බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

සුපිරි වටයේ පළමු ජය ඔස්ට්‍රේලියාවට… දකුණු අප්‍රිකාව පරදා කඩුලු 05කින් ජය ගනී…

by editor
ඔක්තෝබර් 23, 2021
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ සුපරි වටය ආරම්භ කරමින් සුපිරි යටතේ පැවති මුල්ම තරගය වූ දකුණු අප්‍රිකාව හා ඔස්ට්‍රේලියාව අතර තරයෙන් ඔස්ට්‍රේලියාව කඩුලු 05ක විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර ගත්තේය.

අබුඩාබි හි අන්තර්ජාතික සයිඩ් ක්‍රීඩාංගනයේ දී ඇරඹි තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දීමට දකුණු අප්‍රිකාවට ආරාධනා කළේය.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් සාර්ථක පිතිකරණයක නිරත වූයේ ඒඩ්න් මක්‍රම් පමණි. ඔහු මිනිත්තු 74ක් කඩුල්ලේ රැඳී සිටිමින් පන්දු 36ක දී  ලකුණු 40ක් රැස් කළේය. ඊට හතරේ පහර 3ක් හා එක් හයේ පහරක් ඇතුළත් විය.

කගිසෝ රබාඩා ලකුණු 19ක්, ඩේවිඩ් මිලර් ලකුණු 16ක්, හෙන්රිච් ක්ලාසන් ලකුණු 13ක්,  ටොම්බා බවුමා ලකුණු 12ක් ලබා ගත්තේය.  දකුණු අප්‍රිකානු ඉනිම  පන්දු ඕවර 20 තුළ දී කඩුළු 09ක් දැවී ලකුණු 118කට සීමා විය.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ඔස්ට්‍රේලියානු පන්දු යවන්නෝ මැනවින් සිය කාර්යය ඉටු කළහ. පන්දු ඕවර හතරම යැවූ පන්දු යවන්නන් 05 දෙනා වූ මිචෙල් ස්ටාක් ලකුණු 32කට  කඩලු 04ක්, ග්ලෙන් මැක්ස්වෙල් ලකුණු 24කට කඩුල්ලක්, ජොස් හස්වුඩ් ලකුණු 19කට කඩුලු 02ක්, පැට් කුමින්ස් ලකුණු 17ට කඩුල්ලක්, ඇඩම් සම්පා ලකුණු 21කට කඩලු 02ක් දවා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ඔස්ට්‍රෙලියානු කණ්ඩායමේ  පළමු කඩුල්ල ලකුණු 4 දී බිඳවැටිනි.  ආරම්භක පිතිකරු නායක ආරොන් පින්ච් ලකුණු නොලබා කගිසෝ රබාඩාට ගොදුරු විය. දෙවන කඩුල්ල ලකුණු 20 දී බිඳ වැටිනි.  ආරම්භක පිතිකරු ඩේවිඩ් වොර්නර්   දැවී ගියේය. මිලේ මාර්ෂ්  තුන්වන කඩුල්ල ලෙස දැවී යද්දී ලකුණු පුවරුව ලකුණු 38 කි.  අනතුරුව ස්ටීවන් ස්මිත් හා ග්ලෙන් මැක්ස්වෙල් මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 80 තෙක් ඉහළ නැන්වූහ. ලකුණු 80 දී මිෂෙල් මාර්ෂ් ද,  ලකුණු 81 දී ග්ලෙන් මැක්ස්වෙල් ද දැවී ගියහ. ලකුණු 81 කඩුලු 05ක් සටහන් විය.

එහෙත් මාර්කස් ස්ටොනික් පන්දු 16ක දී ලකුණු 24ක් හා සහ කඩුලු රකින ක්‍රීඩක මැතිවු වේඩ් පන්දු 10ක දී ලකුණු 15ක් ලබාගෙන   ජයග්‍රාහී ඉලක්කය පන්දු ඕවර 19.4ක දී පසු කර ගියහ.   ඔස්ට්‍රේලියාවට කඩුලු 05ක ජයග්‍රහණයක් හිමි විය. තරගයේ වීරයා ලෙස ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ජොස් හසෙල්වුඩ් නම් කෙරිනි.

අඩු ලකුණු සංඛ්‍යාවක් හමුවේ වුවද දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කළහ.

මේ අතර සුපිරි වටයේ දෙවන තරගය ලෙස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා  එංගලන්ත කණ්ඩායම අතර තරගය තව ස්වල්ප වෙලාවකින් ඩුබායි හි දී ආරම්භ වීමට නියමිතය. කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායම මුලින්ම පන්දු රැකීමට තීරණය කර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද කොවිඩ් මරණ 19යි…

Next Post

අපේ ප්‍රශ්න විසඳගන්න ඕන චීන සමාගම් නොවේ… අපයි… චීනය මේ කරන බලපෑම නැවැත්විය යුතුයි! -අනුර කුමාර දිසානායක…

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.