මාස හතක් පුරා පැවැත්වෙන ලොව දැවැන්තම විවාහ උත්සවයවන ඉන්දියාවේ ධනවත් පුද්ගලයා වූ මුකේෂ් අම්බානිගේ පුත් ආනන්ට් අම්බානිගේ විවාහ උත්සවයට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි ක්‍රීඩකයෙකු වන මහේල ජයවර්ධනද ඊයේ (12) සහභාගී වී ඇත.

හත් මස් කාලයක් සැනකෙළි කළ පූර්ව විවාහ සැමරුමකින් පසුව ඉන්දියාවේ ධනවත් පුද්ගලයා වන මුකේෂ් අම්බානිගේ පුත් 29 හැවිරිදි ආනන්ට් අම්බානි සහ 29 හැවිරිදි රාධිකා මර්චන්ට් විවාහ දිවියට එළඹීම සඳහා ඊයේ (12) චාරිත්‍ර ආරම්භ කර ඇත.
මුම්බායි නගරයේ ජියෝ වර්ල්ඩ් කන්වෙන්ෂන් සෙන්ටර්හි දින 3 ක කාලයක් විවාහ උත්සවය පැවැත්වෙන අතර හෙට(14) එය අවසන් වීමට නියමිතය.
විවාහ උත්සවය සඳහා සම්පූර්ණයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 600 ක මුදලක් ( ශ්‍රී ලංකා රුපියල් කෝටි 18149 ක් පමණ) මනාල ජෝඩුව වැය කර ඇත.
එය ඔස්කාර් සම්මාන උළෙල 10 පැවැත්වීමට ප්‍රමාණවත් බවද මත කියැවේ.







