අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

  අය වැය අද… අය වැය කාලයේ පාර්ලිමේන්තුවේ සැලසුම  කුමක් ද?

by editor
නොවැම්බර් 13, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

2024 වසර සඳහා වන අය-වැය වාර්තාව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ   විසින් අද (13) දහවල් 12.00 ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.

2024 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම හෙවත් ‘අය-වැය කථාව’ ජනාධිපතිවරයා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු, දෙවන වර කියැවීමේ විවාදය හෙට (14) ආරම්භ වේ.

14 සිට 21 දක්වා, ඉරිදා දිනයන් හැර දින 07ක් විසර්ජන පනත් කෙටුම්පත (අය වැය) දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිත අතර අය-වැය දෙවන වර කියවීමේ විවාදයට අදාළ ඡන්ද විමසීම 21 වැනි අඟහරුවාදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිත වේ.

ඉන් පසුව අය-වැය කාරක සභා අවස්ථා විවාදය හෙවත් අය-වැය පිළිබඳ තෙවන වර කියැවීම 22 බදාදා සිට දෙසැම්බර් 13 බදාදා දක්වා ඉරිදා දිනයන් හැර දින 19ක් පැවැත්වීමට නියමිතය. මේ අනුව 2024 මූල්‍ය වර්ෂය සඳහා වන අය-වැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 13 වැනි බදාදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිතය.

අය-වැය විවාද කාල සීමාව තුළ සෑම දිනකම පෙරවරු 9.30 සිට පස්වරු 6.00 දක්වා විවාදය පැවැත්වීමට නියමිත අතර ඡන්ද විමසීම් පැවැත්වෙන දිනයන්හි හැර අ‍න් සෑම දිනකම පස්වරු 6.00 සිට ප.ව 6.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

2024 සඳහා වන අය-වැය ඉදිරිපත් කරන අද (13) දිනයේ දී පාර්ලිමේන්තුව තුළ හා ඒ අවට විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක්ද යොදා ඇත.

අය-වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අද (13) දිනයේ දී මහජන ගැලරිය රාජ්‍ය තාන්ත්‍රික අමුත්තන් සඳහා පමණක් සීමා කර ඇත.

එමෙන්ම පාර්ලිමේන්තු රථගාල අද දිනයේ දී වසා තබන බැවින්, මන්ත්‍රීවරුන් පැමි‍ණෙන වාහන අදාළ රථගාල් වෙත යොමු කිරීම සඳහා වැඩපිළිවෙළක්ද සැලසුම් කර ඇත.

මෙදින පාර්ලිමේන්තුවට පැමි‍ණීමේ දී, හැකිතාක් දුරට රියැදුරෙකු කැටුව පැමිණෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින්ම, තම රථය පදවාගෙන එන්නේ නම්, එම මන්ත්‍රීවරුන්ගේ වාහන නියමිත රථගාල වෙත ධාවනය කර ගාල් කරවීම පිණිස මන්ත්‍රී පිවිසුමෙහි පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට අයත් රියැදුරන් එම සේවාවේ යොදවා ඇත.

ජනතාව මුහුණ දෙන කෙටිකාලීන ගැටළු කෙරෙහිත් අවධානය යොමුකරමින් දීර්ඝ කාලීනව රට නගා සිටුවීම පදනම් කරගත් අයවැයක් අද (13) දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කර තිබිණි.

කෙටි කාලීන ජනප්‍රියතාවය උදෙසා හෝ මැතිවරණ ඉලක්ක කර ගනිමින් මෙවර අයවැය සකසා නොමැති බවත් , ජනාධිපතිවරයා රට භාරගැනීමේදී සඳහන් කළ ආකාරයට දිගු කාලීන ස්ථාවර එමෙන්ම පෙර සේ ආර්ථිකයේ පතුලට නැවත වතාවක් රට නොවැටෙන ආකාරයට කටයුතු කරන බවට කළ ප්‍රකාශය පදනම් කර ගනිමින් මෙවර අයවැය සැකසෙන බවත්  අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

සමස්ථ ජනතාව පීඩනයෙන් පසුවන අවස්ථාවක ඒ සඳහා විසඳුම් සෙවීමේ අභියෝගය, දීර්ඝ කාලීනව නැගිටින රටක් බවට රට පත්කිරීමේ අභියෝගය මෙන්ම ඒ සඳහා වියදම් සොයාගැනීමේ අභියෝගයට මුහුණ දෙමින් මෙවර අයවැය සකසා ඇති බව ද ඔහු පවසයි.

මෙතෙක් කළක් අයවැය හිඟය පියවා ගැනීම සඳහා රජයට හෝ භාණ්ඩාගාරයට තිබූ අසීමිත අයිතිවාසිකම් මේ වන විට රජයට නොමැති බවත්, සීමිතව ඇති එම අයිතිවාසිකම උපයෝගී කරගනිමින් දේශිය හා විදේශීය වශයෙන් ණය කෙරෙහි අවධානය යොමු කරමින්, අයවැය පරතරය අවම වට්වමක රඳවා ගැනීමේ අභියෝගටද දැඩිව මුහුණ දෙමින් මෙවර අයවැය සකස් කළ බවද ඔහු සඳහන් කරයි. .

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ක්‍රිකට්වලින් තැලුණු තැන්වල තලතෙල් ටිකක් ගාගෙන ලෑස්ති වෙන්න… හෙට අය-වැය!

Next Post

බලංගොඩ නායේ යෑමෙන් අතුරුදහන් වූ එකම පවුලේ සිව්දෙනා සොයා දිගටම මෙහෙයුම්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.