පෙරහර සංදේශය මගින් ජනපති රනිල් වික්‍රමසිංහගෙන් සිදුකළ ඉල්ලිමක් ප්‍රකාරව පෞරාණික චාරිත්‍ර ගරු කරමින් චිරාගත සම්ප්‍රදායානුකූලව මහනුවර ඇසළ මහා පෙරහර මංගල්‍යය පවත්වා ගෙන යෑම සඳහා එයට සහභාගි වන පිරිස සහ ඊට පහසුකම් සලසන රාජ්‍ය ආයතනවල කාර්යභාරය නිශ්චිත කර ගැසට් කිරීමට රජය සූදානම් වේ.
දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල පැවසුවේ ජනපති උපදෙස් මත මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා කෙටුම්පත් සකස් කිරීම වෙනුවෙන් කමිටු පත් කිරීම ප්‍රධානකරගත් සාකච්ඡාවක් ජනාධිපති ලේකම් සමන් ඒකනායක ගේ ප්‍රධානත්වයෙන් දළදා මාලිගාවේ දී පැවැති බවය.
මහනුවර ඇසළ පෙරහර සඳහා ශ්‍රී දළදා මාලිගාව සහ සතර මහා දේවාල මගින් ඉදිරිපත් කරන නර්ථනාංග ඇතුළු සියලු ආයිතම නිශ්චිත කර ගැසට් කිරීම මගින් අනාගතයේ කිසිදු අවස්ථාවක නවාංග ඊට ඇතුළු කර පෙරහර විකෘති කිරීමට නොහැකි බවත් පෙරහර සමයේ ඊට සම්බන්ධවන රාජ්‍ය ආයතනයන්හි කාර්යභාරය වෙන් වෙන්ව නිශ්චිත කර ගැසට් කිරීමට නියමිත බවත් දියවඩන නිලමේවරයා පැවසීය.
පිළිගත් දේවාළ වල බස්නායක නිළමේවරු නොවන පුද්ගලයින් පවා ඇතැම් අවස්ථාවල උඩරට නිළමේ ඇඳුමින් සැරසී මහනුවර ඇසළ පෙරහරේ ගමන් කරන බව කී දියවඩන නිලමේවරයා මින් පසු එවැනි ආකාරයේ ක්‍රියා කිරීමට නිළමේවරුන්ට අවකාශ නොලැබෙන බව පෙන්වා දුන්නේය.