බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අරගලකරුවන් සමග විනිවිද භාවයකින් වැඩ කරන්න සූදානම්… ජනපති අරගලකරුවන්ට කියයි!

අරගලයේ අමාරුම කොටස දැන්... අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් නවත්වන්න -අරගලකරුවෝ ඉල්ලති...

by editor
අගෝස්තු 5, 2022
in පුවත්
Share on FacebookShare on Twitter
  • අරගලකරුවන් සමග විනිවිදභාවයෙන් කටයුතු කිරීමට සූදානම්. දැන් තිබෙන්නේ ආර්ථික අරගලය ජය ගැනීමයි.

  • පාවෙන වෙළඳ සංකීරණ භූමිය ඇතුළු ස්ථාන කීපයක් තරුණයින් සංස්කෘතිකාංග සහිත කලාගාරයක් කිරීමට බහුතර අරගලකරුවන්ගේ යෝජනා  දෙන්න… ජනපති ඉල්ලයි..

  • අරගලකරුවන් සමග ගනුදෙනු කිරීමට සියලුම පාර්ශව සහිත කණ්ඩායමක් හදන්නැයි  ජනපති යෝජනා කරයි….

අරගලකරුවන් සහ තරුණ පරපුර සමග විනිවිදභාවයෙන් කටයුතු කිරීමට තමන් සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ   පැවසීය.

දැන් අපට ඇත්තේ ආර්ථික අරගලය ජය ගැනීම බව කරුණු සහිතව පෙන්වා දුන් ජනාධිපතිවරයා අරගල භූමියේ සිටින සියලු තරුණ තරුණියන් එම ආර්ථික අරගලයේ ජයග්‍රහණය සඳහා සෑම අයුරකින්ම දායකකර ගැනීමට තමන් අපේක්ෂා කරන බව ද කියා සිටියේය.

ගාලු මුවදොර අරගලකරුවන්ගේ පාර්ශ්ව කිහිපයක් හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ   අතර විශේෂ සාකච්ඡාවක් අද (05) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

ප්‍රජාතන්ත්‍රවාදී නොවන දේශපාලනයට සහ ප්‍රචණ්ඩත්වයට තමන් විරුද්ධ බවත් මර්ධනය වෙනුවෙන්ම කටයුතු කරන පිරිස් විශ්වවිද්‍යාල ක්‍රියාවලිය තුළින්ම නවකවදය නවතා යහපත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදයක් වෙනුවෙන් ඉදිරිපත් විය යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

“අද අපේ විශ්ව විද්‍යාල පද්ධතියම කඩා වැටීමට එක් ප්‍රධාන හේතුවක් වන්නේ නවක වදය බව ජනාධිපතිවරයා කීවේය. වර්ජන සෑම කාලයකම පැවතුනා. වර්ජන මතින්ම රටක් ඉදිරියට ගෙන යා නොහැකි බවත්, සාකච්ඡා තුළින් මැදිහත් තැනකට පැමිණ ඉල්ලීම් දිනා ගන්නවා සේම රට වෙනුවෙන් කළයුතු කාර්යයන් ඉටුකළ යුතු බවත් ජනාධිපතිවරයා  පැවසීය.

සියලු අරගලකරුවන් නියෝජනය කරමින් යම් ප්‍රධාන කණ්ඩායමක් සකසා ගන්නා ලෙස ඉල්ලා සිටි ජනාධිපතිවරයා එම කණ්ඩායමට සියලු ආගම් නියෝජනය සහ කාන්තා නියෝජනය ද අත්‍යාවශ්‍ය බව සඳහන් කළේය.

තමන් විසින් තරුණයින්ගේ අවශ්‍යතා රාජ්‍යයේ ද අනුග්‍රහය සහිතව පවත්වාගෙන යාම සඳහා කොළඹ කොටුව පාවෙන වෙළෙඳ සැළ සහ තවත් ස්ථාන කිහිපයක් යෝජනා කිරීමට කැමති බවත්, ඒ වෙනුවෙන් වන විධිමත් යෝජනාවලියක් බහුතර අරගලකරුවන්ගේ මැදිහත්වීමෙන් සකස් කර ඉදිරිපත් කරන ලෙසත් රනිල් වික්‍රමසිංහ   ඉල්ලා සිටියේය.

එම ක්‍රියාවලිය තුළ අධ්‍යාපනය සඳහා වූ පුස්තකාල, දේශපාලන අධ්‍යයනය සඳහා වන පහසුකම්, සංගීතය, චිත්‍ර කලාව, වේදිකා නාට්‍ය හා අනෙකුත් තරුණ කුසලතා සහ අවශ්‍යතා ඉටුකරගත හැකි එක් මධ්‍යස්ථානයක් බවට එය පත්කර ගතයුතු යැයි ජනාධිපතිවරයා සඳහන් කළේය.

