සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අවධියෙන් කටයුතු කරන්න… ලැබෙන සුළු දීමනාවලට රැවටී රටේ නීතියටත් වලංගු නැති නායකයෙක් ජනපති ලෙස පත් කරන්න හිතනවා නම් ඒ අපේ අතින් අපේ ගෙල සිඳ ගැනිමක්!

by editor
අගෝස්තු 26, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

එළඹෙන ජනාධිපතිවරණයේ දී සියලුම ජනතාවට අවධියෙන් කටයුතු කරන ලෙසත්, 75 වසරක් තිස්සේ නායකයින් ලබා දෙන බොරු පොරොන්දුවලට නොරැවටී ලබා දෙන සුළු සුළු දීමනාවන්ට නොරැවටී රටේ දිළිඳුකම දරිද්‍රතාවයට සැබෑ පිළියමක් ඉදිරිපත් කරන, රටේ සම්පත්වලින් රට දියුණු කිරීම සඳහා වැඩපිළිවෙළක් සහිත, නායකයෙකුට අනාගත ශ්‍රී ලංකාව භාර දීමට සිහි බුද්ධියෙන් යුතුව කටයුතු කරන ලෙසත් කාදිනල් හිමිපාණෝ ජනතාවගෙන් ඉල්ලා සිටියහ.

උන්වහන්සේ ප්‍රකාශ කළේ රටේ සම්පත් විජාතියන්ට විකුණමින් රට විනාශ කරන නීතියට උසාවියට වලංගු නැති නායකයන්ට අප ඡන්ද දෙනවා යනුම සියතින් ගෙල සිඳ ගැනීමක් බවද උන්වහන්සේ පැවසූහ. කුමණ රජයක් අනාගතයේ බලයට පැමිණියත් පාස්කු ප්‍රහාරය සම්බන්ධව පරීක්ෂණ සාධාරණව ඉටු කළ යුතු බව ද කාදිනල් හිමියෝ අවධාරණය කළහ.

උන්වහන්සේ මේ බව පැවසුවේ රාගම බැසිලිකා දේවස්ථානයේ දේව මාතාවන්ට ලංකා අප ස්වාමිදුව ලෙසින් ඔටුනු පැළඳවීමේ 50 වැනි සංවත්සරය සහ බැසිලිකා දේවස්ථානය විවෘත කර කැප කිරීමේ ස්වර්ණ සංවත්සරය සමරමින් ඊයේ (25) රෝගීන් ආසිරි ගැන්වීමේ දේව මෙහෙයට එක්වෙමිනි.

එහිදී කාදිනල් හිමිපාණෝ මෙසේ ද පැවසූහ.

ආදරණිය සහෝදර සහෝදරියනි. අද ශ්‍රි ලංකාව තුල ඉතාම තීරණාත්මක මොහොතකට අපි ගමන් කරමින් සිටිනවා. ඒ මොකක්ද කියලා මා විශේෂයෙන් කියන්න අවශ්‍ය නෑ. නොබෝ කලකින් ශ්‍රී ලංකා දේශයට නැවත ජනාධිපතිතුමෙක් පත් කරගැනීමේ ඡන්දයට අපි ලං වෙමින් පවතිනවා.

RelatedPosts

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

මේ අවස්ථාවේ දී මම විශේෂයෙන්ම ඉල්ලිමක් කරන්න කැමතියි ශ්‍රී ලංකා වාසී සියලු දෙනාගෙන්ම. කරුණාකර අවධියෙන් ඉන්න. මේ වගේ දේවල් සිද්ධ වෙන්නට යනකොට එක එක අයගේ වාසිය තකා විවිධ ආකාරයේ පොරොන්දු, විවිධාකාරයේ බොරු කියන්නට අපේ නායකයො පුරුදු වෙලා තියනවා අවුරුදු හැත්තෑ පහක් දිගටම.

මේක අපිට කරන්න දෙන්න බෑ දිගටම. අපිව රවට්ටන්න දෙන්න බෑ . අපි අපේ මොළය පාවිච්චි කරලා තමයි අපේ කැමැත්ත ප්‍රකාශ කළ යුත්තේ. ලැබෙන ලැබෙන පොඩි පොඩි දීමනාවලට නෙමෙයි, රටේ පොදු ප්‍රශ්න…. විශේෂයෙන්ම අප රට මුහුණ දෙන පොදු ප්‍රශ්නය තමයි දිළිඳුකම. දරිද්‍රතාවය කියන ප්‍රශ්නය. අද ලංකාවේ බොහෝ දෙනෙකුට තමන්ගේ මාසික වේතනයෙන් ජීවත් වෙන්නට බැරි තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ. එය සියයට 60ක් පමණ වෙතැයි කියලා කිව්වත් අතිශයෝක්තියක් නෙමෙයි. ඒ තරමටම අපේ රටේ ජනතාවට ජීවත් වෙන්නට බැරි තත්ත්වයක් උදා වෙලා තියනවා.

