප්‍රකට සංරක්ෂණ මධ්‍යස්ථානයක් ඇත්තේ පින්නවලය. එසේ නම්  දෙවන විකල්පයට අනුවත් තෝරා ගත හැකි වන්නේ මේ සත්වයා නැවත ලංකාවට ගෙන්වා පින්නවල දී ඇති දැඩි කිරීමය.

සුදුසුම විකල්ප දෙකින්ම කියැවනේනේ  කාවන් යළි ලංකාවට ගෙන්වීම නම්  39 හැවිරිදි මේ දැවැන්ත අලියා  පකිස්තානයේ සිට ලංකාවට ගෙන්වීම අතිශය බරපතල ව්‍යාපෘතියක් වනු ඇතැයි බලධාරීහු පවසති.

දේශපාලන මහන්තත්තය අසරණ වනසතුන් හරහා ප්‍රකාශ කරන්නට යෑමේ ගොංකම පුපුරා ගිය අවස්ථාවක් ලෙස ඉතිහාසගත වන මේ අවස්ථාව දෙස ලෝක සත්ත්ව ලෝලීහු දැඩි උනන්දුවකින් බලාගෙන සිටිති. මක්නිසාද යත් පකිස්තානු ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම තීන්දුව ගන්නට සිදු වන්නේ ලෝකය පුරා සත්තව ලෝලීන් දියත් කළ දැවැන්ත උද්ඝෝෂණයක ප්‍රතිඵලයක් ලෙසිනි.

කාවන් වර්ෂ 2002 සිට යදම් වලින් සිර කර කුඩා කුටියක සිර කරුවෙක් සේ තැබීමත් ඔහුගේ තනි නොතනියට බංගලාදේශයෙන් 1990 දී ගෙනා සහේලි නැමැති ඇතින්න අවුරුදු 21 සපුරන වර්ෂ 2012 දී මිය යෑමත්, එතැන් සිට හුදකලා කාවන් අලියා පූර්ණ කාලීනව යදම් වලින් බැඳ දමා හුදකලා කිරීමත් සම්බන්ධව ලෝක සත්තව ලෝලීහු බලවත් සේ කම්පනයට පත්ව සිටියහ.

කාවන් සිටින දුක්ඛිත ඉරියව් නිරීක්ෂණය කළ  පාකිස්තාන වනජීවී පදනමේ විශේෂඥයෙක් වූ සෆ්වාන් ෂහාබ් අහමඩ් වර්ෂ 2016 දී   පැවසුවේ මේ සතා බලවත් මානසික වියවුලක සිටින බවය.    සෙල්සියස් අංශක 40 කෙත් ඉහළ යන  ඉස්ලාමාබාද්හි ගිම්හාන උෂ්ණත්වයෙන් මිදෙන්න අවශ්‍ය පහසුකම් සත්වයාට නොමැති සත්ව වේදීහු පෙන්වා දුන්හ. කාවන්ගේ පෝෂණය සම්බන්ධ ගැටලු ඒ අතර පැණ නැගිනි.

වර්ෂ 2016 පමණ වනවිට ඇමරිකා එක්සත් ජනපදයේ පොප් තරුවක් වූ  ච “ර්”  (Cher) කාවන් මේ බිහිසුණු වධයෙන් බේරා ගැනීමට මුල් වූවාය. ඇය මේ ව්‍යාපාරයට සම්බන්ධ වීමත් සමග ලෝක අවධානය තියුණුව කාවන් වෙත යොමු විය. ඇයගේ මැදිහත්වීමෙන් ලොව පුරා ප්‍රභල  සත්ත්ව අවිහිංසාවාදීහු මේ ව්‍යාපාරය හා එක් වූහ.  අත්සන් ලක්ෂ දෙකක පෙත්සමක් අත්සන් කෙරිනි.

මේ අන්තර්ජාතික බලපෑම පකිස්ථානයට දැනුණ ආකාරය කාවන්ට සාධාරණය ඉටු කළ නඩු තීන්දුවෙන් ප්‍රකට වූයේය. දැන් කාවන් සම්බන්ධව සිදුවන්නේ කුමක් දැයි ලෝකය විවර වූ දෙනෙතින් යුතුව හිඳියි.

 

 

 

 

 

 

Tags: නවතම
Share104Tweet43
Previous Post

නිරිතදිග මෝසම සක්‍රිය වෙයි – වැසි තවදුරටත්

Next Post

කලු කොටියා සමුගනී…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.