බලපිටිය – හීනටිය පාරේ පැටිවත්ත ප්‍රදේශයේදී අද ( 09) දහවල් සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගත කළ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
මෙසේ වැදී ඇත්තේ බලපිටිය මහලදූව පදේශයේ පදිංචි පැට්ටා නමැති අයෙක් බවද පොලීසිය කියයි.
වෙඩි වැදුණු තැනැත්තා වෙඩි තබා ඝාතනය කළ, කලෙක ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරූ ක්‍රිකට් ක්‍රීඩක ධම්මික නිරෝෂණ ඝාතනයේ ප්‍රධාන සැකකරු බව විමර්ශන අංශ පවසයි.
එම වෙඩි තැබීම සම්බන්ධයෙන් අද (09) බලපිටිය අධිකරණයේ විභාග වෙමින් පැවතුන නඩුවට සහභාගිවී කුලී ත්‍රිරෝද රථයකින් නිවසට යමින් සිටියදී මේ වෙඩි තැබීම සිදු කර ඇති බවද වාර්තා වේ.





