ෙපොලොන්නරුවේ වැලි ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 15ක අල්ලසක් ලබා ගත් සිද්ධියකට අදාලව හිටපු රාජ්‍ය අමාත්‍ය එස්. වියලේන්ද්‍රන් අල්ලස් කොමිසම මගින් අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි අද නියෝග කළාය.
මෙම අල්ලස් සිද්ධියට අදාලව හිටපු රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා අද අල්ලස් කොමිසම වෙත කැඳවා තිබිණි. ප්‍රකාශය සටහන් කරගැනීමෙන් අනතුරුව හිටපු රාජ්‍ය අමාත්‍යවරයා අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.
සැකකරු ලබන 01 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ මහේස්ත්‍රාත්වරිය එදිනට විමර්ශන ප්‍රගතිය ඉදිරිපත් කරන ලෙස අල්ලස් කොමිසම වෙත නියෝග කළාය.
උක්ත අල්ලස් සිද්ධිය සම්බන්දව හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ ලේකම්වරයා ඇතුළු දෙදෙනෙකු මින් පෙර අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කර තිබේ.







