බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපේ ප්‍රශ්න විසඳගන්න ඕන චීන සමාගම් නොවේ… අපයි… චීනය මේ කරන බලපෑම නැවැත්විය යුතුයි! -අනුර කුමාර දිසානායක…

by editor
ඔක්තෝබර් 23, 2021
in පුවත්
Anura-Kumara-Dissanayaka
Share on FacebookShare on Twitter
  • චීනය මෙය බලහත්කාරී කඩාපැනීමක්. අපේ රටට භාණ්ඩ ආනයනය තීරණය කරන්නේ අපේ රටේ බලාධිකාරිය මිසක් චීන සමාගමක් නොවෙයි…

  • නැවත තුන්වෙනි පාර්ශ්වයක් මගින් පොහොර සාම්පල් පරීක්ෂා කිරීමට   එකඟතාවයකට ආවා කියලා සමාගම කියනවා..  ඔබ ඒ එකඟතාවයට පැමිණියේ කා  සමඟද?. කින්ඩාවෝ සමාගම සහ චීන තානාපති කාර්යාලය රටට හෙළි කරන්න අවශ්‍යයයි…

  • රටක් ලෙස කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයාට ස්තුතිවන්ත විය යුතුයි… ඔහු නැව වරාය තුළට ගැනීම වැළැක්වීමට ගත් තීන්දුව ආපසු හරවන්න උත්සාහ කරන්න එපා… එහෙම කළොත් එය නැවත හැරවිය නොහැකි මහා විනාශයක් වේවි…

ජනාධිපති හා ඇමතිවරු චීන සමාගමට වගකියනු ලැබුවත් අපේ රටේ ආයතන වගකියන්නේ මේ රටට සහ ජනතාවට බවත්, චීනයේ මේ බලහත්කාර කඩා පැනීමට එරෙහිව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා ගත් තීන්දුව ආපසු හරවන්නට ආණ්ඩුව කිසිසේත්ම උත්සාහ නොකළ යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක  පැවසුවේය.

ඔහු මේ බව පැවසුවේ අද ජනතා විමුක්ති පෙරමුණු මූලස්ථානයේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අමතමිනි.

අපේ රටේ ප්‍රශ්න විසඳා ගත යුත්තේ අප විසින් බව කී මන්ත්‍රීවරයා ඊට අනවශ්‍ය චීන මැදිහත්වීමක් සිදුවීම වළක්වා ගැනීම මේ රටේ පාලකයන්ගේ වගකීම බව  වැඩිදුරටත් කීවේය.

ඔහු මෙසේ ද ප්‍රකාශ කළේය.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

“රටට කාබනික පොහොර ආනයනය කිරීම තුළින් විනාශකාරී ප්‍රතිඵල අත්කර දිය හැකි බව ඒ ක්ෂේත්‍රයේ බොහෝ විද්වතුන් පෙන්වා දුන්නා. එහෙත් ආණ්ඩුව සියල්ල වෙනස් කර ප්‍රමිති ආයතනයට කාබනික පොහොර ආනයනය සඳහා ප්‍රමිතියක් සකස් කරන ලෙස උපදෙස් දුන්නා. ඒ අනුව තමයි පහුගියදා මෙටික් ටොන් 96,000ක් ආනයනය කිරීම සඳහා චීනයේ කින්ඩාවෝ සමාගමට ඇණවුමක් බාරදුන්නේ.

එහෙත්  චීනයෙන් ගෙන්වීමට තිබූ කාබනික පොහොර තොගයේ ඉතාම අහිතකර ක්ෂද්‍ර ජීවීන් සිටින බව ශාඛ නිරෝධායන ආයතන තහවුරු කළා. එබැවින් එම පොහොර ආනයනය නතර කරන්න සිද්ධ වුනා. නමුත් අමාත්‍යවරයා පෙනී සිටියේ තමන්ගේ දැනුම ඥානය භාවිතා කර පරීක්ෂණ සිදුකළ ආයතනය හෝ නිලධාරීන් වෙනුවෙන් නොව චීන සමාගම වෙනුවෙන්.

මේ සාම්පල පරීක්ෂාවටත් පෙර නැව චීනයෙන් පිටත් වුනා. ඉන්පසුව නැව ආපසු හැරවූ බව කීවා.

