බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අල්ලස් කොමිසමේ ගොබ්බකම නිසා රටේ විශාලම වාහන බදු කොල්ලය සිදුකළ ආර්.එම්.වී ලොක්කන් ඇප මත නිදහස් වෙයි!

by editor
නොවැම්බර් 30, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ඒ.ජේ.ඒ. අබේනායක –

  • කෝටි 178ක බදු වංචාවට සම්බන්ධ එක් නිලධාරියෙකුගේ නිවස පොඩි ආර්.එම්.වී කාර්යාලයක් වගේ… කෝටි ගණන් හොර ගනුදෙනු කළ ලිපිගොනු 05ක් නිවසින් හමුවෙයි…

  • සුඛෝපභෝගී වාහන 178ක් රේගුවේ ඇස් වසා වංචා කර හොරට ලියාපදිංචි කළ ආර්.එම්.වී අපරාධකරුවන් සම්බන්ධව සහ එවකට සිටි ප්‍රධානීන් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගන්නවත් නිසි චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරන්නවත් අල්ලස් කොමිසම අසමත් වී ඇති බව අධිකරණයේ දී හෙළි වෙයි..

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ආනයනය කර රුපියල් කෝටි ගණනාවක් වටිනා වාහන ව්‍යාජ දත්ත ඇතුළත් කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හරහා ලියාපදිංචි කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට අධිකරණයට කැඳවූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නිලධාරීන් ඇතුළු හයදෙනකු රුපියල් මිලියන දහය බැගින් වූ ශරීර ඇප බැඳුම්කර දොළොහක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ ඊයේ (29 දා) නියෝග කළේය.

අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගතවීම වළක්වන නියෝගයක් ද පනවා හිටපු නියෝජ්‍ය කොමසාරිස් බන්දුල ජයසිංහ ඇතුළු හයදෙනකු එලෙස ඇප මත මුදාහල ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විමර්ශනවලට හෝ සාක්‍ෂිකරුවන්ට බලපෑම් නොකිරීමේ කොන්දේසි ද එම සැකකරුවන්ට පැන වීය.

එකී සැකකරුවන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා ඉතා බරපතළ වන බැවින් හා සාක්‍ෂිකරුවන් ඇපමත මුදාහැරීමෙන් ඉදිරි විමර්ශනවලට බාධා විය හැකි බැවින් සැකකරුවන් රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝගයක් කරන්නැයි විමර්ශන මෙහෙයවන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්‍ෂ (නීති) අනුෂා සම්මන්දප්පෙරුම අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

2005 වසරේ දී මුල්වරට ලියාපදිංචි කළේ යැයි කියන එලෙස ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ආනයනය කර ව්‍යාජ තොරතුරු දත්ත පද්ධතියට ඇතුළත් කර ඇතැයි කියන අති සුඛෝපභෝගී වාහන 178ක් අතරින් එක් වාහනයක් සැබැවින්ම ලියාපදිංචි කර ඇත්තේ 2015 වසරේදී බවත් එකී වාහනයට අංක තහඩුව නිකුත්කර ඇත්තේ 2019 වසරේදී බවත් සහකාර අධ්‍යක්‍ෂ අනුෂා සම්මන්දප්පෙරුම අධිකරණයට පැවසුවාය.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

එකී වාහනයක හිමිකරුවකු යැයි කියන අටවන සැකකරුගේ නිවස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කුඩා ශාඛා කාර්යාලයක් බඳු වන්නේ යැයි ද පැවසූ අනුෂා සම්මන්දප්පෙරුම එහි තිබූ වාහන ලියාපදිංචි කිරීමට අදාළ මෝටර් රථ දෙපාර්තමේන්තුවට අයත් ලිපිගොනු හතක් සොයා ගැනීමට හැකිවී ඇතැයි ද පැවසුවාය.

එලෙස නිසි ලෙස රේගුව මගින් නිෂ්කාශනය නොකිරීම නිසා අවම වශයෙන් රුපියල් කෝටි 178කට අධික මුදලක් රජයට අහිමි වී ඇතැයි ද පැවසූ අනුෂා සම්මන්දප්පෙරුම එකී වංචනික ලෙස ලියාපදිංචි කිරීමට අදාළ ලිපිගොනු රැසක් සැකකරුවන් අතුරුදන් විසින් කොට ඇතැයි ද පැවසුවාය.

එම වාහනය ලියාපදිංචි කර ඇතැයි කියන සමයේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා ලෙස කටයුතු කළ පුද්ගලයාගෙන් හා මෙම සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර ඇති දැයි අධිකරණය එහිදී අල්ලස් කොමිෂන් සභාවේ නිලධාරීන්ගෙන් හා සහකාර අධ්‍යක්‍ෂවරියගෙන් විමසා සිටි අතර එවැනි ප්‍රකාශ සටහන් කිරීමක් මෙම නඩුවට අදාළව මෙතෙක් සිදුකර නොමැති බව විමර්ශන නිලධාරීහු පැවසූහ.

සැකකරුවන්ගෙන් හා එකී සිද්ධිය වන සමයේ රාජකාරි කළ නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කර සිය සේවාදායකයන්ට එරෙහිව චෝදනාපත්‍රයක් හෝ අධිකරණයට ඉදිරිපත් නොකර ඔවුන් රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට ඉල්ලා සිටීම නීතියට පටහැනි ක්‍රියාවක් වන්නේ යැයි විවෘත අධිකරණය හමුවේදී පැවසූ ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු, ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරළ සහ නීතිඥ හෆිල් පාරිස් යන අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි අනුෂා සම්මන්දප්පෙරුම කළ එම ඉල්ලීමට දැඩි විරුද්ධත්වය දැක් වූහ.

රජය විසින් සම්මත කළ දූෂණ විරෝධී පනත අනුව සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනුකිරීමකින් තොරව අල්ලස් කොමිෂන් සභාව කටයුතු කර ඇති බවත් අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන අනුව විමර්ශන නිලධාරීන් කළ ඉල්ලීම අනුව තම අධිකරණය සැකකරුවන්ට නොතිසි නිකුත් කළ බවත් පෙන්වා දුන් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එම ඇප නියෝගය නිකුත් කළේය.

එම විමර්ශනවල ප්‍රගතිය ලබන පෙබරවාරි 21වැනිදා අධිකරණයට වාර්තා කරන ලෙසට ද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විමර්ශන නිලධාරීන්ට වැඩිදුරටත් නියෝග කළේය. ( දිවයින)

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හුස්ම ටිකත් ආපදාවක…   වාතයේ ගුණාත්මක භාවය සැලකිය යුතු ලෙස අඩුවෙයි….

Next Post

ආණ්ඩුවේ  මන්ත්‍රීවරුන්ට මාදිවෙල නිවාස දෙන්නෙත් හවුලේ පාවිච්චියට… රජය කියයි!

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.