බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අලි මිනිස් ගැටුම අවම කිරීමට වනජීවි නිලධාරීන්ට උපරිම මැදිහත්විම සඳහා අවශ්‍ය වාහන ඇතුළු සම්පත් වැඩි කරයි….

by editor
දෙසැම්බර් 12, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

වන අලින්ගෙන් තවද්‍රරත් සිදුවන හානියත්, අලි මිනිස් ගැටුම වලක්වාලීමටත් දියත් කර ඇති කෙටි කාලීන වැඩපිළිවෙළ යටතේ වන අලින් යළි රක්ෂිතවලට පලවා හැරීමට වන ජීවී දෙපාර්තමේන්තුවට අවශ්‍ය භෞතික සම්පත් හැකි උපරිමයෙන් සපයා බිඳී ඇති තැන්වල අලි වැට යළි සකස් කිරීමටත්, ඊට සමගාමීව දීර්ඝකාලීන තිරසාර සහ විද්‍යාත්මක වැඩපිළිවෙළක් ආරම්භ කිරීමටත් මේ වනවිට කටයුතු කර ඇති බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි පවසයි.

වන අලි පලවා හැරීමේ කටයුතු කෙටි කාලීනව සාර්ථක කරගැනීමට වනජීවි නිලධාරින්ට අවශ්‍ය තාක්ෂණික උපකරණ, වාහන සහ ඉන්ධන මේ වනවිට ලබා දී ඇති ආකාරය පරිසර අමාත්‍යවරයා හෙළි කළේය.


වෛද්‍ය ධම්මික පටබැදි මහතා මේ අදහස් පලකර සිටියේ පොළොන්නරුව දිස්ත්‍රීක්කයේ වනජීවී ගැටලු පිලිබද සාකච්ඡා කර ඊට විසදුම් ලබාදීම වෙනුවෙන් පොළොන්නරුව දිස්ත්‍රීක්කයේ වනජීවී විෂය සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන රාජ්‍ය නිලධාරීන් හමුවී පොළොන්නරුව දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේදි ඊයේ 11 පැවති රැස්වීමකට සහභාගී වෙමිනි.

මෙම අවස්ථාව සඳහා පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී.සරත් පොළොන්නරුව දිස්ත්‍රීක් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් රත්නසිරි වෛද්‍ය ජගත් වික්‍රමරත්න සහ පද්මසිරි බංඩාර වනජීවී අධ්‍යක්ෂ ජනරාල් වරයා ප්‍රාදේශීය ලේකම්වරුන් වනජීවී නිලධාරීන් යුද හමුදාව පොලීසිය සිවිල් ආරක්ෂක නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා ග්‍රාමීය සංවිධානවල නියෝජිතයින් විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.

RelatedPosts

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැදි මෙසේද පවසා සිටියේය.

මේ සාකච්ඡාවේදී මූලිකම අරමුණු වුණේ පොළොන්නරුව දිස්ත්‍රීක්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවලට බලපා ඇති අලි මිනිස් ගැටුමට ඉක්මන් විසදුම් ලබා දීමයි.
ඊට විසදුම් විදිහට ඒ තත්වය වැළැක්වීම සඳහා අපි කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට අද දිනයේ තීන්දු තීරණ ගත්තා. අපි විශ්වාස කරනවා ඒ විසදුම් තුලින් මේ ප්‍රශ්ණයට කෙටි කාලීන විසදුම් ලැබෙයි කියලා.

ඒ අතර අපි පරිසර අමාත්‍යාංශය වගේම ඊට සම්බන්ධ අනෙකුත් ආයතනත් සම්බන්ද කරගෙන දීර්ඝ කාලීන විසදුම් වලට යන්න තීරණය කරලා තියෙනවා.ඒවා දැනටමත් ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒ නිසා මේ සාකච්ඡාව සාර්ථකයි. අපි විශ්වාස කරනවා මේ කෙටි කාලීන ක්‍රියාමාර්ග තුල සහනයක් ලැබෙයි කියලා.

මේ ගෑටලු තියෙන තැන් හඳුනා ගෙන ගම්වැදිලා ඉන්න අලි රක්ෂිත වලට පලවා හරින්නත් බිද වැටිලා තියෙන අලි වැටවල් ප්‍රකෘති තත්වයට පත් කරන්නත් ඒ වගේම වනජීවී හා වන සංරක්ෂණ නිලධාරීන්ගේ පහසුව සඳහා වාහන ලබා දීමටත් මේ සඳහා ඒ ප්‍රදේශවල තිබෙන ආයතන සම්බන්ධ කරන්නත් අවශ්‍ය කටයුතු කළා.

පරිසර අමාත්‍යවරයා විදිහට වගේම පරිසර අමාත්‍යාංශයත් මේ වනවිට හදුනාගෙන තියෙනවා මේ රටේ පරිසර සමතුලිතතාවය බිදී ගොස් තිබෙන බව. ඒ නිසා ගොවීන්ට සාමාන්‍ය ජනතාවට විශාල පීඩනයක් හිරිහැරක් මේ නිසා ඇති වෙලා තියෙනවා. ඉතින් අපි මේ ප්‍රශ්නය විසදගන්න ඕන. නැවත පරිසර තුළිතතාවය ඇති කරන්න ඕන. එවිට මේ ගැටලු විසඳේවි. ” අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි සඳහන් කළේය.

Tags: විශේෂ
Share69Tweet43
Previous Post

ගෝලීය සෞඛ්‍ය ක්ෂේත්‍රය බල ගන්වන IIHS හි 16 වැනි උපාධි ප්‍රදානෝත්සවය සාර්ථකව පැවැත්වෙයි

Next Post

දිනමිණ කර්තෘ මනෝජ් අබයදීර වහාම ක්‍රියාත්මකවන පරිදි ඉවත් කරයි… සිළුමිණ වැඩ බලන කර්තෘ ශිරෝමි අබේසිංහත් ඉවතට….

Related Posts

පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!
  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.