අඹන්පොල දකුණ ග්‍රාම නිලධාරීවරයා කපා කොටා ඝාතන සිද්ධියට සම්බන්ධ නඩුව මහව ප්‍රධාන මහේස්ත්‍රාත් නුතිනන් සිරිවර්ධන හමුවේ කැඳවූ අවස්ථාවේ දී දැනට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටින සැක කරුවන් දෙදෙනෙක් විවෘත අධිකරණයේ දී හඳුනා ගැනීමට සාක්ෂි කරුවෝ සමත් වූහ.
හඳුනා ගැනීමේ පෙරට්ටුවේ දී මෙසේ හඳුනාගනු ලැබුවේ ජේ කේ ටෙක්සි ඩෙනිස් සහ සමිත් ඉදුරංග යන සැකකරුවන්ය.
හඳුනා ගැනීමේ පෙරෙට්ටුවෙන් අනතුරුව සියලු සැකකරුවන් මේ මස 26 වන දින දක්වා තවදුරටත් රිමාන්ඩ් කිරීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.







