සිසු අරගලයකින් පසු සියල්ල කණපිට ගැසුණු බංග්ලාදේශයේ ක්‍රිකට් ක්‍රීඩාවද කණපිට පෙරලී ඇතැයි වාර්තා වේ.
අගමැතිනි ෂීක් හසීනාගේ පළා යාමත් සමග ඇයගේ පාක්ෂිකයන් හා හිතවතුන් වූ බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති වරයාද රට හැර පළා ගොස් ඇතැයි බංග්ලාදේශ ආරංචි මාර්ග පවසයි.
ඔහුගේ විධායක කමිටු නිලධාරීන්ද ආ ගිය අතක් නොමැති බවත් මේ වන විට ෂීක් හසීනාගේ විරුද්ධ පාර්ශ්වයේ ක්‍රිකට් නිලධාරීන් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ බලය තහවුරු කරගෙන එහි මූලස්ථානය අයත් කර ගෙන සිටින බවද වාර්තා වේ.
මෙම අරාජික තත්ත්වය මත බංග්ලාදේශයේ පවත්වන්නට නියමිතව තිබූ විස්සයි විස්ස කාන්තා ලෝක ශූරතා තරගාවලියද අයිසීසි ය මගින් පසුගියදා ඩුබායි වෙත මාරු කරන්නට තීරණය කෙරිණ.
අයිසීසිය මගින් බංග්ලාදේශයේ ක්‍රිකට් පරිපාලනයේ සිදුවන වෙනස් කම් මේ වන විට අධ්‍යයනය කරමින් සිටී.
පළා ගොස් ඇති බංග්ලාදේශ ක්‍රිකට් සභාපතිවරයා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ෂා ගේ සමීප හිතවතකු ලෙස ප්‍රකට අයෙකි.