හදිසි නීතිය හැකි ඉක්මණින් ඉවත් කිරීම රටේ ආර්ථික සහ සමාජ ස්ථායීතාවයට වැදගත් වනවා සේම පවතින තත්ත්වයන් හේතුවෙන් රටේ පාලනයට ද එහි බලපෑමක් පවතින බව ජනාධිපතිවරයා කීය.

අද වන විට LGBT ප්‍රජාව සම්බන්ධයෙන් හදිසි නීතිය මත ගැටලුකාරී තත්ත්වයක් පැන නගින බවට තමන් වෙත වාර්තා වී ඇති බවත් එය ඉවත් කිරීම සඳහා අවශ්‍ය නීති පසුබිම සකස් කරන ලෙස තමන් විසින් නීතිපතිවරයාව දැනුවත් කොට ඇති බවත් ජනාධිපතිවරයා කීවේය.

තවද ජන සභා ආරම්භ කිරීම සම්බන්ධයෙන් මේ වන විටත් පාර්ශ්ව කිහිපයකින්ම තමන් වෙත යෝජනා ඉදිරිපත් වී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිතුමා ලබන සතියේ දී එම වැඩසටහන නියමිත පාර්ශ්ව සමග සාකච්ඡා කරන බව පැවසීය.

අරගලකරුවන් නියෝජනය කරමින් පැමිණි පාර්ශ්ව ඉල්ලා සිටියේ, සාමකාමී පොදුජන අරගලයට සම්බන්ධ අරගලකරුවන් සහ ක්‍රියාකාරිකයන් අනීතිකව හෝ අත්තනෝමතිකව සිදුවන අත්අඩංගුවට ගැනීම් නැවැත්වීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසයි.

මේ වන විටත් කිසිදු වරදක් නොකොට භූමියේ රැදී සිටින බොහෝ අරගලකරුවන් ඉන් පිටතට යෑමට බියව සිටින්නේ අත්අඩංගුවට ගැනීම් සිදුවන නිසාවෙන් බව ද ඔවුහු පෙන්වා දුන්හ.

අරගලයේ අපහසුම කොටස දැන් ඇරඹී ඇති බව සඳහන් කළ අරගලකරුවන් රටේ සමස්ත ජනතාවගේම චින්තන විප්ලවයක් ඇතිකරගත යුතු බව ද සඳහන් කළහ.

තරුණ පරම්පරාව අසීමිත කැපවීමකින් රටට මහත් බලාපොරොත්තුවක් ඇති කර ගැනීම උදෙසා මෙම අරගලය සිදු කළ බවත්, එහි සාධනීය ප්‍රතිඵලයක් ව්‍යවස්ථානුකූලව ඇතිකර ගැනීම තමන්ගේ අපේක්ෂාව බවත් ඔවුහු පෙන්වා දුන්හ.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, සමාජ ප්‍රතිසංස්කරණ ඇතුළු රට විධිමත් හා ස්ථායී තත්ත්වයකට පත්කර ගත යුතු කඩිනම් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් ඇතිකළ යුතු බවට ද යෝජනා කළහ.

රටේ උන්නතිය අපේක්ෂා කරන්නන්ගේ අරගලයේ ඉදිරිය පවතින්නේ සාකච්ඡාවෙන්, සංවාදයෙන් සිදු කරන එකඟතාවලින් බවත්  ඒ වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ග පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් සිදු කෙරෙනු ඇති බව තම විශ්වාසය බවත් ඔවුන් සඳහන් කළහ.

අරගලය මතින් මහා සුවිශාල ජයග්‍රහණ ගණනාවක් රටටත්, රටේ මහජනතාවටත් අත්කර දීමට තරුණ තරුණියන්ට හැකි වීම තම පරම්පරාවේ සුවිශේෂී ජයග්‍රහණයක් බව අරගලකරුවෝ කීහ.

සමස්ත ලෝකයේම ප්‍රජාතන්ත්‍රවාදය අගයන පිරිස මෙම අරගලය ඇගයීමට ලක් කරන බවත්, ඒ මතින් ලෝක අවධානය අප රටට හිමි වූ බවත් පැවසූහ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මහනුවර නගර සභාව ශ්‍රී දළදා පෙරහර දැකීමේ මහජන අයිතිය ජාවාරමුන්ට විකුණයි…

Next Post

අපි අමුත්තො නොවෙයි… යළිත් එක්ව වැඩ කරමු…. ජනපති සජබ ට ඇරයුම් කරයි…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.