පවතින කාලගුණික තත්ත්වයන් හේතුවෙන් රට පුරා විදුලි බිඳවැටීම් 29,015 ක් වාර්තා වී ඇතැයි විදුලි බල මණ්ඩලය නිවේදනය කරයි
සීමිත කාර්ය මණ්ඩලය සහ සම්පත් හේතුවෙන් ඇති වන අභියෝග නොතකා, මෙම බිඳවැටීම් සඳහා විදුලි බල මණ්ඩලයේ කණ්ඩායම් ක්‍රියාකාරීව සම්බන්ධ වී සිටින බවත් එම නිවේදනයේ දැක්වේ.
විදුලි බල මණ්ඩලයේ කණ්ඩායම්වලට ප්‍රමුඛතාවය දී ඉක්මනින් ප්‍රතිචාර දැක්විය හැකි වන පරිදි, CEBCare ජංගම යෙදුම හරහා හෝ 1987 අමතා ඕනෑම බිඳවැටීමක් හෝ ආරක්ෂක ගැටලු වාර්තා කරන ලෙස මණ්ඩලය ඉල්ලා සිටී.
“ආරක්ෂිතව සහ කාර්යක්ෂමව විදුලිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අපි පැය 24 පුරාම කටයුතු කරන බැවින්, මෙම කාලය තුළ ඔබගේ සහයෝගය සහ ඉවසීම බෙහෙවින් අගය කරනු ලැබේ.” විදුලි බල මණ්ඩලයේ නිවේදනයේ සඳහන් වේ.







