සාමකාමී අරගල නායකයින් විසින් භාර දී ඇති යොජනාවලියේ සදහන් මහජන කවුන්සිලය හොඳ යොජනාවක් ලෙස පිලිගන්නා බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
වැඩබලන ජනාධිපතිවරයා අද(16) උදෑසන අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග පැවති සාකච්ඡාවකදී මේ බව සඳහන් කළේ යැයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි. .
එමෙන්ම දුෂණය මැඩලීම සඳහා ගනුලබන ක්‍රියාමාර්ග පිළිබඳව අරගලකරුවන්ට ට දැනුම් දෙන බව ද වැඩබලන ජනාධිපති කියා ඇත.
ආර්ථික පිඩනයට ලක් ව සිටින ජනතාවගේ ජිවන බර අවම කිරීම සදහා ඉන්ධන ,ගැස් හා අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය ලබා දීමට කඩිනම් සහන වැඩසටහන ක් ආරම්භ කිරිමට ද ඔහුගේ සැලසුමක් ඇති බවත්, ලබන අගොස්තු මාසයේ දි ඉදිරිපත් කරන සහන අයවැයෙන් ඒ සඳහා තවත් අතිරේක මුදල් යෙදවීමට තිරණය ඇති බවත් අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනය කරයි.







