බීබීසී –
-
නඩු නැති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව තවදුරටත් නීතිමය ක්‍රියාමාර්ග නොගන්නා ලෙසත් විනිසුරු මඩුල්ල විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් වරයාට නියෝගයක්…
පසුගිය වසරේ මැයි මස 09 වැනිදින ජනාධිපති මන්දිරයේ ජනාදිපතිවරයාගේ නිදන කාමරයේ තිබී සොයා ගත් මිලියන 18ක මුදල් හිටපු ජනාධිපතිවරයාගේ බවට අධිකරණයට කරුණු ඉදිරිපත් වී නොමැති බව අද (26) අභියාචනාධිකරණය තීන්දු කළේය.
එබැවින් අදාළ මුදල් අධිකරණයට ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත් අධිකරණය තීන්දු කළේය.
අභියාචනාධිකරණය මෙම තීන්දුව නිකුත් කළේ අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළු වූ අවස්ථාවේ එහි තිබී රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයකට අධික මුදල් සොයා ගැනීමේ සිද්ධියට අදාළව සැකකරුවකු වශයෙන් පෙනී සිටින ලෙස දන්වා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත නිකුත් කර තිබූ සිතාසිය බල රහිත කරමින් අද රිට් ආඥාවක් නිකුත් කරමිනි.
දේශබන්දු තෙන්නකෝන් ඉදිරිපත් කළ රීට් පෙත්සමේ තීන්දුව දෙමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන විනිසුරු මඩුල්ල මේ තත්ත්වය තුළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව පුද්ගලික පැමිණිල්ලක් පවත්වාගෙන යාමේ හැකියාවක් නොමැති බව ප්‍රකාශ කළහ.
අනතුරුව විනිසුරු මඩුල්ල , පෙත්සම්කරුට සැකකරුවෙකු වශයෙන් අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා කොටුව මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ සිතාසිය බල රහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කිරීමටත් නියෝග කළේය.
තවද පෙත්සම්කාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව තවදුරටත් නීතිමය ක්‍රියාමාර්ග නොගන්නා ලෙසත් විනිසුරු මඩුල්ල විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් වරයාට නියෝග කරනු ලැබුවේය.







