බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අවුරුදු 25ක් තුළ ඝාතනය වුන පලාත් පාලන ආයතන මන්ත්‍රීලා වැඩි දෙනෙක් “පාතාලයේ සොල්දාදුවො”… පොලිස් වාර්තා කියන කතාවක්!

පාතාලයට වැට බඳින්න ගිය පලාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන් කීප දෙනෙක් ද පාතාලයන් විසින් ඝාතනය කරලා...

by editor
ඔක්තෝබර් 24, 2025
in පුවත්
GUNSHOT_GUN
Share on FacebookShare on Twitter

ක්‍රියාකාරී දේශපාලනඥයන් 20කට වැඩි පිරිසක් 2000 වසරේ සිට මේ දක්වා පාතාලයේ වෙඩි උණ්ඩවලට ගොදුරුවී ඇති බවත් ඒ අතර වැලිගම ප්‍රාදේශීය සභා‍වේ සභාපති ලසන්ත වික්‍රමසේකර ඇතුළුව   පළාත් පාලන ආයතන 03 සභාපතිවරු පාතාලයේ වෙඩි ප්‍රහාරවලින් ඝාතනය වී ඇති බවත් පොලිස් තොරතුරු අනාවරණය කරයි.  

පාතාලයේ වෙඩි ප්‍රහාරවලට ලක්ව  ඝාතනය වූ පිරිස් අතර  පළාත් පාලන මන්ත්‍රීවරුන් ද සැලකිය යුතු පිරිසක් වෙති.   ඝාතන වැඩි ප්‍රමාණයක් සිදුව ඇත්තේ පාතාලයේ ගැටුම් හේතුවෙනි. ඊට මුල එකී දේශපාලනඥයන් සහ පාතාල අපරාධකරුවන් අතර පැවති ගනුදෙනුය.

ඝාතනය වූ පලාත් පාලන ආයතනවල සභාපතිලා 03ම දකුණේ

පළාත් පාලන ආයතනයක සභාපතිවරයෙක් සභාපති ධුරය දරමින් සිටියදී ඝාතනය වූ තෙවැනි අවස්ථාව වන්නේ ලසන්ත වික්‍රමසේකරගේ ඝාතනයයි.  මෙතෙක් ඝාතනය වු  පලාත් පාලන ආයතනවල සභාපති වරුන්  තිදෙනාම    දකුණේ පලාත් පාලන ආයතන නායකයින් වීම විශේෂිතය.

2003 වසරේදී හික්කඩුව නගර සභාවේ සභාපති ගාමිණි පින්නදූව ඝාතනය කරනු ලබන්නේ ද මේ ආකාරයටමය. යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරු නගර සභාවේ සිය කාර්යාලයේ රැඳීසිටි ගාමිණි පින්නදූවට වෙඩි තබා ඝාතනය කර තිබුණි.

අනතුරුව ඝාතනය වන්නේ රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස්ය. 2015 වසරේ මාර්තු 23 වැනිදා මනෝජ් මෙන්ඩිස්ට වෙඩි තබා ඝාතනය කරන්නේ හික්කඩුවේ සංචාරක හෝටලයකදීය.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

හික්කඩුව නගර සභාවේ සභාපති ඝාතනයට මෙන්ම රත්ගම ප්‍රා‍දේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් මෙන්ම ඔහුගේ ප්‍රතිවාදියා වූ අපේක්ෂකයෙක් ඡන්දය පැවති කාලයේදී ඝාතනය කිරීම සම්බන්ධයෙන්  එකල මනෝජ් මෙන්ඩිස්ගේ නම කියැවිණි. ඒ සම්බන්ධයෙන් ඔහු බන්ධනාගාරගතව ද සිටි අතර වැඩිම මනාපයෙන් රත්ගම සභාපති ධුරයට පත්වන්නේ ද රක්ෂිත බන්ධනාගාරයේ සිටිමිනි. මනෝජ් මෙන්ඩිස් මිනිස් ඝාතන කොල්ලකෑම් ඇතුළු අපරාධ රැසකට ද චෝදනා එල්ල වූවෙකි. අපරාධ ලෝකයට ඔහුව රැගෙන ගොස් තිබුණේ දකුණු පළාතින් පිට පළාතක හිටපු මහ ඇමැතිවරයෙකි.