ඒ බැරි තත්ත්වය තවත් ව්‍යාකූළ කරන්නේ නැතිව ජනතාවට රටේ සම්පත් බෙදී යන ආකායේ සාධාරණ ක්‍රමවේදයක් රට තුළ ඇති විය යුතුයි. ධනය සියල්ලම සුළු පිරිසකගේ අතට ගිහිල්ලා වැඩි දෙනෙක් දුප්පත්කමින් සහ බඩගින්නෙන් ජීවත්වන සමාජයක් නිර්මාණය කිරීම නෙමෙයි ප්‍රගතිය කියලා කියන්නේ.

ඒ නිසා සෑම දෙනාටම සාධාරණ ලෙසත් ඉතාම ගෞරවණීය විදිහට තමන්ගේ ජීවිතය ස්වාධින අනෙක් රටවල බලපෑම්වලට යටත් නොවන, විදේශික රටවලට අපේ රටේ සම්ප්ත විකුණලා දාලා ඒවා සේරම විනාශ කරලා දලා රට හිඟමනට පත් කරන නායකයන් නෙමෙයි අප තෝරා ගත යුත්තේ. අපි තෝරා ගන්න ඕන අපේ සම්පත්වලින්ම අපේ රට දියුණු කරන්නට උත්සාහ කරන කණ්ඩායමකටයි.

ඒ නිසා අපේ රට තුළ අපේ අනන්‍යතාවය ආරක්ෂා කරගනිමින් අපේ රටේ නිදහස තව දුරටත් ශක්තිමත් කරගනිමින් විශේෂයෙන්ම දිරිද්‍රතාවය තුරන් කර ගැනීමටත්, රටේ සම්පත් දියුණු කරමින් රට ඉදිරියට ගෙනියන්නටත්, ප්‍රජාතන්ත්‍රවාදය ආක්ෂා කරන්නටත් අපි කටයුතු කළ යුතුයි.

විශේෂයෙන්ම උසාවිය, උසාවියේ නිදහසට ගරු කරන නායකත්වයක් අපට අවශ්‍යයි. උසාවියේ නඩු තීන්දුවක් දුන්නම ඒකට විරුද්ධව කටයුතු කරන ඒක අහෝසි කරන්නට ක්‍රියාකරන, ඒක වක්‍ර මාර්ගයෙන් අහොසි කරන්නට ක්‍රියා කරන නායකයන්ට අපි ඡන්දය දෙනවා නම් අපි කරන්නේ අපේම බෙල්ල කපා ගැනීමක් පමණයි.

ඒ නිසා අපි මේ අවස්ථාවේ දී අපේ රට වෙනුවෙන්, අපේ රටේ නිදහස වෙනුවෙන් සාධාරණව කල්පනා කරන්නට අවශ්‍යයයි. එසේ කල්පනා කරමින් සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී නායකත්වයක් කටින් පමණක් නෙමෙයි, සැබෑ ප්‍රජාන්ත්‍රවාදී නායකත්වයක් ඇතිකරන්නට අපි කටයුතු කළ යුතුයි. එය පුරවැසියන් වශයෙන් අපි සැම දෙනාගේම වගකීම වෙනවා.

මේ අවස්ථාවේ දී විශේෂයෙන්ම මම මතක් කරන්නට අවශ්‍යයයි. පාස්කු ප්‍රහාරයට තවමත් ඒ පළිබඳව හරි ආකාර විමර්ශනයක් සිදුවෙලා නෑ. එවැනි විමර්ශනයක් සිදු විය යුතුමයි. කුමණ රජයක් බලයට ආවත්. අපට අවශ්‍යයයි දැනගන්න කවුද මේ පාස්කු ප්‍රහාරය පිටුපස්සේ හිටියේ කියලා. එය සංවිධානය කළේ ඇත්තටම කවුද. අපිට මුහුණතට පේන දේ නෙමෙයි. යටින්, ඇතුළතින් තියෙන්නේ මොනවද කියන දේ අපි දැන ගත යුතුයි. එය අපේ අයිතිවාසිකමක් ලෙස සැලකිය යුතුයි. ඒ නිසා අපි ඒ ගැන අපේ හිතේ ධාරණය කරගත යුතුයි නිතරම.

අපි දෙවි පියාණන්ට ස්තුතිවන්ත වෙමු අපේ මේ මනරම් රට ආරක්ෂා කරන්නට මේ තාක්කල් ලැබිලා තියන ශක්තිය ඒ වගේම සහ ධෛර්යවන්තකමට. ඒ ශක්තිය ධෛර්යවන්තකම තව දුරටත් වැඩි කිරීමට අපි ස්වාමීන්වහන්සේගෙන් යැදුමෙන් ඉල්ලා සිටිමු. අපේ රට භාර දීලා තියන දේව අම්මාට යාඤා කරමු. අපේ ගෙවල්වල හැන්දෑවට ජප මාලය උච්ඡාරණය කරමින් අපේ රට වෙනුවෙන් විශේෂයෙන් යාඤා කරමු.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

තාත්තා නවත්තපු තැනින් පටන් ගන්නවා… නාමල් පුතා ජාතියට පොරොන්දු වෙයි!

Next Post

“හන්තානේ කතාව” නිහඬ වෙයි….

Related Posts

පුවත්

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026
පුවත්

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

ජූනි 26, 2026
Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

ජූනි 26, 2026

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  
  • මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….
  • පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.