මේ වනවිට වත්මන් ආණ්ඩුව අවස්ථා හතරකදී බැඳුම්කර මගින් ණය ලබාගෙන ඇති බවත් අදත් බැඳුම්කර නිකුතුවක් සැලසුම් කර ඇති බවත් වාර්තා වේ.
මේ පිළිබඳව අද කැබිනට් තීරණ දැනුම් දීමේ අවස්ථාවේ දී පිළිතුරු ලබා දුන් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් පැවසුවේ ණය මත දුවන රටක් පාලනය කරද්දී එක්වර කළ හැකි දෙයක් නොමැති බැවින් මෙම ණය ලබා ගත් බවය.
“ණය මතයි රට දුවන්නේ. අපිට 24 පැයෙන් අලුත් ආදායම් එන්නේ නෑ. දේශීය ණය ලබා ගන්න වෙනවා. ඒ ණය අප ලබා ගන්නේ පාර්ලිමේන්තුවේ ඇති උපරිම ණය ගැනීමේ සීමාවට යටත්ව. ”
“විදේශීය ණය ගන්න හැකියාවක් තවම අපට නෑ. පහුගිය කාලයෙ රට තුළ ඇති නිසා. රටේ ආර්ථිකය යම් තත්ත්වයකට වර්ධනය වෙන තෙක් ඒ සීමාකාරී සාධකය තියනවා. ඒ අනුව තමයි මේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමසිද්ධ වෙලා තියෙන්නේ.” ඇමතිවරයා පැවසුවේය.