නමුත් ඔක්තෝබර් 22 එනම් ඊයේ  කින්ඩාවෝ සමාගම කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත, ජනාධිපති ලේකම්, අගමැති ලේකම්, කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්, චීනයේ සහ ශ්‍රී ලංකාවේ තානාපතිවරුන්ට ඇතුළු කණ්ඩායමකට ලිපියක් යොමුකර කියනවා කොළඹ වරායට 22වෙනිදා වනවිට නැව ළඟාවෙනවා කියලා.

මෙය බලහත්කාරී කඩාපැනීමක්. අපේ රටට භාණ්ඩ ආනයනය තීරණය කරන්නේ අපේ රටේ බලාධිකාරිය. චීන සමාගමට එය තීරණය කරන්න බැහැ.

ඒ වගේම මේ කාබනික පොහොර පරීක්ෂාව ශාඛ නිරෝධායන ආයතනය මගින් නිසි පරිදි සිදුවෙලා නැහැ කියලා චෝදනා කරනවා. අපේ රටේ ශාඛ නිරෝධායන සේවාව වගකියන්නේ අපේ රටට මිස චීන සමාගමට නෙවෙයි.

ඇමතිවරු ජනාධිපති චීන සමාගමට වගකියනවා. තුන්වෙනි පාර්ශ්වයක් මගින් පරීක්ෂා කළ යුතුයි කියලා එකඟතාවයට ආ බව කියනවා. එවැනි එකඟතාවයකට ආවේ කවුරු සමඟද කියලා කින්ඩාවෝ සමාගම සහ චීන තානාපති කාර්යාලය රටට කියන්න ඕනෑ.

ඒ වගේම එම සමාගම එවන ලද ලිපියේ මහ කන්නය සඳහා පොහොර හිඟයක් ඇති නිසා මෙම පොහොර තොගය බාරගන්න කියලා ඉල්ලීමක් කර තිබෙනවා. අපේ රටේ ප්‍රශ්න රටේ පාලනාධිකාරිය විසඳිය යුතුයි. චීන සමාගම ඒ ප්‍රශ්න විසඳන්න මැදිහත්විය යුතු නැහැ. ඒ නිසා අපේ රටේ නීති නොසලකා චීන නෞකාය කොළඹ වරායට ඇතුළුවීමට දරණ උත්සාහය වහා නතර කළ යුතුයි.

මෙම නෞකාව කොළඹ වරායට ඇතුල් කර නොගන්නා ලෙසත් ඒ අවට නැංගුරම්ලා තබා ගැනීමට ඉඩ නොදෙන ලෙසත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා ඔහුට ඇති බලතල අනුව වරාය සභාපතිවරයාට දැනුම් දී තිබෙනවා. ඒ වෙනුවෙන් අපි ඔහුට ස්තුතිය පළකරනවා. වරායේ හාබර් මාස්ටර් ලිඛිතය දැනුම් දී තිබෙනවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට එම නැව කොළඹ වරායට ඇතුල් කර නොගන්නා බව.

ඒ වගේම අපි ආණ්ඩුවට කියනවා කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ගත් තීන්දුව ආපසු හැරවීම කිසිසේත්ම නොකළ යුතුයි කියලා. මොකද මේ පාලනය විසින් කෘෂිකර්මාන්තයට සහ ගොවි ජනතාවට අත්කර දී ඇති විනාශය හොඳටම ප්‍රමාණවත්.

විනාශකාරී ක්ෂද්‍ර ජීවීන් අපේ රටට ඇතුළුවීමෙන් අපේ රටේ ජෛව පද්ධතියම කඩාවැටීමකට භාජනය වෙන්න පුළුවන්. ඒ නිසා චීන තානාපති කාර්යාලයත් කින්ඩාවෝ සමාගමත් මේ කරන බලපෑම් නතර කළ යුතුයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

සුපිරි වටයේ පළමු ජය ඔස්ට්‍රේලියාවට… දකුණු අප්‍රිකාව පරදා කඩුලු 05කින් ජය ගනී…

Next Post

මේ නිදහස අවසානයේ ආරම්භය කරගන්න එපා! – විශේෂඥ වෛද්‍යවරු ඉල්ලති

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.