ආරුගම්බේ ප්‍රදේශය සඳහා අමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ අනතුරු ඇඟවීම මත පදනම්ව බ්‍රිතාන්‍ය රජය විසින් ද ශ්‍රී ලංකාව සඳහා වන සංචාරක උපදෙස් යාවත්කාලීන කර තිබේ.
ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරක මර්මස්ථාන ඉලක්ක කර ගනිමින් කිසියම් ප්‍රහාරයක් එල්ල විය හැකි බවට තොරතුරු ලැබී ඇති බැවින් එම ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය මෙරට රැඳී සිටින අමෙරිකානු ජාතිකයින්ට දැනුම් දීමක් සිදුකර තිබුණි.
එමෙන්ම කොළඹ පිහිටි රුසියානු තානාපති කාර්යාලය ද විශේෂ දැනුම් දීමක් කරමින් කියා සිටියේ විශාල ලෙස පිරිස් ගැවසෙන ස්ථානවලට යාමෙන් වළකින ලෙසත් අවධානයෙන් සිටින ලෙසත්ය.
ආරුගම්බේ ප්‍රදේශයේ දී විදෙස් ජාතිකයින්ට ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් ඇති බවට ලැබුණු තොරතුරු මත ශ්‍රී ලංකා පොලීසිය නිල නිවේදනයක් නිකුත්කර ඇති බවද X පණිවුඩයක් නිකුත්කරමින් කොළඹ පිහිටි රුසියානු තානාපති කාර්යාලය කියා ඇත.