මනෝජ් මෙන්ඩිස් ඝාතනය කරනු ලබන්නේ දකු‍ණේ ප්‍රබල පාතාල අපරාධකරුවෙක් වන පොඩි ලැසීය. එම ඝාතනයට මුල පොඩි ලැසීගේ පියාව ඝාතනය කිරීමට පළිගැනීමකි.

වැඩිම මන්ත්‍රීවරුන් ඝාතනය වී ඇත්තේ කොළඹ මහ නගර සභාවේ

පළාත් පාලන ආයතනයක වැඩිම මන්ත්‍රීවරුන් පිරිසක් ඝාතනය වී ඇත්තේ කොළඹ මහ නගර සභා මන්ත්‍රීවරුන්ය. මේ කාලය තුළ සිවු දෙනෙක් ඝාතනය වී ඇත. එම ඝාතනවලින් බොහොමයකට මුල්වී ඇත්තේ මත්කුඩු ජාවාරම් සම්බන්ධයෙන් ආරවුල් බව එකල හෙළි විය.

දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ මන්ත්‍රීවරු දෙදෙනෙක් ද පාතාලයේ වෙඩි ප්‍රහාරයන්ට ලක්ව ඝාතනය විය. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වා‍ගේ පියාව  ඝාතනය කරනු ලබන්නේත් පාතාලය විසිනි. අදටත් එම පාතාල අපරාධකරුවන් සිටින්නේ නිදැල්ලේය.‍ෙ

පාතාලයේ වෙඩි ප්‍රහාරයන්ට ලක්ව පළාත් සභා මන්ත්‍රීවරු කිහිප දෙනෙක් ද ඝාතනය වී ඇත. ඒ අතරින් දෙදෙනෙක්ම බස්නාහිර පළාතේ මන්ත්‍රීවරුන්ය. ඔවුන් දෙදෙනාම ඝාතනය වන්නේ පාතාලයට එරෙහිව කටයුතු කිරීමට ගොසිනි. ඒ අතර සිටින පොදු පෙරමුණේ ඇමතිවරයෙක්ව සිටි සුනිල් මෙන්ඩිස්   ඝාතනය කරන්නේ රාගම ඔහුගේ නිවසේදී වෙඩි තබාය.

යකඩ පාලමක් කොටස්වලට කඩා විකුණා ගැනීමට පාතාලයට ඉඩ නොදීම හේතුවෙන් පලාත් පාලන ආයතනයක සභාපති ධුරය හෙබවූ පාතාලයට සම්බන්ධ පුද්ගල‍‍‍යෙක් විසින් ලබාදුන් කොන්ත්‍රාත්තුවකට අනුව එම ඝාතනය සිදුකර තිබුණු බව පොලිස් විමර්ශනවලින් එකල අනාවරණය වී තිබුණි. එම ඝාතනයට සම්බන්ධ පාතාල‍යේ අපරාධකරුවන් මේ වන විට සිටින්නේ ඉන්දියාවේ විවෘත බන්ධනාගාරයකය. ඒ අතර කිඹුලා ඇළ ගුණා සහ කොට ගාමිණි යන අය ද සිටිති.

බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක් වූ නාමල් ගුණවර්ධනගේ ඝාතනය ද පාතාලයේ වෙඩිල්ලකි.

කොල්ලුපිටියේදී එම ඝාතනය සිදුවී තිබුණි. එය දේශපාලන පාතාලයේ වැඩක් බව එකල කියැවිණි. චණ්ඩි මල්ලි ලෙස ප්‍රකට දකුණු පළාත් සභාවේ ඇමැතිවරයෙක්ව සිටි එම්.කේ. රංජිත්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී ඝාතනය වන්නේ ද මේ කාලය තුළදීය. දේශපාලනයට සම්බන්ධ මෙවැනි ඝාතන රැසක්ම පසුගිය වකවානුවේදී සිදුවී ඇත. ( ගයාන් කුමාර වීරසිංහ – දිනමිණ )

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අදත් මහ වැසි…

Next Post

බුදු සර්… මේ ආතල් හොඳටෝම ඇති…

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.