බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අයි.එම්.එෆ්  දෙවන සමාලෝචනය අවසන්… ඇමරිකානු ඩොලර් 337ක මූල්‍ය පහසුකමකට දොර විවර වෙයි!

by editor
මාර්තු 21, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනෙහි දෙවන සමාලෝචනය අවසන් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය අතර ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවට පැමිණි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් (Peter Breuer) පැවසීය.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාරිත්වය විසින් මෙම එකඟතාව අනුමත කළ පසු, ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 337 ක පමණ මුල්‍ය පහසුකමක් හිමිවන බවද ඔහු සඳහන් කළේය.

පීටර් බෘවර්   මේ බව සඳහන් කර සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟවන වැඩසටහනෙහි දෙවන සමාලෝචනය අවසන් කිරීමෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහාවන ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩලය විසින්  ශ්‍රී ලංකා මහ බැංකුවේ දී අද (21) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවේදීය.

ශ්‍රී ලංකාව විසින් ක්‍රියාත්මක කළ ප්‍රතිසංස්කරණ වැඩසටහන අත්කරගෙන ඇති ප්‍රතිඵල ප්‍රශංසනීය වන අතර ඒ මඟින් සාර්ථක ප්‍රගතියක් ලබමින් සිටින බව පැවසූ පීටර් බෘවර්  අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා වැඩි වේගයකින් ශ්‍රී ලංකාවේ උද්ධමනය පහත වැටුණු බවත්, ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ගත් ක්‍රියාමාර්ග ප්‍රශංසනීය බවත් සඳහන් කළේය.

මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩලය නියෝජනය කරමින් එහි ප්‍රධානී පීටර් බෘවර්   සහ නියෝජ්‍ය ප්‍රධානී කත්සියරිනා ස්විරිඩ්සෙන්කා (Katsiaryna Svirydzenka)  විසින් මාධ්‍ය නිවේදනයක්ද නිකුත් කළ අතර එහි මෙසේ සඳහන් වේ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

වසර 4 ක් පුරා ක්‍රියාත්මක වන විස්තීරණ අරමුදල් පහසුකම් (EFF) මඟින් සහාය දක්වන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ වන දෙවන සමාලෝචනය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායම ශ්‍රී ලංකා බලධාරීන් සමඟ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණෙමින් 2024 IV වන වගන්තිය යටතේ වන සාකච්ඡා අවසන් කළේය. මෙම විස්තීරණ අරමුදල් පහසුකම් විධිවිධානය යටතේ SDR බිලියන 3ක් (ඇමරිකානු ඩොලර් බිලියන 3 ක් පමණ) සඳහා 2023 මාර්තු 20 වන දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ ඵල දැරීම ආරම්භ කර ඇත. ප්‍රතිසංස්කරණ ගම්‍යතාව තිරසාරව පවත්වා ගැනීම සඳහා පාලන දුර්වලතා සහ දූෂණ අවදානම පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත් වේ.

මෙම කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාරිත්වය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතියට යටත්ව ඉදිරි කාලය තුළ, (i) බලධාරීන් විසින් පූර්ව ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම, (ii) බහුපාර්ශ්වික හවුල්කරුවන්ගේ මූල්‍ය දායකත්වය තහවුරු කිරීම සහ ප්‍රතිව්‍යුහගත කිරීම නියමිත කාලයට මෙන්ම, වැඩසටහනේ සඳහන් ණය ඉලක්කවලට අනුකූලව අවසන් වනු ඇති බවට විශ්වාසයක් ඇති කිරීම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීම සමඟ ප්‍රමාණවත් ප්‍රගතියක් ලබා තිබේද යන්න කෙරෙහි අවධානය යොමු කරමින් මූල්‍ය සහතික සමාලෝචනය අවසන් කිරීම, යන පියවර අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතු වේ.

විධායක මණ්ඩලයේ සමාලෝචනය අවසන් වූ පසු, ශ්‍රී ලංකාවට SDR මිලියන 254ක (ඇමරිකානු ඩොලර් මිලියන 337 ක් පමණ) මූල්‍ය පහසුකමක් වෙත ප්‍රවේශය හිමිවනු ඇති අතර ඒ යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති මුළු මූල්‍ය ආධාර ප්‍රමාණය SDR මිලියන 762ක් (ඇමරිකානු ඩොලර් බිලියන 1 ක් පමණ) වනු ඇත.

