තමන්ට යෝජනා කර ඇති එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ධුරය භාර නොගැනීමට තීරණය කළ බව හිටපු අමාත්‍ය අර්ජුණ රණතුංග ඊයේ (27) එජාප නායක රනිල් වික්‍රමසිංහ වෙත ලිඛිතව දැනවුයේය.
රටේ යහපත් ඉදිරි ගමනක් සඳහා නිසි වැඩපිළිවෙළක් සැකසීමට තවමත් එ.ජා.ප.ය අපොහොසත් වීම නිසා මෙවැනි තීරණයක් ගැනීමට තමන්ට අකමැත්තෙන් වුවද සිදු වූ බව අර්ජුණ රණතුංග එම ලිපියෙන් පෙන්වා දී තිබේ.
2020 මහා මැතිවරණයෙන් එකම මන්ත්‍රී ආසනයක්වත් ජයග්‍රහණය කරගත නොහැකිව එජාපය අන්ත පරාජයකට පත් වුවත් තමන් පක්ෂයේ රැඳී සිටීමට තිරණය කළේ ප්‍රමාද වී හෝ පක්ෂය හා රට ජයග්‍රහණය කිරීම සඳහා වැඩපිළිවෙළක් හෝ සැලසුමක් සකසනු ඇතැයි යන විශ්වාසය මත බවත් අවාසනාවකට හෝ එවැන්නක් මෙතෙක් සිදු කිරීමට පක්ෂ නායකත්වය හෝ පක්ෂය තීරණය කර නොමැති බවත් අර්ජුණ රණතුංග එම ලිපියෙන් දන්වා ඇත.
පක්ෂය ඉදිරියට ගෙන යෑම සඳහා සාධනීය වැඩපිළිවෙළක් සංවිධානයක් නොමැති පසුබිමක ජ්‍යෙෂ්ඨ උපසභාපති වැනි ධුර භාර ගනිමින් කල් මැරීමට තමන් කිසිසේත් බලාපොරොත්තු නොවන බව පෙන්වා දෙන අර්ජුණ රණතුංග තමන් වෙත යෝජනා කර තිබෙන ජ්‍යෙෂ්ඨ උප සභාපති ධුරය භාර නොගන්නා බව රනිල් වික්‍රමසිංහ වෙත දැනුම් දී තිබේ.