සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අමානුෂික ලෙස පහර දී කුඩු පැකට් එකක් දමා නිර්දෝෂී පුද්ලයෙකු බන්ධනාගාරගත කළ පොලිස් කුපාඩින් 06කට වැඩ වරදී…

පොලිසියේ 06 දෙනාම වැරදිකරුවන් බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි...

by editor
ඔක්තෝබර් 13, 2025
in පුවත්
former-cid-dig-prasad-ranasinghe-arrested-bribery-commission
Share on FacebookShare on Twitter
  • නිර්දෝෂී පුද්ගලයෙකු දණ ගස්වා අමානුෂිකව පහර දී කුඩු පැකට් එකක් දමා අධිකරණයට ඉදිරිපත් කර බන්ධනාගාරගත කරලා…

  • තමන්ට පහර දුන් බව කී විට අධිකරණ වෛද්‍ය නිලධාරීවරයෙකුට ඉදිරිපත් කර වාර්තාවක් ගෙනෙන්නැයි විනිසුරු දුන් නියෝගය පැහැර හැරලා…

  • වෛද්‍යවරයෙක් ලවා බොරු අධිකරණ වාර්තාවක් දුන් පසු විනිසුරු නියෝගයෙන් වෙනත් වෛද්‍යවරයෙකුට යොමු කරලා… පහර දී තුවාල සිදුකර ඇති බවට එම වෛද්‍යවරයා සිය වාර්තාවෙන් තහවුරු කරලා…

  • වෛද්‍ය පරීක්ෂණවලදී මෙම සැකකරුට මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ ඉතිහාසයක් නොමැති බව තහවුරු වෙලා… වින්දිතයා දැමූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය කොට්ටාව  පොලිසියේ හය දෙනාම වරදකරුවන් කරයි… 

කිසිම සාධාරණ හේතුවක් නොමැතිව පුද්ගලික බස් රථ ක්‍රියාකරුවෙක් අත් අඩංගුවට ගෙන දණ ගස්වා හිසට පිස්තෝලයක් තබා මරණීය තර්ජන එල්ල කිරීමෙන් අනතුරුව පහර දී හෙරොයින් මත් කුඩු සන්තකයේ තබා ගත්  බවට චෝදනා කරමින් අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත  බන්ධනාගාරගත කිරීම තුළින් කොට්ටාව පොලිසියේ නිලධාරීන් හය දෙනෙක් එම පුද්ගලයාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනයය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය.

ඒ වෙනුවෙන් අදාල පොලිස් නිලධාරීන් සිය පුද්ගලික මුදලින් රුපියල් ලක්ෂ 10ක් පෙත්සම් කරුට ගෙවිය යුතු බවත් අධිකරණය නියෝග කර තිබිණි.

කොට්ටාව පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව යසන්ත කෝඳාගොඩ සහ ජනක් ද සිල්වා යන විනිසුරුවරුන්ගේ එකඟතාවය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළාය.

2016 වසරේ ජූලි මස 09 වැනිදා රාත්‍රී 10ට පමණ මිතුරෙක් හමුවී නිවසට පැමිණෙමින් සිටිය දී වගඋත්තරකාර පොලිස් පරීක්ෂකවරයා තමන්ට බැන වැදී හිසට පිස්තෝලය තබා තර්ජනය කළ බවත් ඉන් පසු තවත් කොස්තාපල්වරු දෙදෙනෙක් තමන්ට පහර දී දණ ගසන ලෙස නියෝග කළ බවත් පෙත්සම්කරු පෙන්වා දී තිබිණි.

පෙත්සම්කරු චෝදනා කර ඇත්තේ ඉන් පසු එම නිලධාරීන් අමානුෂික ලෙස තමන්ට පහර දුන් බවය.

RelatedPosts

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ඉන් අනතුරුව වගඋත්තරකරුවන් තමන්ව කොට්ටාව පොලිස් ස්ථානයට රැගෙන ගොස් සිර මැදිරිය තුළ රැඳවු බව පවසන  පවසන වගඋත්තර කරු තවදුරටත් පවසා ඇත්තේ තමන්ව නිදහස් කරන ලෙස සිය මව, බිරිය හා සොයුරා පොලිසියෙන් ඉල්ලා සිටියත් පොලිසියෙන් එම චෝදනාව ප්‍රතික්ෂේප කළ බවය.

වගඋත්තරකාර නිලධාරීන් තමන්ගේ මුහුණ කට පපුව සහා පාදවලට අමානුෂිකව පහර දුන් බවත් ඒ හේතුවෙන් තුවාලවලින් ලේ ගැලූ බවත් පෙත්සම්කරු පවසා තිබිණි.

ඉන් අනතුරුව ඔහුව ජුලිමස 09 වැනිදා හෙරොයින් මිලි ග්‍රෑම් 550ක් ලඟ තබා ගැනීමේ චෝදනා මත හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

එම අවස්ථාවේ දී පෙත්සම්කරුට පොලිස් අත් අඩංගුවේ දී පහර දී ඇති බවට ඔහුගේ නීතිඥයා දැනුම් දීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා  නියෝග කර ඇත්තේ පෙත්සම්කරුව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හමුවට ඉදිරිපත් කර වාර්තාවක් කැඳවන ලෙසය.

පසුව ජූලි මස 18 වැනිදා  මෙම පුද්ගලයා යළි අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී ඔහු අධිකරණයට දන්වා ඇත්තේ   බන්ධනාගාර නිලධාරීන් විසින් තමන්  අධිකරණය වෛද්‍ය නිලධාරීවරයෙක් වෙත ඉදිරිපත් නොකළ බවය.

ඉන් අනතුරුව මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස මහේස්ත්‍රාත්වරයා නුගේගොඩ දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට නියෝග කර ඇත.

පසුව එක් වෛද්‍යවරයෙක් විසින් ඉදිරිපත් කරන ලද මුල් අධිකරණ වෛද්‍ය වාර්තාවේ තමන් විසින් පරීක්ෂාවට ලක් කළ පුද්ගලයාට බාහිර තුවාල කිසිවක් නොතිබුණ බව සඳහන් කර තිබුණ ද ඉන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා කළ නියෝගයකට අනුව තවත් වෛද්‍යවරයෙක් විසින් ඉදිරිපත් කළ අධිකරණ වෛද්‍ය වාර්තාවෙන් පෙත්සම්කරුට මුහුණ, පපුව සහ නළල සහ මැණික්කටුවේ තුවාල තිබුණු බවට වාර්තා කර ඇත.

මීට අමතරව එම වෛද්‍ය වාර්තාවෙන් අධිකරණයට දැනුම් දී ඇත්තේ මෙම පෙත්සම්කරුට මත්ද්‍රව්‍ය භාවිතා කිරීමේ ඉතිහාසයක් සම්බන්ධව මේ පරීක්ෂණයේ දී සායනික සාක්ෂි අනාවරණය නොකරන බවය.

ඒ අනුව වගඋත්තරකරුවන් විසින් පෙත්සම්කරුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

විදුලි බල වෘත්තීය සමිති සාකච්ඡාවට පැමිණි වෘත්තීය සමිති නියෝජිතයෙකුට අමාත්‍යාංශ ආරක්ෂකයින් පහර දී එළියට ඇද දමයි…

Next Post

වතු කම්කරු වැටුප් වැඩි කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන් !

Related Posts

පුවත්

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026
පුවත්

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026
පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!
  • 2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.