උද්ධමනය ශීඝ්‍රයෙන් පහතට ගෙන ඒම, විදේශ සංචිත සමුච්චය ශක්තිමත් වීම සහ මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව රැක ගනිමින්, ආර්ථික වර්ධනයේ ආරම්භක සලකුණු ඇතුළු ප්‍රශංසනීය ප්‍රතිඵල සහිතව, විස්තීරණ අරමුදල් පහසුකම (Extended Fund Facility )යටතේ අධිෂ්ඨානශීලී ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම තුළ ශ්‍රී ලංකාවේ බලධාරීන් සාර්ථක ප්‍රගතියක් අත්කර ගනිමින් සිටී.

සැලකිය යුතු ලෙස සිදු කරන ලද රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණවලින් පසු ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය ශක්තිමත් වී ඇත. සමාජ වියදම් පිළිබඳ දර්ශක ඉලක්කය හැර 2023 දෙසැම්බර් මාසය අවසානය වන විට සියලු ප්‍රමාණාත්මක කාර්ය සාධන නිර්ණායක සහ දර්ශක ඉලක්ක සපුරා ගැනීමත් සමඟ වැඩසටහනෙහි කාර්ය සාධනය ශක්තිමත් වී තිබේ. 2024 පෙබරවාරි මාසය අවසානයට පෙර බොහෝ ව්‍යුහාත්මක මිණුම් සලකුණු ප්‍රමාද වී හෝ සපුරාලීම/ක්‍රියාත්මක කිරීම සිදු කර තිබේ.

ඇතැම් ක්ෂේත්‍රවල ප්‍රතිසංස්කරණ තවමත් සිදු වෙමින් පවතී.

ආර්ථික තත්ත්වය ක්‍රමයෙන් වර්ධනය වේ. කාර්තු හයක අඛණ්ඩ පසුබෑමෙන් පසු වර්ධනය ධනාත්මක වූ අතර, 2023 තෙවන හා සිව්වන කාර්තු වලදී පිළිවෙලින් සියයට 1.6 ක් සහ සියයට 4.5 ක වාර්ෂික වර්ධනයක් වාර්තා විය. අධි සංඛ්‍යාත ආර්ථික දර්ශක මගින් පෙන්නුම් කරන්නේ නිෂ්පාදන, ඉදිකිරීම් සහ සේවා අංශවල අඛණ්ඩ වර්ධනයක් පවතින බවයි. උද්ධමනය 2022 සැප්තැම්බර් මාසයේ දී සියයට 70 ක උපරිමයේ සිට 2024 පෙබරවාරි මාසයේ වන විට සියයට 5.9 ක් දක්වා පහත වැටී ඇත. මහ බැංකුව විසින් සිදු කර ඇති සැලකිය යුතු විදේශ විනිමය මිලදී ගැනීම් සමඟ 2024 පෙබරවාරි මස අවසානය වන විට නිල සංචිත ප්‍රමාණය දළ වශයෙන් ඩොලර් බිලියන 4.5 දක්වා ඉහළ ගියේය.

ආර්ථිකයේ තිරසර ප්‍රකෘතියක් සහ ස්ථාවර වූත් සියල්ල අන්තර්ගත වූත් ආර්ථික වර්ධනයක් කරා යන මාවතකට ගෙන ඒම සඳහා ප්‍රතිසංස්කරණවල වේගය පවත්වා ගැනීම ඉතා වැදගත් වේ. ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා ශ්‍රී ලංකා රජය දක්වන කැපවීම අප පිළිගන්නෙමු. 2025 වසර සහ ඉන් ඔබ්බට ආදායම් උපයා ගැනීමේ ඉලක්ක සපුරාලීම සඳහා සිදු කළ යුතු ආදායම් ඉහළ නැංවීමේ පියවර සමඟ දේපල බද්ද හඳුන්වාදීම අඛණ්ඩ ප්‍රගතියක් අත්කර ගැනීම සඳහා ඉතා වැදගත් වේ.

ආදායම් පරිපාලනය සහ දූෂණ විරෝධී ප්‍රයත්නයන් සිදු කිරීම බදු එකතු කිරීම් ඉහළ නැංවීම සඳහා ද ප්‍රධාන වේ.

ඉන්ධන සහ විදුලි මිලෙහි පිරිවැය ප්‍රතිසාධනය පවත්වා ගැනීම රජය සතු ව්‍යවසායයන්ගෙන් පැන නගින මූල්‍ය අවදානම් අවම කර ගැනීමට උපකාරී වේ.

උද්ධමනය බලාපොරොත්තු වූවාට වඩා වේගයෙන් පහත වැටුණද, උද්ධමන පීඩනය නැවැත්විමට සහ සාර්ව ආර්ථික ස්ථාවරත්වයට සහාය වීමට අඛණ්ඩ අධීක්ෂණය අවශ්‍ය වේ. පවතින බාහිර අවිනිශ්චිතතාවය හමුවේ, ශක්තිමත් සංචිත ගොඩනැගීම මඟින් බාහිර ස්වාරක්ෂක නැවත ගොඩනැඟීම අඛණ්ඩව සිදුකරගෙන යාම වැදගත් වේ.

වැඩසටහන් පරාමිතීන්ට අනුකූලව ණය ගනුදෙනු කිරීම සම්බන්ධයෙන් නිල ණයකාරක කමිටුව හා චීන ආනයන-අපනයන බැංකුව සමඟ ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිමය ගිවිසුම් අත්සන් කිරීම ශ්‍රී ලංකාවේ ණය තිරසාරභාවය කරා ගෙන යාමේ වැදගත් සන්ධිස්ථානයක් වේ. තීරණාත්මක ඊළඟ පියවර වන්නේ නිල ණය හිමියන් සමඟ ගිවිසුම් අවසන් කිරීම සහ ප්‍රධාන බාහිර පෞද්ගලික ණය හිමියන් සමඟ කාලෝචිත ආකාරයකින් වැඩසටහන් පරාමිතීන්ට අනුකූල ගිවිසුම් වෙත යොමු වීමයි.

මෙය මධ්‍ය කාලීනව ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය නැවත යථා තත්වයට පත් කිරීමට උපකාරී වනු ඇත.

පාලනය පිළිබඳ විනිශ්චය වාර්තාවේ ප්‍රධාන නිර්දේශ ක්‍රියාවට නැංවීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද ක්‍රියාකාරී සැලැස්ම වැදගත් පියවරකි. දූෂණ අවදානම් සඳහා අවශ්‍ය පිළියම් යෙදීම,  ආර්ථිකය පිළිබඳ විශ්වාසය නැවත ගොඩනැඟීම සහ වඩාත් ශක්තිමත් හා සියල්ල ඇතුලත් වර්ධනයක් අත්කර ගැනීම සඳහා මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමේ තිරසර උත්සාහයන් අත්‍යවශ්‍ය වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙහෙයුම් කණ්ඩායම නුවරඑළියෙහි තේ වතු කම්කරුවන් හමුවී ශ්‍රී ලංකාව තුළ වඩාත් අවදානමට ලක්විය හැකි අභියෝග කිහිපයක් පිළිබඳව දැනුවත්භාවයක් ලබා ගත්තේය. දුප්පතුන් සහ අවදානමට ලක්විය හැකි පුද්ගලයින් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක “අස්වැසුම” වැනි සමාජ ආරක්ෂණ ජාලයන්ගේ ඉලක්කගතභාවය පවත්වාගැනීම, ප්‍රමාණවත්භාවය සහ ආවරණය වැඩි දියුණු කිරීම සඳහා අඛණ්ඩ ප්‍රයත්නයන් සිදුකිරීම අත්‍යවශ්‍ය වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙම කණ්ඩායම ජනාධිපති සහ මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර, රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, භාණ්ඩාගාර ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන යන මහත්වරුන් ඇතුළු රජයේ සහ මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පෞද්ගලික අංශයේ නියෝජිතයින්, සිවිල් සමාජ සංවිධාන සහ සංවර්ධන හවුල්කරුවන් ද හමුවිය.

ශ්‍රී ලංකාවේ බලධාරීන් දැක්වූ විශිෂ්ඨ සහයෝගය වෙනුවෙන් අපි අපගේ ස්තූතිය පිරිනමමු.

මෙම මාධ්‍ය හමුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නේවාසික නියෝජිත ආචාර්ය සර්වත් ජහාන් මහත්මියද සහභාගී විය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහනුවර දළදා පෙරහර ගැසට් කරයි…

Next Post

පාසල් ක්‍රිකට් නිලවරණ බල පොරය බලු පොරයක් වෙලා!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.